කටාන පොලිසියේ ජංගම සේවයෙන් රියදුරු බලපත් ගන්න දිගු පෝලිමක් දඩය වැඩිනිසා බලපත් නැතුව රිය පැදවූ 60 පැනපු අයත් ඇව්ල්ලා

කටාන පොලිසියේ ප්‍රජාපොලිස් ජංගම සේවයේ අවසන් දිනයවූ අද එම ජංගම සේවය පැවැත්වූ කටියල වාලුකාරාමය පන්සල වෙත. විශාල පිරිසක් පැමින සිටිනු දක්නට ලැබුණි.45 පොලිස් වසම තුල පිහිටි ග්‍රාමසේවා වසම් සියල්ලේම ග්‍රාම නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරී  මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වරුන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය ඇතුළු විශාල රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද සහබගිවූ මෙම ජංගම සේවයේ හැදුනුම්පත් සහ රියදුරු බලපත් පිළිබද කටයුතු සිදුකල ස්ථාන වල දිගු පෝලිම දක්නට ලැබුණි. නොමිලේ ඇස් කණ්නාඩි ලබාදීමක්දමෙම ජංගම සේවය මගින් සිදු කරන ලදී.

47රියදුරු බලපත් ලබාගැනීමට පැමිණසිටි පිරිස අතර වයස අවූරුදු 50 ඉක්මවූ අයද සිටි අතර ඔවුන්ගෙන් සමහරුන්  ප්‍රකාශ කලේ රියදුරු බලපත්‍රයක් නොමැතිව   දීර්ග කාලයක් වාහන පදවන නමුත් ඉදිරියේදී බලපත්‍ර නොමැතිව මහමග වාහන ධාවනය සදහා රුපියල් 25000/= දඩයක්  නියමකර ඇති නිසා රියදුරු බලපත්‍රය ලබාගැනීමට  උනන්දුවක්  ඇතිවීමත් ජංගම සේවය මගින් එම කාර්යය පහසුවෙන් ඉටුකර ගත හැකිවීමත්  නිසා ජංගම සේවයට සහභාගී වූ බවයි.46

මෙම ජංගම් සේවයේ කටයුතු සංවිධානය කටාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජගත් සේනාරත්න මහතා ගේ මුලිකත්වයෙන් සිදුකර තිබුණි

 41ජංගම සේවය සදහා පැමිණ සිටි කටාන පොලිසියේ නිලධාරීන් අනෙකුත් රාජ්‍ය නිලධාරීන් මෙන්ම ස්වෙච්චා  සංවිධාන සාමාජිකයන් සක්‍රියව දායක වූ බව සේවය ලබාගත් ජනතාව ප්‍රකාශ කළේය.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 716 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කනේ පහරකෑ කටාන පොලිසියේ දෙදෙනා රෝහලේ

කටාන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ඊයේ රාත්‍රී කරනලදැයි කියන පහරදීමක් සිද්ධියක් සම්බන්ධයෙන් එමපොලිසියට අනුයුක්තව සේවය කරන...