කටුනායකදී නාදුනන යතුරුපැදි කරුවෙකු සමගගිය විදුලිකාර්මිකයාට රසකල කිරි සමග මත්පෙති දී සුද්දකරලා

යතුරු පැදියකින් ගමන් කරමින් පයින් ගමන් කරණ අයට   යතුරු පැදියෙන්  යාමට ආරාධනා කර අතරමගදී කතාවෙන් හිතවත්වී මත් පෙති ම්ශ්‍ර කරන ලද  රස කළ කිරිපැකට් හෝ බිම පානය කිරීමට  සලස්වා එම පුද්ගලයන් මත්වී සිහිමද ගතියට පත්වුපසු  ඔවුන් සතු මුදල් රන්බඩු  දුරකථන පැහැර ගන්නා සොරෙකු මිගමුවපොලිස් අධිකාරී  කොට්ටාශයේ නිතිය බලගැන්වීමේ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට පත්වී ඇත්තේ කුරුණෑගල පොතුහැර ප්‍රදේශයේ කලින් පදිංචිව සිට ඇති දැනට අනුරාධපුරයේ හිදෝගම ප්‍රදේශයේ පදිංචිව සිටින ජයකොඩි කන්කානම්ලාගේ ධම්මික ජයකොඩි නමැති 39 හැවරදි විවාහකයෙකි. මොහු මෙයට පෙර සිදුකරන ලද මෙවැනිම වැරදි කිහිපයක් සදහා වරදකරුවී වසර 13 ක්  බන්ධනා ගාර ගතව සිට පැමිණි අයෙකු බවද  පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

දවසේ රාජකාරි අවසන් කර ගුවන් තොටුපොල දෙස සිට ඇවරිවත්ත දෙසට පාගමනින්  පැමිණෙමින් සිටි විදුලි කාර්මිකයෙකුට  යතුරුපැදියෙන් යාමට ආරාධනා කර ඔහු සමග මිතුරු වී මත් පෙති මිශ්‍රකල රසකල කිරි පැකට්ටුවක් පැකට්ටුවක් පානය කිරීමට සලස්වා  ඔහුගේ ගෙලබැදි මාලය ජංගම දුරකථනය බැංකු කාඩ් පත් ද මංකොල්ලකා මත් වී සිටි විදුලි කාර්මිකයා  කටුනායක ප්‍රදේශයේ පාලු තැනක දමා මොහු පලා ගොස් ඇත.සිද්ධිය පිලිබදව විදුලි කාර්මිකයා විසින් කටුනායක පොලිසියට පැමිණිලිකර ඇත.

මිගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියලාල් දසනායක මහතා ගේ උපදෙස් හා  මගපෙන්වීමෙන්  සහකාර පොලිස් අධිකාරී(1) ලලිත්රෝහණගමගේ මහතා ගේ අධික්‍ෂණයෙන් මිගමුව පොලිස් අධිකාරී කොට්ටාශයේ  නිතිය බලගැන්වීමේ ඒකකයේ  ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඩි.ආර් .ඒ .ගිහාන් මනෝහර මහතා  විසින් විමර්ශන කටයුතු මෙයවමින් සැකකරු සමග විදුලිකාර්මිකයාගෙන් පැහැරගත් රන්මාලය  සහ ජංගම දුරකථනය ද අත්අඩංගුවට ගෙන ඇත.  සැරයන් වරුන් වන ඒ .එම්.රාහුෆ්,එච්.එම.චන්දන, ඩි පෙරේරාත් අමල්, චමත්,ජයසිංහ , යන පොලිස් කොස්තාපල්වරුන් ද පරීක්ෂණ කණ්ඩායමේ සෙසු සාමාජිකයන්විය සැකකරු සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

නො හදුනන අය සමග ගමන් කිරීමෙන්  සහ නොහදුනන අය  ලබාදෙන ආහර පාන ගැනීමෙන් වැලකි සිටීන් නැයිපොලිසිය මහජනතාවගෙන් ඉල්ලසිටියි.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 779 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
මිගමුව නගරයේ පදිකයන් මරුවා සමග වාසේ

මහාමාර්ගයක් අසල ගොඩනැගිලක් තැනීමේදී මාර්ගයේ මධ්‍යයේ සිට ගොඩනැගිල්ල අතර  තැබිය අවම දුරක් නියමකර ඇත ගොඩනැගිලි...



150x728