අනතුරුවලට අතවනන ත්‍රිරෝද රථගාල්

ත්‍රිරෝදය අද අපේ රටේ ප්‍රදානතම මගී ප්‍රවාහනක්‍රමවලින් එකක් වී ඇත.එමනිසා තුන්රෝදයෙන් දිවිසරිකරගන්නා විශාල පිරිසක්ද ඇත. නගරයේ මෙන්ම ගමේද ත්‍රිරෝද රථ ගාලක් නැති හංදියක් නැති තරම්ය. මිපුරයේ තත්වය තවත් සංකීරණය ඒ එකම හංදියේ ත්‍රිරෝද සංගම් කීපයක් තිබීම නිසා හතරමන්හන්දියක හතර පැත්තේම රථගාල් තිබීමයි. සමහර හංදියකත්‍රිරෝද රථ නවතා ඇති අන්දම ව්මර්ශනය කිරීමේදී පෙනීයන්නේ ඒවා නවතාගෙන සිටින රියදුරන්ගේ මාර්ග නිතිරීති පිළිබද අල්ප දැනුමයි. බොහෝ ත්‍රිරෝද රථ පොලිසියේ ලියාපදිංචි කර අංකයක් ලබාදී ඇතත් එතනින් එහාට ඔවුන්ගේ කටයුතු පිළිබදව සොයාබැලීම සහ වැරදි නිවැරදි කිරීම සදහා වන  වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට   නැත.

නගරයේ මාර්ග නීති දැඩිලෙස උල්ලංගනය කරමින් ගමන් කරන ත්‍රිරෝද රථ පිලිබදව එතරම් අවධානයක් යොමුවන බවක් පෙනෙන්නටඇත්තේ නැත.ත්‍රිරෝද රථයක නීතියෙන් නියමකර ඇති උපරිම වේගය පැයකට කිලෝමීටර් 40 කි. එහෙත් නගරය මැද ගමන් කරන්නේද පැයකට කිලෝමීටර් 50 ක 60 ක වේගයෙනි.මේ අධික වේගයත් මාර්ග නීති උල්ලංගනයත් මර්ගතදබදය සහ අනතුරු වැඩිවීම සදහා ඍජු ලෙස බලපාන කරුනකි. එම නිසා පළමුව දැනුවත් කිරීමත් අනතුරුව නිතිය තදින් ක්‍රියාත්මක කිරීමත් පොලිසියේ වගකීමකි .
මෙහි පහත ජායාරූපවලින් දැක්වෙන්නේ මිගමුව නගර සිමාවේ හතරමං හංදියක මාර්ග නීති උල්ලංඝනය කරමින් පවත්වාගෙන යන ත්‍රිරෝද රථ ගාල්කිරීමකි.මෙම ගාල්කිරීම නිසාම මෙම හංදියේ රථවාහන අනතුරු බහුලව සිදුවන බව ප්‍රමුක පෙලේ රක්ෂණ සමාගම් තක්සේරු නිලධරින්ධ අදාල ආයතන වෙත දැනුම් දී ඇතත් නිසි පියවර තවමත් ගෙන නැත.මිගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තුමනි මේ ඔබේ අවධානය පිණිසයි.77වම් පැත්ත නොපෙනේ  වමට හැරවිමසදහා පාර මැදට වහනය ගැනීමට සිදුව ඇත.73වමට හැරවීමට ගොස් අසීරුතාවයට පත්ව සිටින යතුරුපැදියක ගමන්කරන කාන්තාවක්.76වමට හැරවීමට ගොස් අසීරුතාවයට පත්ව සිටින පාපැදියක ගමන්කරන පුද්ගලයකු.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 718 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කටාන පොලිසියේ කනේපහරට සාධාරණ පරීක්ෂණයක් ඉල්ලයි

කටානේ පොලිස් ස්ථානය තුලදී ස්ථානාධිපතිවරයාගේ පහරදීමට ලක්වූ බව කියමින් රෝහල් ගතව ප්‍රතිකාර ලබන පොලිස් නිලධාරීන්...