අන්තර් ජාතික මිනිස් ජාවාරම් කරුවන් සමග එකතුවී නවසීලන්තයට මුහුදින් යන්න රැගෙන ආ මඩකලපුවේ තරුණයන් අත්අඩංගුවට

ලක්ෂ ගණනින් මුදල් අයකරමින්   අන්තර් ජාතික මිනිස් ජාවාරම් කරුවන් සමග එකතුවී   නවසීලන්තයට නීතිවිරෝධි ලෙස මුහුදු මගින් යැවීමට  සුදානම්කර  සිටි  16 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මිගමුව නිතිය බලගැන්වීමේ කොට්ටසය නාවික හමුදාවේද සහාය ඇතිව අද අලුයම් කාලයේදී මිගමුව මංකුලිය නැංගුරන්  තොටුපල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පිරසට අවුරුදු  18 ත් 20 ත් අතර මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ දමිල තරුණයන් 14දෙනෙක් සහ වැල්ලවායේ  සහ මඩකලපුවේ පදිංචි  සිංහල ජාතිකයන් දෙදෙනෙකුද වේ.මෙවැනි මිනිස් ජාවාරම් පිලිබදව සැකපිට සොයමින් සිටිඅංක 120 මංකුලිය මිගමුව ලිපිනයේ පදංචි  තිත්තල පිටිගේ දිනේස් කුමාර් පිරිස් (38)යන අයද මෙම පිරිස සමග විදේශ ගතවීමට සුදානම් ව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

දීර්ග ලෙස ප්‍රස්නකිරිමේදී අනාවරණය වීඇති කරුණු අනුව     මීගමුවේ තවත් පුද්ගලයකු සමග එකතුවී දිනේස් මෙම ගමන සංවිධානය කර ඇත. මීගමුවේ පුද්ගලයා අතුරු දහන් ව ඇති අතර ඔහු අත් අඩංගුවට ගැනීම සදහා පොලිස් පරීක්ෂණ සිදුකරයි.

මෙම ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇති තොරතුරු වලට අනුව මංකුලිය සිට කුඩා බෝට්ටුවෙන් ගැබුරු මුහුදට ගොස් කල්පිටියේ සිට පැමිණෙන බහු දින යාත්‍රාවකට නැන්විමටත් ජ්‍යාතන්තර මුහුදේදී බහුදින යාත්‍රාවෙන් නැවකට නැන්විමටත්  සැලසුම් කර තිබී ඇත.

එක් අයෙකු ගෙන් නවසීලන්තය වෙත යාමසදහා ලක්ෂ අටක මුදලක් අයකිරිමට එකගවී ඇති අතර ලක්ෂයේ සිට එක්ලක්ෂ හැටදහස දක්වා මුදලක් අත්තිකාරම් වසයෙන් ලබාගෙන ඇත.ඉතිරි මුදල මුහුදු ගමන අතරමගදී ගෙවිය යුතුය. මෙතොර තුරු අනුව මෙය ජ්‍යාතන්තර මිනිස් ජාවාරම් ජාලයක් විසින් කරනු ලබන්නක් යැයිපොලිසිය සැක පල කරයි.

මෙමපිරිසට අමතරව මඩකලපුවේ සිට මෙම පුද්ගලයන් ප්‍රවාහනය කල වෑන්රථය සහ එහි රියදුරුද   කුඩා බෝට්ටු දෙකක් සහ බෝට්ටු පදවන්නන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.

විමර්ශන වලින් අනතුරුව මෙම සැකකකරුවන් සහ නඩු භාණ්ඩ අධිකරණ ක්‍රියාමාර්ග සදහා මිගමුව මුලස්ථානපොලිසිය  වෙත භාරදීමට නියමිතයි.

මිගමුව කොට්ටාසයේ බුද්ධි අංශයට ලැබුණු තොරතරු  අනුව මිගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියලාල් දසනායක මහතා විසින් සැලසුම් කල මෙම මෙහෙයුම සහකාර පොලිස් අධිකාරී ලලත් රෝහණ ගමගේ මහතා ගේ අධීක්ෂණය යටතේ නිතිය බලගැන්වීමේ කොට්ටාශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ගිහාන් මනෝහර මහතා විසින් මෙහෙයවා ඇත.

 

නිතිය බලගැන්වීමේ කොට්ටාශයයේ සැරයන් වරුන් වන ඒ .එම්.රාහුෆ්, එච්.එම.චන්දන,  ඩි පෙරේරාත්  අමල්, චමත්,ජයසිංහ , යන පොලිස් කොස්තාපල්වරුන් ද පරීක්ෂණ කණ්ඩායමේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කළේය

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 686 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
දෙමවුපියන් නැති දරු තිදෙනාට කටාන පොලිසියෙන් නිවසක්- ඔබටත් සම්මාදම් වීමට ඉඩක්

දෙමවුපියන් නොමැති අනාරක්ෂිත නිවසක ජිවත්වන එකම පවුලේ   දරුවන් තිදෙනෙකුට කටාන පොලිසියේ මැදිහත් වීමෙන්   අංගසම්පුර්ණ නිවසක්...



150x728


150x728