ආසියානු සංවරධන බැංකුව ලබාදුන් ලක්ෂ 290 වක් වැයකර කුරණ ශාන්ත අනා පාරට මදුරු තවාන් පද්දතියක්

728x150

 2011වසරේ ආසියානු සංවරධන බැංකුවේ මිලයන29 ක  ආධාර  ඇතිව  ඉදිකරන ලද කුරණ ශාන්ත ආනා  පාරේ ස්ථාන කිහිපයකි මේවනවිට පවතින වියලි කාලගුණය යටතේද මෙම කාණුවල ගැබුරින්  අඩකට වඩා ජලයෙන් පිරී පවතින අතර අධිකලෙස මදුරු පිලා දැකගත හැකිය.

දැඩි වියලි කාලගුණයක් සති ගණනක් පුරා පැවතියත් මෙම කානු වල ජලය සිදී නොයන්නේ නිවැසියන්ට අපවිත්‍ර ජලය අතිවිශාල වශයෙන් පරිසර නීති උල්ලංඝණය කරමින්  මාර්ගය දෙපස කාණුවලට මුදා හැරීමට ඉඩදී තිබීමත්  සකස් කර ඇති කාණු ක්‍රමවත් ලෙස  ජලය බැසයන ලෙස සකස් නොකර තිබීමත් බව ඕනෑම කෙනෙකුට පහසුවෙන් නිරීක්‍ෂණය කලහැකිය.

මෙම කාණුවල ජලය පීරීපැවතීම නිසා  මදුරු ගණත්වය සීග්‍රයෙන් ඉහළයාමත් එමගින් මදුරුවන් මගින් බෝවන ඩෙංගු වැනි මාරාන්තික රෝග ව්‍යාප්තිය වේගවත් වීමත් සිදුවනබව  ඉතාමත් පැහැදිලි කරුණකි මෙම සරල කරුණ අපවිත්‍ර ජලය අනවසරයෙන් කාණුවලට  මුදාහරින ජනතාව තේරුම් නොගැනීමකනගාටුවට කරුණකි. එමෙන්ම  බරපතල සෞඛ්‍ය ගැටළු ඇතිකරන  මෙවැනි කටයුතු වැළැක්වීම සදහා සිටින නිලධාරීන් ඇස්කන් වසාගෙන සිටීම හාස්‍යජනකය .ජන්ද කාලයට පමණක් කප්පරක් පොරොන්දු දෙමින්  ජන්දය ලබාගෙන එහි වරප්‍රසාද පමණක් බුක්තිති විදින  දේශපාලකයන්  මෙවැනි සංවේදී කරුණු පිලිබදව දැක්කා නොදැක්කා ලෙස කටයුතු කරයි.

(ග්‍රීන්ස් පාර )

මෙම ගැටලුව සදහා දීර්ග කාලින  ප්‍රයෝගික විසදුමක් සෙවීම  වගකිවයුතු සියලු පාර්ශව වල යුතුකමකි . මදුරුවන් බෝවීම වැළැක්වීම හදිසි සහ ප්‍රමුක කාර්යකි  ඒසදහා ජලය රැදී තිබීම වැළැක්විය යුතුය.නගරයේ සකස්කර ඇති කාණුවලින් වැඩි ප්‍රමාණයක තත්වයද මේහා සමානය.

(බස්නැවතුම්පොළ අසල )

එමනිසා කාණුවලට අනවසරයෙන් අපවිත්‍ර ජලය මුදා හරින්නන් ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීම අදාල බලධාරීන්ගේ වගකීමකි.එමෙන්ම කානු සකස්කිරීමේදී සිදුකර ඇති වැරදි නිසා ජලය බැසනොගොස් ජලය එක්රැස් වන ස්ථානවල ජලය පොලවට උරාගැනීම සදහා කාණුවල පතුලේ සිදුරු ඇතිකිරීම වැනි ප්‍රයෝගික  විසදුමක් ද කඩිනමින් ක්‍රියාත්මක කළයුතුව ඇත.

මිගමුව මහනගරසභාවේ  නාගරික කොමසාරිස්   සෞඛ්‍ය නිලධාරීන් ඉන්ජිනේරුව ඇතුළු බලධාරීන්ගේ අවධානය පිණිසය

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 534 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
මිගමුව බස්නැවතුම් පොළ වටා කාණුවල අපජලය පිරිලා දුර්ගන්ධයෙන් සහ මැසි මදුරුවන්ගෙන් මගී ජනතාවට දැඩි පීඩා

මේ මිගමුව බස්  නැවතුම් පොළ පිටුපස ඇති කඩපෙලයි මෙය අයත් වන්නේ මිගමුව නගර සභාවට වන...