කටානේ සමුර්ධිගම “නිකසල” ගමක්වෙයි

0
1

පහන් වැට ජාතික ව්‍යාපාරය” පරිසරය සුරකිමු  ජීවිතය රැකගමු” ව්‍යාපෘතිය යටතේ   නිකසල ගමක්  ( Clean Vlllage) නිර්මාණය කිරීමේ වැඩසටහනක් කටාන සමුර්ධි ගමින් අද උදැසන ආරම්භ කළේය. සමුර්ධිගම ඉලෙවන් හාර්ට් යෞවන සමාජය විසින් මෙම පරිසර ව්‍යාපෘතිය මෙහෙයවනු ලබයි.

පොලිතින් ප්ලාස්ටික් වැනි නොදිරන අපද්‍රව්‍ය පරිසරයට මුදා නොහරින  සුන්දර පරිසරයකින් යුතු ආදර්ශ  ගමක් ලෙස සමුර්ධි  නිර්මාණය කිරීම  තම බලාපොරොත්තුව බව මෙම අවස්ථාවට  සහභාගිවූ පහන් වැට ජාතික ව්‍යාපාරයේ  නිර්මාතෘ ඉඳුනිල් ද සිල්වා මහතා පැවසිය .පහන් වැට ජාතික ව්‍යාපාරයේ කටාන සංවිධායක රජිත හපුආරච්චි පළාත් සභා මන්ත්‍රීවරයා මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

ඉලෙවන් හාර්ට් යෞවන සමාජයේ සාමාජිකයන්  ප්‍රදේශවාසීන් සමග එකතුවී ප්‍රදේශයේ මංමාවත් දෙපස සහ පොදු ස්ථානවල තිබු නොදිරණ ඝන අපද්‍රව්‍ය එකතුකරන අයුරු සහ ආකල්ප වර්ධනය කිරීමේ අත්පත්‍රිකා බෙදාදුන් අවස්ථා   ජයරුපවලින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here