මීගමුවේ කුරනදී අවිගත් පාතාල කල්ලියක් සහ STF ගැටෙයි…

මීගමුව සිට කොළබ දෙසට ගමන් කල ආයුධ සන්නද්ද පාතාල කල්ලියක් ලුහුබැඳ ගිය විශේෂ කාර්ය බලකායසහ පාතාල  කල්ලිය අතර මීගමුව කුරණ Grandeeza හෝටලය අසලදී වෙඩි හුවමාරුවක් සිදුව ඇත. සන්නද්ද කල්ලිය විසින් වෙඩි තැබීම ආරම්භ කර ඇති අතර, විශේෂ කාර්ය බලකාය ඊට ප්‍රති පහාර එල්ල කර  ඇත.මෙහිදී

පාතාල කල්ලිය ගමන් කල  වෑන්  රථය පාලනය කරගැනීමට නොහැකි වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයෙන් ඉවතට ගොස් අසල තිබු කාණුවක වැටී නතර වී ඇති අතර විශේෂ කාර්ය බලකාය ගමන්කළ ජීප්රියද  පාරෙන් ඉවතට පැන ඇත.      .

විශේෂ කාර්ය බලකායේ වෙඩි තැබීම නිසා පාතාල කල්ලියේ සාමාජිකයන් දෙදෙනෙකුට තුවාල ලබා ඇතිබව දැනගන්නට  ලැබුණු අතර  විශේෂ කාර්ය බලකායේ කිසිවෙකුට වෙඩි තැබීම්වලින් හානි සිදුවී  වී නොමැත.

තුවාල ලැබූ පාතාල සාමාජිකයින් දෙදෙනා ඇතුළුව  පාතාල සාමාජිකයන් 04 දෙනෙකු පොලිස් බාරයට ගෙන ඇති අතර, ඔවුන් පැමිණි ඩොල්ෆින් වාන් රථය හා T56 ගිනි අවිඇතුළු ආයුධ ද පොලිස් භාරයට ගෙන ඇත. මිගමුව  මේවන විටජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී අනුර සේනාරත්න ද සිල්වා මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට පැමිණ ඇති අතර වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ..

 

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 694 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
මිගමුව රෝහලට – ජීවන්ත ගෙන් කොට්ට

මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ නේවාසික රෝගීන්ගේ ප්‍රයෝජනය සදහා කොට්ට පරිත්‍යාග කිරීමක් සිදුවිය. උසස්ම ප්‍රමිතියක් ඇති මෙම...



150x728


150x728