කටානේදී රාජ්‍ය ඇමතිකම දෙකේ කොලයට වැටේ

0
912

93 ඊ ග්‍රාමසේවා වසමේ සේවාපියස ඉදිකිරීමට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන වෙන්කරනු ලබන්නේ දින 100 ආණ්ඩුවේ එකගමකට එක වැඩක් ව්‍යාපෘතිය යටතේය.

මේ සදහා රුපියල් දස ලක්ෂයක මුදලක්  එවකට සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍ය දුරය දරු නිවාස හා සමෘද්ධි අමාත්‍යශය මගින් වෙන්කර දෙනලද අතර මේසදහා ප්‍රදේශවාසීන් විසින් ලක්‍ෂ හතක පමණ මුදලක් ප්‍රජදායකත්වය ලෙස යොදවා ඇත.

එම මුදල් වලට අමතරව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ලක්ෂ තුනක මුදලක් ලබාදී ඇත

.2016 සැප්තැම්බර මස 4 වනදින රෝස් ප්‍රනාන්දු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරියගේ ප්‍රධානත්වයෙන් වීවෘත කල මෙම සේවා පියස වසරකට වැඩිකාලයක් තිස්සේ වසාදමා ඇත.මේ නිසා ප්‍රදේශවාසීන්ට  එකම තැනකදී ග්‍රාමසේවා  සංවර්ධන .පවුල් සෞඛ්‍ය.සමුර්ධි කෘෂිකර්ම යන නිලධාරීන්ගේ සේවය ලබාගැනීමට තිබු ඉඩකඩ අහුරා ඇතිඅතර මෙම නිලධාරීන් ග්‍රාමනිලධාරී වසමේ විවිධ තැන්වල අගුපිල්වල සිට රාජකාරි කරනු දක්නට ඇත.

මෙම ගොඩනැගිල්ලේ යතුරු මේවනවිට කටාන ප්‍රදේශිය සභාව භාරයේ තබාගෙන සිටින අතර දේශපාලන බලපෑම නිසා  ප්‍රදේශිය සභාවේ ලේකම් වරිය යතුර බාරදීම දිගින් දිගටම මගහරිමින් සිටිනබවද දැනගන්නට ඇත

කටාන ප්‍රදේශිය සංවර්ධන කමිටු රැස්වීමේදී ද මෙම සේවාපියසේ යතුරු කටාන ප්‍රාදේශීය ලේකම් වරයාට භාරදියයුතුබවට තීරණය කර ඇති අතර සුර්ශිනි ප්‍රනාන් දුපුල්ලේ රාජ්‍ය අමාත්‍ය වරිය.එම තීරණය අනුව යතුරු බාරදීමට කටයුතු කරන ලෙස ප්‍රදේශිය සභාවේ ලේකම් වරියට ලිඛිතව දැනුම්දී ඇත.

පසුගිය බදාදා දින ප්‍රදේශිය සභාවේ ලේකම් වරියගේ නියෝජිතයන් දෙදෙනෙකු  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ කරන ලද සාකච්ඡාවකින් අනතුරුව ප්‍රාදේශීය ලේකම් වරයාට  අද දින යතුරු බාරදීමට එකගවී ඇතත් අද සවස 4.00 වනතුරුද ප්‍රාදේශීය ලේකම් වරයාට යතුරු බාරදී නොතිබුණි..

මේ පිලිබදව  ප්‍රදේශිය සභාවේ ලේකම් වරියගෙන්  විමසීමට උත්සාහ කලද  රාජකාරි කටයුත්තක් සදහා කාර්යාලයෙන් බැහැරව ගොස් සිටිබැවින් එතුමිය   සම්බන්ද කරගැනීමට නොහැකිවිය.  අද දිනද යතුර බාරදීමක් සිදුනොවන බව ප්‍රදේශිය සභාවේ අපගේ ආරංචි මාර්ග වලින්  තවුරුවිය.

යහපාලන ආණ්ඩුවේ ඇමතිකම ලබාගැනීම නිසා  කටානට අති විශාල සේවයක් කිරීමට ශක්තිය ලැබි තිබෙන බවට  සුර්ශිනි ප්‍රනාන් දුපුල්ලේ රාජ්‍ය අමාත්‍ය වරිය කරන ප්‍රකාශ හුදු ප්‍රකාශ පමණක් බවත් මේ සිද්ධිය  අනුව තමන්ට සිතෙන්නේ  ශක්තිමත් වීම කෙසේවෙතත් එතුමිය දේශපාලන වශයෙන් දෙකේ කොලයට වැටී ඇති බවයැයි. මෙම සිදුවීම පිලිබදව අදහස් පලකල ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයෙකු ප්‍රකාශකලේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here