කටානේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ පුවත් පත් සාකච්චාව හිටපු පළාත් පාලන නියෝජිතයන් බහුතරයක් වර්ජනය කළේ ඇයි?

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ආනන්ද හරිස්චන්ද්‍ර මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 26 වන ඉරිදා පෙරවරුවේ  සිදුව ෂාෂා හෝටලයේදී පැවති පුවත් පත් සාකච්චාවට කටාන ආසනයේ  ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රී වරුන් දෙදෙනෙක්  සහ කටාන ප්‍රාදේශීය සභාවේ සහ කටුනායක සිදුව නගර සභාවේ හිටපු පළාත් පාලන නියෝජිතයින් ගෙන් වැඩි පිරිසක් පැමිණ නැත.

මෙම  අවස්ථාවට ලලන්ත ගුණසේකර බස්නාහිර පළාත් සභා මන්ත්‍රී වරයා සහභාගි වී ඇතත් උපුල් රාජිත සහ රජිත හපුආරච්චි යන පළාත් සභා මන්ත්‍රීවරුන් සහභාගිවී නොමැත .

එමෙන්ම ප්‍රාදේශීය සභාව සහ නගර සභාව නියෝජනය කරමින් පැමිණ ඇත්තේ හිටපු පළාත් පාලන නියෝජිතයන් හතරදෙනෙකි.

සමහර ආරාධිතයන් හෝටලය අසලට පැමිණ ආපසු හැරීගොස්ඇත.මෙම කරුණ පිලිබදව දේශපාලන ආරංචිමාර්ග වලින් ලැබෙන තොරතුරු වලින් වාර්තා වී ඇති අන්දමට නොපැමිණි වැඩිදෙනෙක් කටානේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්ව අර්බුදයේ දී මධ්‍යස්ත මතයක සිටින අයයි.

තවත් පිරිසක් තම තමන්ගේ ව්‍යාපාරික හා පුද්ගලික  අවශ්‍ය තා මත මහින්ද පිලත් මෛත්‍රි පිලත් දෙකම හොදින් තබා ගැනීම සදහා පුවත් පත් සාකච්චාව මගහැර ඇත.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 29 posts in ගොසිප් category
Recommended for you
ඩෙංගු වලින් මනාප එකතුකරන හාල් පාරු දේසපාලුවෝ

මිගමුව මහරෝහලට  දවසේ පැය විසිහතර පුරාම ඩෙංගු රෝගීන් ඇතුලත් කර ගනු ලබන අතර  මේ වනවිට...