අද කොත්තුව

728x150

අවුරුදු උත්සව වලට මාර තරගයක්

අපි කුඩාකාලයේ කඩේකින් කන්නේ කොහේහරි දුර බැහැරක ගොස් ගෙදරට කලට වෙලාවට  පැමිණ කන්න දෙයක් හදාගන්න  වෙලාවක් නැති දවසකය එහෙම කෑම  ගත්තෙත්  කඩය ගැන තිබෙන දැනීමක් ද ඇතිවය ගාල්ලේ GOHමාතර GOB කළුතර සල්ගාදු  මගේ මතකයේ තවමත් ඇති නම් කීපයකි එම කෑමවල ගෙදර කෑම සමග විශාල වෙනස්කමක් අපට දැනුනේනැත

එකට හේතුව අදමෙන්  හෝටල් වල විවිඩ  රසකාරක බාවිතා නොකිරීම එම  සමාන රසයේ රහස  බව මම විස්වාශ කරමි.

අද දවසේ අපේ ළමයින්ට උයන පිහන විදිය බලාගෙනම කෑම මිලදී ගත හැකිය ඒවාට කියනේ ඕපන් කිචන් කියලාය මේ තැන්වලින් කෑම ගන්නට ළමයින්ට ඇත්තේ මාර ආශාවකි මේවායේ  කෑම ජාතිවලට ඇත්තේ  ඉංගිරිසි නම්ය නැත්නම්  වෙනත් රටවල්වල නම්ය ඒක නිසා ඒවා ලෝකල්  කෑම නොව ඉම්පොර්ටඩ් කෑමය.ඒවාට දමන කලමනාත් ඉම්පොර්ටඩ්ය අපට රසකාරක එවන රටවල ඒවා මිනිස්සුන්ට තියා සත්තුන්ටවත් දෙන්නේනැත එතරම්ම ඒවා ඇගට අගුණය රසකාරක නොදැම්මොත් අපේ ළමයින්ට කෑමවල. මාර රස නැත ඒ එම රසකාරක විසින් අපේ දිව අපටත් හොරා රසකාරක සමාගම් වල ග්‍රහණයට නතුව ඇති නිසාය

අද සමහර ගෙවල් වල ලිපගිනි මෙලවෙන්නේ අවුරුද්දටම දවසක් නැත්නම් දෙකකි ඒ ජනවාරි පළවෙනිදා සහ සිංහල සහ හින්දු අවුරුද්දට කිරි උතුරවන්නටය තුන්වේලම  කඩෙන් කෑමට තම තමන්ගේ හැකියාව අනුව හෝටල් ආපනශාලා කඩ පෙට්ටිකඩ  ගස්යට පෝලිමේසිටින්නේ බොහොම ආඩම්බරයෙනි තුන් වේලම කඩෙන් කන මගේ මිත්‍රයෙක්ට කඩෙන් කෑමේ අදීනව කියන්නට ගොස් මාර ආර්ථික විද්‍යාත්මක විග්‍රහයක් කඩෙන් කෑම ගැන අහගන්නට මට සිදුවිය

ගෙදර උයාගෙන කන ඒක ආර්ථිකමය වශයෙන පාඩුයි එකක පිරිවැය ඉහල අගයක් ගන්නනවා කඩෙන් කනකොට පොදු කාර්ය පිරිවැයක්  ඇත්තේම නැහැ ප්‍රාග්ධන වියදමත් අඩුයි සමස්ථයක් විදියට කඩෙන් කෑම කන ඒක ප්‍රෝපිටබල් මට ඔහුගේ පිරිවැය ගණකාධිකරණ දැනීම  මහත්  ආඩම්බරයක්ද අපේ මායියා සමග.තර්කරන්නට නොදනිම පිලිබදව මට බලවත් කනස්සල්ලක්ඇත

මගේ මිත්‍රයාට ඇති දැනුම විශ්වවිද්‍යාලයක ආර්ථික ව්ද්‍යාව පිළිබද  පන්ති සාමාර්ථයක් සමග වරලත් ගනකාධිකරණ ආයතනයේ විබාග වලින් කොටසක්ද සමත් අපේ මයියාට නැත.කඩෙන් කෑම ගැන ඇයටඇත්තේ මාර විරෝධයකි ඇයට අනුව කඩෙන් කනවා කියන්නේමහා කාලකන්නි වැඩකි කොලස්ට්රෝල් ඩයබෙටික්ස් ප්‍රේසර් ආදී ලෙඩ දුක් හදාගෙන  ටොන් ගණන් බෙහෙත් බිල අකාලයේ මැරෙණ පොටකි. නෝනයි මමයි පුල් ඔප්සන් පුතාට ඩයබෙටික්ස් දුවට බ්ලඩ්ප්‍රේසර් දැන් බලන්න වාහනයක්. උනත්  ඔප්සන් වැඩිනම් වට්නාකමෙන් වැඩිනේ කාට වටින්නේ නැති උනත් අපේ වටිනකම හොදටම තේරුම් අරගත්තු පිරිසක්‌ අපේ රටේ ඉන්න ඒක මොනතරම් සතුටක්ද මට ලගදි ආරංචියක් ආව මේපාර අවුරුදු උත්සව වල හොදම රෝගියා තෝරන තරගෙට ස්පොන්සර් කරන්න ඉස්පෙසල්ස්ට්ලා  ප්‍රයිවෙට් ලැබ හොස්පිටල් ඔනර්සලා drugs කොම්පැනි පොරකනවලු.

මිත්‍රයාගේ ප්‍රොපිටබල් විගග්‍රහය අවසානයේ මා ඔහුගෙන් ඇසුවේ ගොන් ප්‍රශ්නයක් බව මට හිතුනෙ මිත්‍රයා ගේ මාර උත්තරයෙනි

 

 

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 11 posts in කොත්තුව category
Recommended for you
කටානේ සහ මීගමුවේ මනාප ජන්දයෙන් ගොඩගිය මැති ඇමති වරුන්ගේ අවධානය පිණිසයි

මේ ඔබ දකින්නේ  මීගමුවත් කටානත් වෙන්කරනු ලබන දෙපා ඇළමාර්ග යයි මෙම ඇළෙහි වැසිජලය ගලායාමට ඇතිවන...