අමන චුන් ගත්ත චුන්පාන් අප්‍රේල් හයවනදා දක්වා රිමාන්ඩ්

0
6

චුන් පාන්  වෙළදාමේ යන අතරතුර හිතවත් කරගත් 13 හැවරිදි දැරිවියක දුෂණය කලබවට සැකපිට අත්අඩංගුවට ගත් 21 හැවරදි තරුණයෙකු සහ එම දැරිවියට ලිංගික අතවර කිරීමට තැත්කළ 18 හැවරදි තරුණයෙකු අප්‍රේල් මස හයවන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝගකළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණේ දුෂණය සම්බන්දයෙන් සැකපිට අත්අඩංගුවට පත්වූ වැලිමඩ පදිංචිකරුවකු වන මලිත ඉරේෂ් අමරසිංහ (21)සහ ලිංගික අතවර කිරීමට තැත්කළ මීගමුවේ රාජපක්‍ෂ උද්‍යානය අසල ගෙස්ට් හවුසියක සේවකයෙකුවන බණ්ඩාරවෙල පදිංචි ඉසංක ප්‍රභාත් (18 ) යන අයයි .

දෙමවුපියන් විසින් තම දියණිය රාත්‍රියේ නිවසින් අතුරු දහන්ව ඇතිබවට මිගමුව පොලිසියට කරනලද පැමිණිල්ලකට අනුව කරණ ලද පරීක්ෂණයේදී  අනාවරණයවී  ඇති කරුණු අනුව මෙහි ප්‍රධාන සැකකරු වන චුන් පාන්  වෙළෙන්දා දැරිය සමග බොරු හිතවත් කමක් ඇතිකරගෙන දෙමවුපියන්ට හොරෙන්  මිගමුව වෙරළ උද්‍යානයේ පාලු තැනකට ගෙනගොස් දුෂණය කර ඇත.

මේ සිද්ධිය දැනගත් ගෙස්ට් හවුස් සේවකයා නිවසින් හොරා පැන එනලෙස දන්වා ඇයව  නවාතැන් පොලට කැදවා ගෙන ගොස් ඇත

පොලිසිය විසින් දැරිය සහ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව දැරිය අධිකරණ වෛද්‍ය වරයාවෙත ඉදිරි පත්කර ඇති අතර දැරිය දුෂණයට ලක්විඇතිබවත් අතවරය සිදුකර ඇත්තේ චුන්පාන් නමැති සැකකරු විසින් බවද අනාවරණය විඇත.

මිගමුව මුලස්ථාන පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සමන් තිලක වැලිවිට මහතාගේ අධීක්ෂණයෙන්  ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ආර් ඩි එම් සිරිල් මහතාගේ මෙහෙයවීමෙන් මිගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්ය අංශයේ  ස්ථානාධිපතිනි උපපොලිස් පරීක්‍ෂක ලක්මාලි මහත්මිය සමග සැරයන් ඒකනායක (34702)යන නිලධාරීන් ව්මර්ශණ සිදුකර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here