කටානේ දෙන්මන් හන්දියේ නිවසක මුරකරු මරාදමයි

දෙම්න් හන්දියේ නිවසක් තුල පුද්ගලයෙකු මරා දැමීමේ සිද්ධියක් පිලිබදව  කටාන පොලිසියෙන් වාර්තාවේ මෙසේ මරා දමා ඇත්තේ දෙමන් හන්දිය දිවූලපිටිය පාර කොහුමෝල වත්තේ අංක 561 දරන නිවසේ මුරකරු වශයෙන් සේවය කල බඩල්කුබුරේ ස්ථිර පදිංචිකරුවෙකු බව කියන බඩල්කුබුරේ පුංචිබණ්ඩා නැමති දෙදරු පියෙකි.වසර කිහිපයක සිට මොහු මෙම නිවසේ මුරකරු වශයෙන් සේවය කරඇත. නිවසේ කාමරයක් තුල මොහු මරා දමා තිබුනි.

මිගමුව අතිරේක මහේස්ත්‍රාත් ආර් ජි එන් කේ රන්කොත්ගේ මහත්මිය විසින් මුලික විමර්ශනය සිදුකිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ අධිකරණ වෛද්‍ය වරයාට නියෝගකර ඇත.  පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මෘත දේහය මිගමුව රෝහලේ මෘතෂරිරගාරයේ තැන්පත් කර ඇති අතර කටාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධානපොලිස් පරීක්ෂක  ජගත් තේමිය සේනාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප   පොලිස් පරීක්ෂක  ඩබ්ලිව් එච් යු අසෝක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැඩි දුර පරීක්ෂණ සිදුකරයි.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 694 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
මිගමුව රෝහලට – ජීවන්ත ගෙන් කොට්ට

මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ නේවාසික රෝගීන්ගේ ප්‍රයෝජනය සදහා කොට්ට පරිත්‍යාග කිරීමක් සිදුවිය. උසස්ම ප්‍රමිතියක් ඇති මෙම...



150x728


150x728