කටානේ පොලිස් නිලධාරීන්ට වෙඩි තැබූ තැබූ ගිනිඅවිය ජා-ඇලින් මතුවෙයි

පසුගිය 25 දින රාත්‍රී කටානේ පොලිස් ස්ථානයේ නිලධාර්න් දෙදෙනෙකුට  වෙඩිතබා  පැනගිය සැකකරුවන් දෙදෙනා ගෙන් එක් සැකකරුවෙකු ජාඇල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.පැහැරගෙන ගිය පොලිස් නිලධාරියාගේ ගිනි අවිය සහ සැකකරුවන් පලාගිය මෝටර් සයිකලයද  පොලිස් බාරයට ගෙන ඇත .

කටාන පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල් වරුන් දෙදෙනෙකු රාත්‍රී මුරසංචාරයේ යෙදී සිටියදී කටියල කිස්ට් කම්හල අසලදී සැකකටයුතු පුද්ගලයන් දෙදෙනෙකු පරික්ෂා කිරීමට යාමේදී එක් අයෙකු පැනගොස් ඇති අතර ඔහු අල්ලා ගැනීමට එක් නිලධාරියෙකු ලුහු බැදඇත.මෙම අවස්ථාවේ අනෙක් සැකකරුද පැනයාමට  උත්සාහ කරමින්  ඔහු රදවා ගෙන සිටි පොලිස් නීලධාරියා සමග පොරබදීමක් සිදුකර ඇත.මෙම පොර බැදීමේදී පොලිස් නිලධාරියාගේ බිම වැටුණු  රාජකාරි  ගිනිඅවිය අහුලා ගෙන ඇති සැකකරු පොලිස්නිලධාරින්ට  එම අවියෙන් වෙඩිතබායතුරුපැදියකින් පලාගොස් තිබුණි

පැනගිය අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනිමසදහාපොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 779 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
මිගමුව නගරයේ පදිකයන් මරුවා සමග වාසේ

මහාමාර්ගයක් අසල ගොඩනැගිලක් තැනීමේදී මාර්ගයේ මධ්‍යයේ සිට ගොඩනැගිල්ල අතර  තැබිය අවම දුරක් නියමකර ඇත ගොඩනැගිලි...



150x728