කටානේ පාසැල් සංවර්ධනයට පියවර

728x150

DSC_2499

කටාන ආසනයේ පාසල් වල පවතින අඩුපාඩු සොයා බැලීම සඳහා නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් නිරීක්ෂණ චාරිකාවක් පසුගියදා  සිදුවිය. මෙම අවස්ථාවට බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ, ප්‍රවාහන අමාත්‍ය ලලිත් වනිගරත්න, පළාත් සභා මන්ත්‍රී උපුල් රාජිත යන මහත්වරුන් සහ අදාල නිලධාරීන් සහභාගී විය.

එහිදී රාජ්‍ය අමාත්‍යවරිය ඉල්ලා සිටියේ දැනට ඉදිවෙමින් පවතින ගොඩනැගිලි ඉතාමත් කඩිනමින් නිම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා කටාන ආසනයේ අධ්‍යාපනය වෙනුවෙන් පෞද්ගලිකවම මැදිහත් වී ක්‍රියා කළ බවත් අදවන විට එහි ප්‍රතිඵල පෙනෙන්නට තිබෙන බව පෙන්වා දුන් ඇය නගරයේ ජනප්‍රිය පාසල් කරා ඇදීයන ප්‍රමාණය ප්‍රදේශය තුලම රඳවා ගැනීමට අදවන විට හැකියාව ලැබී ඇති බව ප්‍රකාශ කළේය. ඒ අනුව සියළු පහසුකම් සහිත පාසැල් ඇති කිරීම මඟින් දෙමාපියන්ට තම දරුවන් හොඳින් තමන්ගේ රැකවරණය යටතේ පාසැලට යොමුකළ හැකි බව වැඩිදුරටත් පෙන්වා දුන්නා.

අධ්‍යාපනය අතින්ද විශ්වවිද්‍යාල දක්වාම අධ්‍යාපනය ලබන්නට මෙම පාසැල් උපකාරී වී ඇතැයි සඳහන් කරන සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පදනම මඟින් මේ වන විට ක්‍රියාත්මක වන අධ්‍යාපනික උපකාරක වැඩසටහන් තව දුරටත් සංවර්ධනය කිරීමට තමා බලාපොරොත්තු වන බවයි.

එහිදි අදහස් දැක්වු බස්නාහිර පළාත් අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා අදාල නිලධාරීන්ට උපදෙස් දෙමින් සඳහන් කළේ දැනට ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිලි ඉතා කඩිනමින් නිම කිරීමට කටයුතු කරන ලෙසයි. මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍යවරයා සමඟද සාකච්ඡා කොට අවශ්‍ය අරමුදල් ලබාදීමට පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සුමිත් කාරියවසම්,

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 122 posts in දේශපාලනය category
Recommended for you
කටාන සමුපේ වාහන අවභාවිතයේ

කටාන විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභා රැස්වීම  සමුපකාර ශ්‍රවනාගාරයේ අද( 28)පැවති අතර අධ්‍යක්ෂක මණ්ඩලය...