කටාන සමුපේ මහ ඇත්ගාල මහසභා නියෝජිතයා තේරුවේ කවුදකොහොමද..

728x150

කටාන විවිධ සේවා  සමුපකාරයට  අලුත් පාලක මණ්ඩලයක් පත් කර ගැනීමට සමුපකාර ප්‍රදේශික මට්ටමින් ජන්දයක් පවත්වා  ප්‍රාදේශික සදහා කාරක සභිකයින් පත් කරගැනීමට 2016 මාර්තු මස පස්වන දින ජන්ද විමසීමක් පැවැත් විය. දේසපාලන වශයෙන්  බෙදී  ඇති තම තමන්ගේ හයිය සමුපකාරය තුල තහවුරු කරගැනීමට   දේශපාලකයින්ට උවමනාවක් තිබුනත් සමස්ථයක් වශයෙන් ජන්දය සාමකාමිව පවත්වා තමන්ට කැමති නියෝජිතයන් පත්කර ගැනීමට සාමාජිකයන්ට කාලයකට පසු අවස්ථාව ලැබිණි.දැන් එලබ ඇත්තේ මහා සබාව සදහා ප්‍රාදේශීක මට්ටමින් නියෝජිතයින් පත්කරන අවස්ථාවයි.මෙහිදීද තමන්ට අවනත පාලක මණ්ඩලයක් සහ සබාපති වරයෙකු පත් කර ගැනීම සදහා දේශපාලකයින් නුල් සුස්තර යොදමින් සිටි සමුපකාරයට අවශ්‍ය කුමන පක්ෂයක හෝ දේසපාලන හිතවතුන් නොවේ. සමුපකාරය අද තිබෙන කණගාටු දායක මට්ටමින් ඉහලට ඔසවා සාමාජිකයන්ට හොද සේවාවක් සැලසිය හැකි උගත් බුද්ධිමත් අවංක පිරිසකි.එනිසා දේශපාලකයින් කලයුත්තේ එවැනි පිරිසක්‌  පත්කර එවීමට අවශ්‍ය සහයෝගය ලබාදීමයි.

කටාන මහඇත්ගාල අංක 26 සමුපකාර ප්‍රදේශිකයේ  මහාසභා නියෝජිතයා පත්කරගැනීම 2016.04 .24දාට යෙදී තිබුණි.මාර්තු පස්වන දින එකම කණ්ඩායමක් ලෙස තරග කර කණ්ඩායමක් ලෙස ජයගත් පිරිස කණ්ඩායම් වශයෙන් බෙදා වෙන්කිරීමට ප්‍රදේශයේ දේශපාලකයෙක් සමත් විය. මේඅනුව මහසභා නියෝජිතයා තෝරා ගැනිම සදහා ජන්ද විමසීමකට යාමට සිදුවිය.මෙහිදීද සිදුවුයේ ඉදිරිපත් වු අපේක්‍ෂයන් දෙදෙනාටම සමාන ජන්ද ලැබීම නිසා කුසපත් ඇදීමක් සිදුකර නියෝජිතයා තෝරාගැනීමට සිදුවිය. මේ අනුව කැලණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා උපාදිධාරියෙකු වන රංජිත් හපුආරච්චි මහතා  නියෝජිතයා වශයෙන් තේරීපත්විය.

නියෝජිතයා වශයෙන් තේරීපත්වීමෙන් පසු විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියාසිටියේ  මිට පෙර මහා සභා නියෝජිතයෙක් වශයෙන් කටයුතු කරමින් සමුපකාරයේ දුෂණයට අසාධාරණයට එරෙහිව සටන් කල තමන්  කුසපත් ඇදීමේදී යලි තේරීපත්වීම  දෙවියන් වහන්සේගේ කැමැත්ත සහ ආශිර්වාදය නිසා සිදුවුබව තමන්ගේ විශ්වාශය බවය. එම නිසා සමුපකාරයේ  දියුණුව සමාජික යහපත වෙනුවෙන් තමන්ගේ අරගලය ඉදිරියට ගෙනයාමට මහා සභා සාමාජිකයන් තමන් සමග එකතු වන සෑම මොහොතකම   දෙවියන් වහන්සේගේ කැමැත්ත සහ ආශිර්වාදය ලැබීම  පිළිබද තමන්ට කිසිදු සැකයක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් පැවසිය..

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 661 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කටාන සමුපේ වාහන අවභාවිතයේ

කටාන විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභා රැස්වීම  සමුපකාර ශ්‍රවනාගාරයේ අද( 28)පැවති අතර අධ්‍යක්ෂක මණ්ඩලය...