අරක්කුවලට තරුණයන් යොමුකිරීම ලාංකිකයා වදකිරීමේ පහසු මගයි

728x150

මේ පාර සිංහල අවුරුද්දට මරු නිවාඩුවක් වැටිලා  දවස් පහක් එක දිගට නිවාඩු මාර පන්එකක් ගන්න පුළුවන් වැඩේ දවස් දෙකක් වහල ඒක නිසා සැන්ඩි බොටල් චිකන් ස්ටොක් එකක් ගන්න ඕන. මේ දවස්වල ආර්ථිකෙත් හොදමදි වියදමත් සැරයි.හොද වේලාවට වැටී වැඩි කීරිල්ල කල් දෑම්මේ නැත්නම් බොටල් එකකට ටු හන්රඩ් ගානේ වැඩි වුනත් ටෙන් බොටල් ගත්තත් ටු තවුසන් වැඩි වෙනවා. මම නම් බියර් කෙස් එකක් ගන්න ආවේ අපේ ඔස්ට්‍රේලියාවේ ඉස්ටඩි කරන ඩෝටර් වැකේසන් ආව එයාගෙ පරණ යාලුවෝ අද ඩිනර් එකට එනව කෙල්ලෝ ටිකට කුල් බියර් ඕනෑමයි කියල. දුව එනකොට ඩියුටි ප්‍රී බ්ලුලේබල් ගෙනාව මගේ ලිකර් බජට් එකම ඉතුරුයි. ගිය අවුරුද්දේ ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් අරගෙන ඔපිස් එකෙන් ලෝන් එකක් අරගෙන් සෙටල් කලා.එකේ ලාස්ට් පෙයිමන්ට් එක මේ මාසේ සැලරි එකෙන් අඩු කලේ.බලන්නකො පැය බාගයකට වැඩිය හිටගෙන තව පැය බාගයක් වත් යයි ලිකර් කවුන්ටරය ලගට යන්න.මෙ දෙබස ඇසුනේ සුපිරි වෙළද සලක දිය.

අපි කුඩා කාලයේ කෙල්ලන් තියා කොල්ලන් වත් අවුරැද්දට මත් වතුර බීවේ නැත. 1977 ට පෙර ගාල්ලෙන් පසු තැබෑරුමක් තිබුනේ දෙනියායේය තැබෑරුම් දෙක අතර දුර සැතපුම් පනස් දෙකකි.77 දර්මිස්ට සංකල්පයෙන් තැබෑරුම්ක්ද මානුෂිය මුහුණුවරින් තැබරුමක්ද අකුරැස්ස නගරයට පමණක් ලැබුණු අතර අනෙකුත් උපනගර වලටද තැබෑරුමක් හෝ බියර් ෂොප් එකක් ලැබුණි.

අපි කුඩා කල අවුරුදට ගෙවල් වල සුදානම පටන් ගන්නේ මාර්තු මාසයේ අග සිටය හුණු බුරුසුවක් නිල් පැකට් කීපයක් සහ ලුනු රාත්තල් දෙක තුනක් සමග මාටින් බාස් පැමිනෙන්නේ ගෙදර හුණු පිරියම් කිරීමටය හුබස් මැටියෙන් කැඩුණු ලිප් බොක්ක සහ ලිප්ද අම්මා මාටින් බාස් ලවා සාදවා ගනී

නොනගතයට පෙර උයාපිහා ලිප සුද්දකල පසු  නැවත ලිප ගිනි මොලවන්නේ අම්මා විසිනි කිරිබත ලිපතබා මුට්ටිය වටේ අතගා මුට්ටියට වැදීම කරනුයේ ජීවත්වීමට ගන්නා ආහාරයට ගරු කිරිමටය නොනගතය වෙලාවේ පන්සලට ගොස්  පැමිණ  ආහාර අනුභවයට වෙලාව එනතෙක් අපි කට්ටියම එකතුවී පංචි දැමීම හෝ කල්ලි ගැහීම හෝ කොටු පැනීම වැනි ක්‍රීඩාවක් කරයි.  ආහාර අනුබවයේදී තාත්ත විසින් අම්මාටත් අපටත් සුබ දිසාව බලා කිරිබත් කවයි. කෑමෙන් පසු බුලත් දී අම්මා තාත්තාට වදින අතර අපි හැමෝම  අම්මාට සහ තාත්තට වදී .ඉන් පසු පාඩම් පොත් අරගෙන පාඩම් කර අපිද වැඩ අල්ලනවා. ඒ අපේ කාලයේය

අද කාලයේ චාරිත්‍ර කරන්නේ කරන්නන් වාලේය.නැත්නම් ෆොටෝ ගසා පේස්බුක් දමන්නටය.අම්මා ලිපගිනි මොලවනවා ළමයි දන්නෙවත් නැත සමහරු ටැබ් ඒක ද සමහරු පෝන් ඒකද සමගය තාත්තාට අම්මාට උදවු වෙන්නට වෙලාවක් නැත. මත්වතුර සංග්‍රහයට වෙහෙසෙනවාය. පංච දැමීම කල්ලි ගැසීමට වඩා පරිගණක ක්‍රීඩා හොදය අරවා කණ්ඩායම් ක්‍රිඩාය එම ක්‍රීඩා වලින් එකමුතුකම ගොඩනැගී සමගිය ඇතිවීම නව පරපුරට වලංගු නැත.තරුණ පරපුර මතින් මුදා ගැනීම ගැන මෙන්ම ජාතියේ වර්දනයේ පහල වැටීම පිලිබදවද චෝදනාවකි.මතට තිත තිතට මත විය කර්යසාදක බලකාය කරනාදේවල් වලින් මත්වතුර ඇලවියේ අඩුවීමක් පෙනෙන්නට නැත.මේ තාලයට අරක්කුවලට බීරවලට  තරුණ පරපුර ඇබ්බැහිවීම ලංකිකයන් වැඩි කලක් නොගොස් වද කළහැකි පහසුම විදිය බව අවබෝද වනවිට ප්‍රමාද වැඩිය.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 60 posts in අධ්‍යාපණික category
Recommended for you
හෙට සවස ජිවිතයේ සුන්දර සන්ධ්‍යාවක් කරගන්න කැමති අයට පමණයි

අග්නි ඔපෙරාව ඇතුළු ප්‍රේමසිරි කේමදාසයන්ගේ ඔපෙරා සදහා ගායනයෙන් සහාය ලබාදෙමින් ලාංකීය ඔපෙරා කලාව සදහා කැපවීමකින්...