අපි කටානේ වැසිකිලි යන්නෙ කැලෑවේ

728x150

විමධ්‍යගත අරමුදල් මගින් කරනු ලබන සියළු ව්‍යපෘති වල මුදල්වල අයිතිකරුවන් රටේ ජනතාවයි .ඒවා දෙසපාලකයන්ගේ පුද්ගලික මුදල්නොවේ. දේශපාලකයා ජනතාවට අයත් මුදලින් කරන පොදු හෝ පුද්ගලිකව ලබාදෙන සේවයට හිලවු ලෙස ජනතාව දේසපලකයන්ගේ වහලුන් හෝ අතකොලු නොවියයුතුයි .

 රජිත හපුආරච්චි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී වරයා මෙම අදහස් පලකලේ වසර ගනනාවක් විවිඩ දේසපලකයන් විසින් මැතිවරණ වලදී පොරොන්දු වලින් රවටා ගෙන සිටි කටාන හරිස්චන්ද්‍රපුර ගම්වැසියන්ගේ නිවාස හතළිහක් සදහා වැසිකිලි සකස් කරදීමේ වැඩ පිළිවෙල අරබමින් ප්‍රතිලාභීන් සදහා වැසිකිලි වළවල් වලට අවශ්‍ය  කොන්ක්‍රීට් සීලින්ඩර් බාරදීමට කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිනි අවස්තාවේදී එහි සිටි මාධ්‍ය වේදීන් අමතමිනි.

1972 දී පර්චස් 40 බැගින් වන බිම් කොටසකට පදංචියට පැමිණ ඇත්තේ එක පවුලකි. අද වනවිට අවම වසයෙන් ඒක බිම් කොටසක පවුල් හතරක් වාසය කරති.පොල් කැඩීම් කුලියට වැඩකිරීම වැනි අස්තිර රැකියාවලින් ජීවිතය  යන්තමින් ගැටගසා ගන්නා මේ මිනිසුන්ගේ ජිවිත අනේකවිද ගැටලුවලින් පිරි ඇත බොහෝ නිවාස වර්ග අඩි සියක පමණ තනි කාමරයකි. එයද ලෑලි ගසා වහලට තහඩු යොදා ඇත.සෑදෑ අදුරේ හෝ හිමිදිරියේ අකුලකට ගොස් සරිරකෘත්ය කිරිම හෝ ඉවසීමෙන් සිට පෝලිම අඩුවු පසු කාගේ හෝ වැසිකිලියකට යනවා මිස මේ මිනිසුන් ජලමුද්‍රිත ස්ථිර වැසිකිලියක් තනාගැනීම ගැන සිතන්නේවත් නැත එසේ කරගත හැකිනම් ඔව්න් වැසිකිලියකට පෙර යමක් කමක් තේරෙන දැරුවන්ට වෙනම නිදාගන්නටකාමරයක් අටවාගන්නවා ඇත._DSC0222

  රජිත හපුආරච්චි පළාත් සභා මන්ත්‍රීවරයාට මෙම කාර්ය සදහා බස්නාහිර පළාත්සභාවේ සුව අමාත්‍යාංශය ලක්ෂ පහක ප්‍රතිපාදන ලබාදී ඇත. එම මුදලින් කලහැක්කේ සිලින්ඩර ලබාදිම පමනි. වැසිකිලියේ ගොඩනැගිල්ල සාදා දීමට කොලබ මධ්‍යම රොටරි සමාජය ඔහුගේ ඉල්ලීමට අනුව ඉදිරිපත්ව ඇත. ඒසදහා රොටරි සමාජය රුපියල් පහළොස් ලක්ෂයක් පමණවැය කරයි.

 මන්ත්‍රීවරයා සමග අප හරිස්චන්ද්‍ර පුර  සැබැතත්වය දැකගැනීමේ නිරීක්ෂණ චාරිකාවකටද එක්විය.නිවාස පනස්හතක දෙසියපනස්හයදෙනෙකු සදහා තිබුනේ වැසිකිලි  දහහතකි මේවාද විවිඩ අඩුපාඩු සහිතය.මේඅනුව එක වැසිකිලියක් පහළොස් දෙනෙකු පාවිචි කරයි.

 වැසිකිලි ගැටලුවට අතිරේකව බොහෝ ගැටළු මේ මිනිසුන්ට ඇත. පානීය ජලය අවම ඉඩපහසුකම්වත් නැති නිවාස, නූගත්කම.මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම අඩුවයස් විවාහ සහ ගැබ්ගැනීම් ඒවා අතර ප්‍රදාන බව අප සමග කතාකළ මවුවරුන්ගේ ප්‍රකශ වලින් පැහැදිලි විය

ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ ගමේ ජනතාවට සේවය කිරීමට විවිඩ තනතුරු දරන නිලදාරීන් විශාල පිරිසක් ඇත. ඔවුන් වැරදීමකින්වත් මේ ගමට කාලයකින් පැමිණ නැත.ඔවුන් තමන්ගේ යුතුකම ඉටුකර නැත ගමනැගුම දිවිනගුම  සුවසවිය  ජනසුවය  පුරනැගුම තබා දින100ටවත් මේ ගම මතක් වී නැත._DSC0223

හරිචන්ද්‍ර පුරයෙන් සමුගනිමට පෙර අප මාධ්‍ය මිතුරකුගේ ප්‍රකාශයකට රජිත හපුආරචි තරුණ පළාත් සභාමන්ත්‍රී වරයා දුන් පිළිතුරකින් මෙම ලිපිය අවසන් කලයුතුය`මම සාමාන්‍ය අලුත් පළාත් සභා මන්ත්‍රීවරයෙක් මට පුළුවන් දේ මමමේ මිනිසුන්වෙනුවෙන් කරනවා.මාධ්‍යයෙන් හරිස්චන්ද්‍ර පුර  සැබැ තත්වය ප්‍රදේශයේ සිටින මැතිඇමති වරුන් දැකල මේ මිනිසුන්ගේ ගැටළු විසදීමට ඔවුන්මැදිහත් උනොත් ඔබේ මාධ්‍ය මෙහෙවර සාර්ථකයි.“එය එසේ වේදැයි අපි බලාසිටිමු.

.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 135 posts in වෙනත් category
Recommended for you
සුනිල් නිර්මලා නටන්න ජපන් යයි

ප්‍රවීණ නර්තන ආචාර්ය සුනිල් තල්ගහගොඩ සමග 38 දෙනෙකුගෙන් සමන්විත නර්තන කණ්ඩායමක් පසුගිය 19 දින ජපානය...