උඩන් ගාවේ අනාරක්ෂිත වැලි මැටි වලක් තවත් පාසැල් සිසුන්දෙදෙනෙක් බිලිගනී

man_face_traugikeit_214463වැලි මැටි  ලබාගැනීම සදහා කපන ලද අනාරක්ෂිත  වලක  දියනෑමට ගිය පාසල් දරුවන්  දෙදෙනෙකු දියේ ගිලි  මිය යාමේ ශෝක ජනක පුවතක් කොචිචිකඩේ පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තාවිය.

  අද සවස තෝප්පුව දෙමල විදුහලේ දරුවන් පිරිසක් උඩන් ගාව ප්‍රදේශයේ පිහිටි  මැටිවලක් ආසන්නයේ ඇති පිට්ටේනියක  සෙල්ලම් කරමින් සිට ඇති අතර  එම ළමයින්ගෙන් තිදෙනෙක්  මැටිවලේ දිය නෑම සදහා ගොස් ඇත.ඉන් දෙදෙනෙකු  දියේ ගිලීමෙන් මරණයට පත්වී  ඇත.

මෙසේ මියගොස් ඇත්තේ  උඩන් ගාව කොචිචිකඩේ පදිංචිව සිටි  රංජිත් කුමාර දිනුස් සහ ඔත්බෙරියේ පදිංචිව සිටි රාම ක්‍රිස්නන් ප්‍රියදර්ශන යන පාසැල් දරුවන්ය තොප්පුවේ පදිංච්ච සිටින සිනෙර ක්‍රිස්න නමැති දරුවා මිගමුව මහා රෝහලේ  ප්‍රතිකාර ලබමින් පසුවේ  මෙ දරුවන් වයස 13 සහ 14 වයසේ  පාසැලේ 5 සහ 6 වසරේ ඉගෙනුම ලබන  දරුවන්ය.විවිධ බලවතුන්ගේ ආධාර උපකාර ඇතිව ගැබුරු වලවල් හැරෙන පරිදි සිදුකරන මහාපරිමාණ වලවල් කපා වැලිමැටි ව්කිනිමේ ජාවාරම නිසා අතිවිශාල  පරිසර  හානියක්  මෙන්ම පාසැල්  දරුවන්ගේ  ජිවිතහානිසිදුවන පුවත් ද  පසුගිය කාලය තුල නිතර අසන්නට  ලැබූනි.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 690 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
මිගමුව රෝහලේ මාධ්‍ය වාරණයක්

ඊයේ  දහවල් පෙරියමුල්ලේ සිදුවූ අනතුරින්  රෝහල කරා රෝගීන් රැගෙන එමසහ එම හදිසි තත්වයට මුහුණදීම සදහා...



150x728


150x728