කටාන කොන්ගස් හංදියේ ලුර්දු මාවතේ කුලියටගත් සුවිසල් මහල් නිවාස තුනක මහාපරිමාණයේ කසිප්පු ස්කාගාරයක්

කටානේ කොන්ගස් හංදියේ ලුර්දුමාවතේ සුවිසල් දෙමහල් නිවාස තුනක් කුලියට කාලයක් තිස්සේ මහා පරිමාණයෙන් නීති විරෝධී  මත්පැන් (කසිප්පු) නිෂ්පාදනය  කල අනවසර  ස්කාගාරයක් මිගමුව කොට්ටාශයේ දුෂණ මර්ධන ඒකකය විසින් අද දින වටලා  විශාල  මත්පැන් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත.48

දීර්ග කාලයක් තිස්සේ මෙම ස්ථානයේ නීති විරෝධී ලෙස අනවසර ස්කාගාරයක් පවත්වාගෙන යනබවට  මිගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  වරයා වෙත ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇත.වැටලීම සිදුකරන අවස්ථාවේදීද  මත්පැන් පෙරමින්  තිබිඇත.මුදලින් ලක්ෂ විස්සක් පමණ වටිනා  කමකින් යුක්ත මත් පැන් ගොඩා සහ පෙරීමේ උපකරණද සමග  සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කටානේ කොන්ගස් හංදියේ පදිංචි පැට්‍රිෂියා පෙරේරා නමැති කාන්තාවක් සහ දෙමන් හන්දියේ පදිංචි අකලංක සිල්වා නමැති අයෙකි.මෙම දෙදෙනා විසින් මෙම නීති විරෝධී ස්කාගාරය පවත්වාගෙන ගොස් තිබුනේ යාබදව පිහිටි සුවිසල් නිවාස තුනක් අධික මිලගණන් වලට කුලියට ලබාගනිමිනි.මෙම නිවාස ඉතාලියේ සිටින ශ්‍රීලාංකික යන්ට අයිති බවද පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

අත් අඩංගුවට ගෙන ඇති ගෝඩා ප්‍රමාණය ඩ්‍රම් 52500කි ( බැරල් 25) මත්පැන් බෝතල් 500 කි.  මෙම ස්ථානයේ ඇමෝනියා සහ මදුරු කොයිල් විශාල ප්‍රමාණයක් තිබි ඇති අතර සිනි සක්කර ගෑස් ලිප් සහ ගෑස් සිලින්ඩර් ද අත්අඩංගුවට ගෙන ඇත. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියලාල් දසනායක මහතා ගේ උපදෙස් හා  මගපෙන්වීමෙන්  සහකාර පොලිස් අධිකාරී(1) ලලිත්රෝහණගමගේ මහතා ගේ අධික්‍ෂණයෙන් මිගමුව මුලස්ථාන පොලිසියේ වැඩබලන ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ආර් ඩි සිරිල් මහතාගේ මුලිකත්වයෙන් මිගමුව කොට්ටාශයේ දුෂණ මර්ධන ඒකකයේ චාමර ප්‍රදීප්  උප පොලිස් පරීක්ෂකවරයාගේ මෙහෙයවීමෙන්  වැටලීම සිදුකිර්ම සදහා සැරයන් විජරත්න කොස්තාපල්වරුන් වන චින්තක,අජිත්,කුමාර,හේරත් අබේසිංහ  සහ නිශාන්ත සමග පොලිස් රියදුරු ගමගේ යන පොලිස් නිලධාරින් ද  සහභාගී වී ඇත.සැකකරුවන්  අධිකරණයට ඉදිරි පත් කිරීමට නියමිතයි.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 690 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
මිගමුව රෝහලේ මාධ්‍ය වාරණයක්

ඊයේ  දහවල් පෙරියමුල්ලේ සිදුවූ අනතුරින්  රෝහල කරා රෝගීන් රැගෙන එමසහ එම හදිසි තත්වයට මුහුණදීම සදහා...



150x728


150x728