කටුනායක ගුවන් තොටුපලේ ධාවන පථය අලුත්වැඩියා කිරීමේදී ඉවත් කරණ ගල් පස් කොන්ක්‍රිට් කිබුලාපිටි ඔයට බලධාරීන් මර නින්දේ

728x150

කටුනායක ගුවන් තොටුපලේ ධාවන පථය අලුත්වැඩියා කිරීමේදී ඉවත් කරණ ගල් පස් කොන්ක්‍රිට් ආදිය කිබුලාපිටිය ඔයට දැමීමටඑරෙහිව  විරෝධය දැක්වීමක් ආඩිඅම්බලම බටපදුර ප්‍රදේශයේදී අද දහවල්පැවැත්විණි.

එම ස්ථානයට එකතුවිසිටි ගම වැසියන් ප්‍රකාශ කලේ ගුවන් තොටුපල සංවර්ධනයට තමන් කැමති බවත් ඉවත දමන ගොඩනැගිලි ද්‍රව්‍ය කිබුලපිටිය ඔයට දැමීමට තමන් විරුද්ධ බවත්ය..

ගග ගොඩවිම නිසා  සුළු වැස්සකදී පවා ඉක්මනින් පිටාර ගලන බවද ගග ගොඩකර ඒ අවට තිබෙන කුබුරු ඉඩම් ගොඩකිරීමේ සුදානමක් පිළිබද තොරතුරු තමන් වෙත ලැබී ඇතිබවද ප්‍රදේශවාසීන් කියා සිටියා .

ගග ගොඩකිරීම පිලිබදව  සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය අමාත්‍ය තුමියට පරිසර අධිකාරියට ගුවන්තොටුපල හා ගුවන් සේවා අධිකාරියට ලිඛිතව දැනුම් දුන්නද මේදක්වා කිසිදු පිළිතුරක් කිසිවෙකුගෙන් නොලද බවද ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේය.

මාඔයේ අතු ගංගාවක් ලෙස අරම්බවන මෙම ඔය දඩුගම් ඔයහා සම්බන්ද වනබවත් ලංකාවේ අගලේ සිතියම් වල පවා සටහන්ව ඇති මෙම ඔය ගොඩකරන තෙක් බලධාරීන් නිහඩව බලා සිටීම කනගටුවට කරුණක් බවද ගංවතුරට යටවී සිටින විට බත් පැකට් එකක් ගෙනවිත් දීමෙන් පලක් නොවන බවද ප්‍රදේශවාසීන් පෙන්වාදුන්නා. ගග ගොඩකිරීම නැවැත්වීමටමැදිහත් වී  ගග නිසිලෙස හාරා සකස් කරදීමට පරිසර අමාත්‍ය තුමාද වන ජනාධිපති වරයා පියවර ගනු ඇතැයි ප්‍රදේශ වාසීන් විශ්වාසය පළකරයි.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 121 posts in දේශපාලනය category
Recommended for you
නිමල් සිරිගේ සුවදුක් බලන්න වෛද්‍ය කාවින්ද ජයවර්ධන පැමිණෙයි

රෝහල් ගතව ප්‍රතිකාර ලබන ජ්‍යෙෂ්ඨ  ජයාරූප මාධ්‍යවේදී නිමල්සිරි එදිරිසිංහ මහතාගේ සුවදුක් බැලීමට වෛද්‍ය  කාවින්ද ජයවර්ධන...