කටානේ මැති ඇමතිවරු හත්දෙනා කදවල කුළුණ හදයිද කැද උයයිද ……

දුර බැහැරක සිට කටානේ කදවල ප්‍රදේශයට එන කෙනෙකුට පාර කියන්නට නොවරදින මග සලකුණක් කදවල  ගම්වැසියනට තිබුණි. ඒ කදවල ඓතිහාසික  කුලුනයි .කුළුන ලගින් වමට හැරි එන්න .දකුණට හැරි එන්න. කුළුන පහුකරගෙන එන්න. ආදී වශයෙන් මගසලකුණු  කීම අදටත් ඇත.එහෙම මග සලකුණු අහගෙන එන අයට දකින්නට කුළුණක් අද නැත .එය කඩාවැටී මාස හතරකට ආසන්න කාලයක් ගතවීමටත් ආසන්නය. කුලුන කඩා වැටුණු දවසේ  එතැන  සිටි ගම් වැසියන් තම කිට්ටුවර හිතවතෙකු මියගිය මොහොතක මෙන් කම්පාවිය. ඒ කුලුන සමග ඔවුන්  දැඩිව  බැදීසිටි බැවිනි.

 කුළුන වැටුණු දවස්වල විවිධ මට්ටම්වල දේශපාලකයන් පැමිණ මාධ්‍ය වලට නොයෙක් ප්‍රකාශ කරතිබුණි ඒ අතර ඉසුරු දේවප්‍රිය මහා ඇමැතිවරයාද විය.

      මේ කුළුන යලි ගොඩනගාගැනීම සදහා අදාළ රජයේ ආයතන වලට ලිපිලියමින් උනන්දුව දක්වන එක්  එකතුවකි කදවල සංවර්දන පදනම ඔවුන්ට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දන්වා ඇත්තේ  තම ආයතයට ප්‍රතිපාදන ප්‍රමාණවත් තරම් නොමතිනිස අවශ්‍ය මුදල් ඉල්ලා මාර්ග සංවර්දන අධිකරියට දන්වා ඇති බවයි. කුළුන වැටුණු දිනවල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිල්ධාරිනියක්ද ප්‍රකාශකලේ මාර්ග සංවර්දන අධීකාරිය කල අනවසර කැණීම්ද කුළුන  පෙරලීමට බලපෑ බවකි.

කටාන මැතිවරණ බලප්‍රදේශයේ  ජන්ද ලබාගත් රාජ්‍ය ඇමතිවරියක්ද පළාත් සබාවේ ඇමැතිවරයෙක්‌ සහ පළාත් සභා මන්ත්‍රීවරුන් හතරදෙනෙක් සහ පළාත් සභා මන්ත්‍රීවරියක්ද ඇත.මේ අනුව කටානට මැති ඇමති වරුන්ගෙන් අඩුවක් නැත. මේ කාටවත් ළගපාතක මැතිවරණයක්ද නැත ආඩි හත් දෙනා මෙන් කටයුතුකර හත්පොලේ ගාගන්නාවට වඩා කටානේ පොදු කටයුතුවලදී කකුල් මාට්ටු නොදා හත් දෙනාම  එකට එකතුවි කටයුතු කරනවාද කියා කටානේ ජනතාව අවදානයෙන් බලා සිටි.කදවල කුළුන ගොඩනගා එය ක්‍රියාවෙන් ඔප්පුකර පෙන්වීමට කටානේ මැති ඇමති හත්දෙනාටමඅවස්ථාව උදාවී ඇත.

news

පළාතේ සංචාරක විෂය බාර මහ ඇමතිවරයාටද කුළුනෙන් ගැලවී යා නොහැක.මෙම කුලනෙහි සංචාරක වටිනාකමක්ද ඇත. මෙයසංචාරක ආකර්ෂණයක් පැවති තැනකි.කුළුන නැවත ගොඩනැගීම සදහා ඕලන්ද රජයෙන් ද මුදල් සහ අවශ්‍ය ආධාර ලබාගත හැකිය. මන්ද ලෝකයේ කොහේ තිබුනත් ඔවුන් ඔවුන්ගේ  සිහිවට ආරක්ෂා කිරීමට කටයතු කරනු දක්නට ඇති  නිසාය.

 

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 134 posts in දේශපාලනය category
Recommended for you
අද උදේ අටේ සිට රජයේ වෛද්‍යවරු පිරිසක් වර්ජනයක

ඊයේ විශ්ව විද්‍යාල සිසුන්ට පහර දීමට සහ සයිටම් ආයතනයට විරොධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ...