එජා මානව හිමිකම් කවුන්සිලය ‘පක්ෂග්‍රාහී’ වූ බවට අමෙරිකාවෙන් චෝදනා

0
8

එජා මානව හිමිකම් කවුන්සිලය ‘පක්ෂග්‍රාහී’ වූ බවට අමෙරිකාවෙන් චෝදනා

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපතිනි නිකී හේලිඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපතිනි නිකී හේලි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ තමන් කවර භුමිකාවක යෙදිය යුතුද යන්න පිළිබඳ අවධානය යොමු කරමින් සිටින බව පවසන ඇමෙරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායලය සම්බන්ධයෙන් කවුන්සිලයේ ස්ථාවරය “පක්ෂග්‍රාහී” බව කියා සිටී.

ඇමෙරිකානු මිත්‍ර පාක්ෂික ඊශ්‍රායලයට එරෙහිව යෝජනාවක් සම්මත කිරීම “පිළිගැනීමට අසීරු” පියවරක් බව පවසන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපතිනි නිකී හේලි, වෙනිසුවෙලාව සම්බන්ධයෙන් කිසිවකු අවධානය යොමු නොකළ බව පෙන්වා දෙන්නීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය

“අතිශය බැරෑරුම් වූ මානව හිමිකම් වාර්තාවක්” ඇති රටක් වන ඉරානය විවේචනය කිරීම සඳහා ප්‍රමාණවත් පියවර ගෙන නැති බව ද ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අමතමින් සඳහන් කළාය.

ඇය කියා සිටියේ, “මෙම කවුන්සිලය මෙන්ම එතුළ අපගේ සහභාගීත්වය සම්බන්ධයෙන් ඇමෙරිකාව ඉතා අවධානයෙන් පසුවෙනවා. අප දකින්නේ, සමහර අංශවල සුවිශේෂී ශක්තිමත්භාවයක් ඇතිකළ යුතු බවයි.” යනුවෙනි.

“මෙම කවුන්සිලයේ සාමාජිකයකු වීම වරප්‍රසාදයක්වන අතරම මානව හිමිකම් උල්ලංඝනය කරන කවර හෝ රටකට වුවද මෙහි අසුන් ගැනීමට ඉඩ නොදිය යුතුයි.” යැයි ද ඇය සඳහන් කළාය.

මාස ගණනක සිට වෙනිසුවෙලාව දේශපාලනික අර්බුදයක ගිලී සිටින අතර උද්ඝෝෂකයින් ගණනාවක් ඝාතනය කෙරිණි.

මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් රටවල්වලට එල්ලවන විවේචන වාර්තාගත කිරීම මෙන්ම විමර්ශන කිරීමට නියම කිරීම පමණක් මෙම කවුන්සිලයට කළහැකි නමුත් එය ඉතා තීරණාත්මක රාජ්‍ය තාන්ත්‍රික ඒකකයක් ලෙස ක්‍රියා කරයි.

මෑතදී එම කවුන්සිලය විසින් යෝජනා සම්මත කරගත් රටවල් අතර උතුරු කොරියාව, හයිටි සහ ම්යන්මාරය ද වේ.

“ඊශ්‍රායල් විරෝධී සන්ධානයක්වන මෙය මැදපෙරදිග එකම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයට පහර එල්ල කරන අතරේදී ඉරානය, සිරියාව සහ උතුරු කොරියාවේ උල්ලංඝනය කිරීම් නොසළකා හරිනවා” යයි ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබිණි.

වසර 2013 දී ඊශ්‍රායලය මානව හිමිකම් කවුන්සිලය සමග සිය ක්‍රියාකාරී සබඳතාව අත්හැරියේ බටහිර ඉවුරේ යුදෙව් ජනාවාස පිළිබඳ විමර්ශනය කිරීමට එය තීරණය කිරීමෙන් අනතුරුවය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය

  • 2006 වසරේදී මෙම කවුන්සිලය ස්ථාපනය කෙරුනේ, මානව හිමිකම් සම්බන්ධයෙන් ගැටලු සහගත ඉතිහාසයක් ඇති රටවල් සාමාජිකත්වයට තෝරා පත්කරගැනීම හේතුවෙන් අපකීර්තියක් ලබා තිබු එතෙක් පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙනුවටය.
  • කවුන්සිලයේ සාමාජිකයින් 47 දෙනාම වසර තුනක වාරයකට පත් කෙරේ.
  • සම්මුතිවලට එළඹෙමින් මානව හිමිකම් අපයෝජනයට ලක්කිරීම් අවධානයට ගෙන එම කවුන්සිලයේ අරමුණ වුවද, මානව හිමිකම් කොමිසම හා සමානව විවේචනවලට මුහුණ දී සිටී.
  • ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ් මෙම කවුන්සිලය වර්ජනය කළ ද ජනාධිපති බරක් ඔබාමා එම තීරණය ආපසු හැරවීය.
  • චීනය, රුසියාව, සවුදි අරාබිය, ඇල්ජීරියාව සහ වියට්නාමය මානව හිමිකම් කවුන්සිලයට තේරී පත්වීම 2013 වසරේදී මානව හිමිකම් කණ්ඩායම්වල දෝෂ දර්ශනයට ලක්විය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය
බටහිර ඉවුරේ ජනාවාස ඉදිකිරීමට ඉඩදීම හේතුවෙන් ඊශ්‍රායලයට ජාත්‍යන්තර විවේචනයට ලක්විය
බටහිර ඉවුරේ ජනාවාස ඉදිකිරීමට ඉඩදීම හේතුවෙන් ඊශ්‍රායලයට ජාත්‍යන්තර විවේචනයට ලක්විය

මීට වසර 50 ට ඉහතදී මෙවැනිම සතියකදී ඇතිවූ ප්‍රකට ‘සය දින යුද්ධය’ සමග ඊශ්‍රායලය විසින් බටහිර ඉවුර, නැගෙනහිර ජෙරුසලම හා සිරියාවේ ගෝලාන් කඳුකර ප්‍රදේශ අත්පත් කරගනු ලැබිණි.

ඊශ්‍රායලය විසින් 2005 වසරේදී සිය හමුදා මෙන්ම ජනපදිකයින්ද ඉවත්කරගනු ලැබූ ගාසා තීරය පලස්තීන ප්‍රදේශයේ කොටසක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ද සළකයි.

වරින් වර පැවති සෑම සාකච්ඡාවලදී තමන් අත්පත් කරගෙන ඇති බිම් ප්‍රදේශ පිළිබඳ අවසන් නිගමනයකට නොපැමිණීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය සහ පලස්තීනය එකිනෙකාට දෝෂාරෝපණ එල්ලකරගනිති

BBC සිංහල  වෙබ්අඩවියෙනි

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here