කම්හලේ සේවිකාවක් සමග සීට්ටු දැමු අක්කරපනහේ රුවල් කම්හලක සේවකයන්ට කෝටි තුනක පොල්ලක්

728x150

නිදහස් වෙළද කලාපය තුලත් ඒ අවටත් ඇති  කම්හල් වල සේවය කරන බොහෝදෙනා කාන්තාවන්ය ඒ අයගෙන්ද වැඩිදෙනෙක් වෙනත්පළාත් වලින් පැමිණ  බෝඩින් කාමර වලට කුලී ගෙවමින් ගත කරන්නේ දුෂ්කර ජීවිතයකි බොහෝ කර්මාන්ත සාලාතුල සීට්ටු දැමීම තහනම් කර ඇත්තේ සීට්ටු ක්‍රම හරහා විවිධ වංචාවන්ට  සේවකයන් අසුවීම වැළැක්වීම සදහාය. මිගමුව අක්කරපනහ ප්‍රදේශයේ  රුවල් නිෂ්පාදනය කරණ කම්හලක සේවිකාවක් විසින් සීට්ටුවක් පවත්වාගෙන යමින් කෝටි ගන්නක මුදලක් එකතු කරගෙන අතුරුදහන්වීමේ පුවතක් වාර්තාවේ .

අපවෙත ලැබී ඇති තොරතුරු අනුව මෙම කාන්තාව විසින් මෙම සීට්ටුව සදහා මසකට එක් අයෙකුගෙන් රුපියල් දහස බැගින් එකතු කර ඇති අතර නත්තල් හෝ අප්‍රේල් අලුත් අවුරුද්දට මාසදොළහක කාලයක්  රුපියල් දහස බැගින්  සිට්ටුවට මුදල් ගෙවා දායක වී ඇති අයට රුපියල් 15000/= මුදලක් ගෙවා ඇත වසර නවයක් මෙම සීට්ටුව පවත්වාගෙන ගොස් ඇති අතර මෙම වසර වන විට එම කමහළේ සේවිකාවන්ට අමතරව ඔවුන්ගේ අසල වැසියන්ද සිට්ටුවට සම්බන්ද වී ඇත. මේ අනුව විශාල පිරිසක් මේ සිට්ටුවට දායක වී ඇත. විවාහක එක් දරු මවක් වන මෙම කාන්තාව දැනට මාස දෙකකට පෙර රැකියාවෙන් ඉවත්වී ඇත.නියමිත පරිදි සීට්ටු මුදල් නොලැබීම නිසා සිට්ටුවට මුදල් ගෙවූ අය මෙම කාන්තාව සොයා ඇයපදිංචිව සිටි මුන්නක්කරය ප්‍රදේශයේ නිවසට ගොස් ඇති අතර ඇය ඒ වනවිටත් එමනිවස හැරගොස් තිබී ඇත.

සීට්ටුව සදහා මුදල් ගෙවූ බවකියන විශාල පිරිසක් මිගමුව පොලිස් අධිකාරී කාර්යාලය වෙත ඊයේ දිනයේ පැමිණ මෙම සිද්ධිය පිලිබදව පැමිණලි කර ඇත.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 448 posts in News category
Recommended for you
හිටපු ධිවර නියෝජ්‍ය අමාත්‍ය සරත්කුමාර ගුණරත්නගේ පුද්ගලික ලේකම් රිමාන්ඩ්

කලපු සංවරධන කටයුතු සදහා වෙන්කළ මිලියන 12 හක මුදලක් සාවද්‍ය පරිහරණය කලයි හිටපු ධිවර නියෝජය  ඇමතිසරත් කුමාර...