කටාන පන්සල් හන්දිය අසල කසිප්පු පෙරන්න වලදැමූ ගෝඩා බැරල් ගොඩගනී

728x150

කොචිචිකඩේ මඩම්පැල්ල මාර්ගයේ පන්සල් හන්දිය අසල ගරාවැටුණු ගොඩනැගිල්ලක  පවත්වාගෙන ගිය නීති විරෝධී ස්කාගාරයක් කටාන පොලිසිය විසින් වටලා පෙරීම සදහා බැරල් වල පුරවා වලදමා තිබු ගෝඩා බැරල් දහයක් සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගෙන ඇත.

කටාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජගත් සේනාරත්න මහතාට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත. කටාන දාගොන්න ප්‍රදේශයේ  මහා පරිමාණව කසිප්පු ව්‍යාපාරය මෙහෙයවන අයෙකුට අයත් බවට සැකකරන මෙම මෙම නීති විරෝධී ස්කාගාරය පවත්වාගෙන ගොස් ඇති ඉඩමේ හිමිකරුවන් විදේශයක සිටින අතර අත්අඩංගුවට ගෙන ඇති සැකකරු එම දේපල රැකබලා ගැනීම සදහා බාරදී තිබු 53 හැවරදි ටියුඩර් ප්‍රනාන්දු නමැති අයෙකි.ගොඩ ගන්නා ලද ගෝඩා එම ස්ථානයේදී ම විනාශ කල අතර ගෑස් ටැංකි ගෑස් ලිප් පෙරීමේ උපකරණ ආදියද අත් අඩංගුවට ගෙන ඇත.

පොලිස් සැරයන් සරත් නිස්සංක  පොලිස් කොස්තාපල්වරුන් වන ලහිරු චතුරංග ,ජගත් බණ්ඩාර ,සශික ඉඳුනිල් ,සහ කුමාර යන නිලධාරීන් මෙම වැටලීම සදහා සහභාගිවිය.

වැඩිදුර විමර්ශන වලින් පසු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 448 posts in News category
Recommended for you
හිටපු ධිවර නියෝජ්‍ය අමාත්‍ය සරත්කුමාර ගුණරත්නගේ පුද්ගලික ලේකම් රිමාන්ඩ්

කලපු සංවරධන කටයුතු සදහා වෙන්කළ මිලියන 12 හක මුදලක් සාවද්‍ය පරිහරණය කලයි හිටපු ධිවර නියෝජය  ඇමතිසරත් කුමාර...