ඇතැම් කුඩා පක්ෂ මහින්ද රාජපක්ෂ මහතාගේ ජන වරම වෙන්දේසි කරමින් සිටිනවා…… – සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ

අමිල මාවතේ ජනතාවට ජලය ලබා දීමඇතැම් කුඩා පක්ෂ මහින්ද රාජපක්ෂ මහතාගේ ජනවරම වෙන්දේසි කරමින් සිටින බව නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.ඇය මේ බව ප්‍රකාශ කළේ කටාන ආසනයේ රද්දොළුව ගල්ල ප්‍රදේශයේ ඉදි කළ නව ප්‍රජාශාලාව සහ සේවා පියස විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි.(2016.07.23)

පසුගිය ජනාධිපතිවරණයේ දී තමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ බවත් ඒ අවස්ථාවේ දී එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු නොකළ ඇතැම් ප්‍රාදේශීය නියෝජිතයින් සංවිධායකකම් සහ මන්ත්‍රීධුර වැනි ප්‍රතිලාභ ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ඔහුගේ ජනවරම යොදා ගැනීමට උත්සහ කරන බව පෙන්වා දුන්නාය.

මෙරට ආණ්ඩු බලය ලබා ගත හැකි ප්‍රධාන බලවේග දෙක වන්නේ ශ්‍රි.ල.නි.ප සහ එ.ජා.ප යයි.පසුගිය මහ මැතිවරණයේ දී මේ පක්ෂ දෙකටම තනි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනතාව බලය ලබා දුන්නේ නැත.එම නිසා ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක නව දේශපාලන සම්ප්‍රදායක් ඇති කරමින් පාලන බලය ගෙන යාම ශ්‍රී ලාංකිකයින් වන අපට මෙන්ම ලෝකයට ද අලුත් අත්දැකීමකි.

මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වසර 13ක් මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ අතර පක්ෂයේ සිටින ජ්‍යෙෂ්ඨතම නායකයෙකි.පක්ෂ ව්‍යවස්ථාව අනුව පක්ෂ සාමාජිකයෙකු ජනාධිපති ධූරයට පත්වූවහොත් සභාපති ධුරය පිරි නැමීම සිදුවේ.ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හට සභාපති පදවිය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් බාරදෙනු ලැබුවා.ඒ අනුව එතුමාගේ නායකත්වය යටතේ කටයුතු කරනවා මිස වෙනත් දේශපාලන පක්ෂ වල වුවමනාවන් මත ශ්‍රී.ල.නි.ප පාක්ෂිකයන් කටයුතු නොකළ යුතුයි.

බන්ඩාරණායක මැතිතුමා ආරම්භ කළ මෙම දේශපාලන පක්ෂයට සිරිමාවෝ මැතිණිය,චන්ද්‍රිකා මැතිණිය මෙන්ම මහින්ද රාජපක්ෂ මහතා ද විශාල මෙහෙවරක් ඉටු කර ඇත.මෙරට යුද්ධය නිමා කිරීමේ ගෞරවය මහින්ද රාජපක්ෂ මැතිතුමාට එතුමාට හිමි වන අතර පශ්චාත් යුධ සමයේ ජාතීන් අතර සහජීවනය සහ රටේ සංවර්ධනය ඇති කිරීමට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට හැකියාව ඇත.ඒ අනුව ලෝක ප්‍රජාවගේ අවධානය අප රට කෙරෙහි ඇති කර ගැනීමට එතුමා සමත් වී ඇත.

දේශපාලන බලය පමණක් ලබා ගැනීමේ උත්සාහය ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන අතර රටේ සංවර්ධනය ග්‍රාමීය මට්ටම දක්වා යොමුකරමින් ඔවුන්ට සේවා සැපයීමට දේශපාලඥයින්  කටයුතු කළ යුතුය.

එළඹෙන පලාත් පාලන මැතිවරණයේ දී ගමේ ජනතාව සමඟ කටයුතු කරන අපේක්ෂකයන් ජයග්‍රහණය කරවීම තුලින් ප්‍රදේශයේ ඇති ගැටළු හඳුනා ගැනීමටත්,ඒවාට විසඳුම් කඩිනමින් ලබා දීමටත් හැකියාව තිබෙන බව පෙන්වා දුන් සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කර ඉදිරියට ගෙන යාමට ග්‍රාමීය නායකයින් කටයුතු කළ යුතු බවත් තමාද ඒ වෙනුවෙන් කැපවී කටයුතු කරන බව පෙන්වා දුන්නාය.

මෙම අවස්ථාවට බස්නාහිර පලාත් අමාත්‍ය ලලිත් වනිගරත්න මහතා ද එක් වූ අතර රද්දොළුව,ගල්ල මෙම ප්‍රජාශාලාව විවෘත කිරීමට අමතරව බම්බුකුලිය කුමුදු පටුමගට විදුලිය ලබා දීම සහ කේ.සී.ද සිල්වාපුරය අමිල මාවතේ ජනතාවට පානීය ජල පහසුකම් ලබා දීමට අදාලව ඉල්ලුම් පත්‍ර බෙදා දීම ද මෙදින සිදු විය.

සුමිත් කාරියවසම්,

 

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 135 posts in දේශපාලනය category
Recommended for you
අක්කර පනහ එන්ජල්ස් ප්‍රජාමූයේ ලොක්කන්ගේ නෝන්ජල් වැඩ

කම්කරු නීතිරීති උල්ලංඝනය කරමින් කටයුතු කල අක්කර පනහ එන්ජල්ස් ප්‍රජමුල සංවිධානයේ නිලධාරීන්ට මෙම මස 29...