කටාන දෙමන්හන්දියේ මිනීමැරුමට සැකකරුවෙකු අත්අඩංගුවට

0
8

දෙම්න් හන්දියේ නිවසක් තුල පුද්ගලයෙකු  ඊයේ( 6)මරා දැමීමේ සිද්ධිය පිලිබදව  කටාන පොලිසිය විසින් කරනලද විමර්ශන  විමර්ශන වලින් අනතුරුව කදිරාන මල්බෙරිවත්ත ප්‍රදේශයේ පදිංචි කරුවෙකු  වන තරංග ප්‍රදීප්(35) නමැති දෙදරු පියෙකු අත්අඩංගුවට ගෙන ඇත.

දෙමන් හන්දිය දිවූලපිටිය පාර කොහුමෝල වත්තේ අංක 561 දරන නිවසේ මුරකරු වශයෙන් සේවය කල දෙදරු පියෙක් වන  බඩල් කුබුරේ ස්ථිර පදිංචිකරුවෙකු බව කියන බඩල්කුබුරේ පුංචිබණ්ඩා යන අය    නිවසේ කාමරයක් තුල මරා දමා තිබුනු අතර ඒ අසල ඔහුට පහර දුන්බවට සැකකරන උදැල්ලක්ද තිබුණි. වසර කිහිපයක සිට මොහු මෙම නිවසේ මුරකරු වශයෙන් සේවය කරඇත.

අත්අඩංගුවට ගෙන ඇති ප්‍රදීප් නමැති  සැකකරුගේ බිරිද කලක පටන් ඔහුගෙන් වෙන්ව කුලියාපිටිය ප්‍රදේශයේ ජිවත්වේ බිරිදගේ වෙන්වී යාමට පුංචිබණ්ඩා සහ බිරිදගේ   මිත්තණිය එක්ව හූනියම් කලබවට ඇතිකරගත්  සැකයක් නිසා මොවුන් අතර විරසකයක්  තිබු බව ද දැනගන්නට ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මෘත දේහය මිගමුව රෝහලේ මෘතෂරිරගාරයේ තැන්පත් කර ඇති අතර කටාන  පොලිසියේ ස්ථානාධිපති ප්‍රධානපොලිස් පරීක්ෂක  ජගත් තේමිය සේනාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප   පොලිස් පරීක්ෂක  ඩබ්ලිව් එච් යු අසෝක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැඩි දුර පරීක්ෂණ සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here