එ.ජා.ප. ආධාර කරුවන්නට කටුනායකදී මොකද උනේ??

728x150

මිගමුව පියපේම මානික්ක රත්න 2016-05-01

20160501_135314

කොළඔ කැම්බල් පිටියේ පැවැත්වෙන මැයි දින රැළියට සහභාගිවිමට මිහින්තලේ සිට පැමිණි තම පක්ෂයේ ආධාරකරුවන්ට, ඊයේ 01 දින අනුරාධපුර පලාත් සභා මන්ත්‍රී කණ්ඩායමක් ඇතුළු එස් එම් චන්ද්‍රසේන මහතා කටුනායකදී පහර දූන් බව සදහන් කරමින් කටුනායක පොලීසියට පැමිණිල්ලක් ඉදිරපත් කල බව මිහින්තලේ එ ජා ප ප්‍රදාන සංවිධායක නිතිඥ කරුණාරත්න මහතා කටුනායකදී පැවැසීය.

කැමිබල් පිටියේ පැවැත්වෙන මැයි දින එ ජා ප ආධාර කරුවන්නට එස් එම් චන්ද්‍රසේන මහතාගේ ඒකාබද්ද විපක්ෂයේ ආධාර කරුවන් විසින් දහවල් බත් පැකැටිටුවත් කැමට ඉඩ නුදූන්, මැර පිරිස් කණ්ඩායමක් කටුනායක යු එල් ගේටිටුව අසලදී පහර දී එයින් නොනැවතී කටුනායක අධිෙවිගිමාර්ය අසලදීත් පහර දූන් බව ඒ මහතා ප්‍රකාශ කලේය.

20160501_142842මෙම සිද්දියෙන් තම පක්ෂයේ ආධාර කරුවන් කොළඔ කැම්බල්පිටියේ පවැත්වෙන මැයි දිනයට සහභාගිවිමට ඉඩ නොතබා කටුනායකදී පහරදී  අප රජය අසීරුතාවයට පත් කිරිෙමි බලවත් උත්සහයක් තිබු බවට තොරතුරු අනාවර්ණය වු බව නිතිඥ කරුණරත්න හේරත් මහතා වැඩිදූරටත් පැවැසීය.

 තම ආධාර කරුවන් පැමිණි කුලී පදනම මත ලබාගත් ලංගම හා පෞද්ගලික බස් රථ හතරකට පහරදී බස් රථයේ විදූරු වලටද අලාභ හානි සිදූකර ඇති බවත්, බස් රථයේ එල්ලා තිබූ තම පක්ෂයේ බැනරයද ගලවා ඉරා දමා බස් රථයේ සිටි තම අධාර කරුවන් පස් දෙනෙකුට පහර දී තුවාල සිදූ කර එයින් පුද්ගලයින් හතර දෙනෙකු මිනුවන්ගොඩ රෝහලට ඇතුලත් කල බව කරුණාරත්න මහතා පැවසීය.

20160501_142756සිද්දිය සම්බන්දයෙන් කටුනායක පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති අතර අපක්ෂපාතීව මෙම සිදූවිම ගැන විභාග කරන ලෙස කටුනායක පොලීසියට දැනුම් දූන් බවත් කරුණාරත්න මහතා වැඩිදූරටත්  පැවැසීය.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 122 posts in දේශපාලනය category
Recommended for you
කටාන සමුපේ වාහන අවභාවිතයේ

කටාන විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභා රැස්වීම  සමුපකාර ශ්‍රවනාගාරයේ අද( 28)පැවති අතර අධ්‍යක්ෂක මණ්ඩලය...