කසිප්පුවලින් විදේශවිනිමය අපාය ගිණිවතුර නිෂ්පාදනය නවතා ලංකාවෙන් කසිප්පු මිලදී ගනී

kasippu baralකාලයකට පසු පුවත්පත්  සාකච්චාවක් සදහා යමරජු විසින් කරනලද ආරාධනය පිලිගත්තේ අපායේ අලුත්ම තත්වය ගැන වාර්තා වැඩසටහනක් කිරීමටතිබූ උවමනාව නිසාමය. කැදවාගෙන යාමට වාහනයක් පැමිණ ඇති බවට පොඩි එකා ගෙන ආ  පනිවීඩයට අනුව මම කැමරා ආම්පන්න බෑග් එකද  කරේ දමාගෙන අඩියට දෙකට පඩිපෙළ බැහැගෙන පහලට පැමිණියාය.

සම්පුර්ණයෙන් අපායේ නිළ ඇදුමෙන්සැරසී සිටි යමයා වාහනයේ දොර ඇරගෙන සිටියාය. මා වාහනයට ගොඩවූපසු ආචාරකර වාහනයේ දොර වසා රියදුරු අසුනේ වාඩිවිය කරුණාකරලා සීට්බෙල්ටෙක දාගන්න මෙහේ වගේ නෙවයි යමසන්කියාපි  බේල්ට් එකනොදා ගියත් බඩුම තමයි අත මිට මොලවල නැත්නම් යමලේකම් කන්තෝරුවෙන් කොල්කරලා මැම්බරයෙකුටකියල බෙරෙනවබොරු.යම පාලනය කොතරම් ස්ව්වාධින දැයි යමලොවට යාමටත්  පෙර අවබෝධයක් ලබාගැනීමට හැකිවිය.ඉතාමත් නිවැරදිව මාර්ග නීති පීලිපදිමින් නියමිත වේග සීමාවල සියලුම වාහන ගමන් කල අතර වාහන නලා හඩක් ඇසුනේම නැත  දුම දමන වාහන අබලන් වාහන පාරේ ධාවනයේ නොවුනි රථවාහන පොලිසියේ නිලධාරින් වේගමාපක තියාගෙන තාප්ප අස්සේ ගස් අස්සේ හැංගිමුත්තම් කරනු දුටුවේම නැත.

පාරවල් අයිනේ කුණු ගොඩවල් හිස් මත් වතුර  ටින් බෝතල් ආදී කිසිවක් නොතිබුණි.ගියපාර එද්දිට වඩා බොහෝ වෙනස්කම් යමලොව සිදුව ඇත.සෑමදෙයක්ම පරිසර හිතකාමී ලෙස සකස් කර ඇත .හරියටම නියමිත වෙලාවටම අපි යමරජතුමාගේ කාර්යාලයට ගියෙමු අපේ රටේ නායකයින් පුවත්පත් සාකජාවලට පැයගණන්   ප්‍රමාදවී පැමිනුනත් හරියටම කියපු වෙලාවට සාකච්ජාවට පැමිණියාය.අපාය 22 වන සියවසසට ගැලපෙන ලෙස වෙනස් කිරීම පිලිබදව මාධ්‍ය  දැනුවත් කිරිමකිරිම මාධ්‍ය හමුවේ අරමුණ බවත් සාකච්ඡාවටපෙර  අපාය නැරබිමේ අවස්ථාව  මධ්‍යට ලබාදෙන බවත් යමරජු ප්‍රකාශකළේය. ඒ අනුව සපයා තිබු වාහන වලින් අප අපායේ සංචාරය ඇරබුවෙමු.

ට්ක දුරක් යනවිට දුටු දර්ශනයෙන් අප පුදුමයට පත්විය සිරි ලංකා වෙළද   සංගමය යනුවෙන් සටහන් කරනලද නාමපුවරුවක්  සවිකරනලද විශාල ගොඩ නැගිල්කි.අප ගමන්කළ රථය එම ගොඩනැගිල්ල ඉදිරිපිට නැවැත්විය .එතැනදී අප පිලිගත්තේ දීර්ග කාලයක් තිස්සේ අපායේ පදිංචිව සිටින ලංකාවේදී වෙළද ව්‍යාපාරිකයන් වශයෙන් ජිවත් වූ පිරිසකි.විවිධ  ආගමිකයින්  විවිධ ජාතිකයින් මෙපිරිස අතරේ විය

අවශ්‍ය පරිදි එම පිරිස සමග සක්චචා කරගැනීමට අවස්ථාව අපට ලැබුණි මට පළමුවෙන් හමුවුයේ සහල් ව්‍යාපාරිකයෙකි ඔහුට අපායේ පුරවැසි බවද ලබාදී ඇත. ඔහු අපායට වැටීමට  හේතුවී තිබුනේ බල්ලන්ටවත්  නොදියයුතු නරක්වූ සහල්වලට ගුල්ලන් පණුවන් නැතිකිරිමසදහා භාවිතය තහනම් කර ඇති කෘමිනාශක දමා  පොලිස්කර විකිණීම ඒ සදහා අනුබලදීම ඒවා කෑමටගත් විශාල පිරිසක් දරුණු වකුගඩු රෝග සෑදී අකාලයේ මියයාමට සැලැස්වීම යන ප්‍රධාන චෝදනා ඇතුළු චෝදනිසාය ඔහුඅසලම එම කෘමිනාශකගෙනා සමාගමේ සභාපති ඇතුළු ප්‍රධානින් ද විය.

ඊළගට මට හමුවුයේ ලංකාවේ කරවල ව්‍යාපාරිකයෙකිඔහු නරක්වූ කුනුමාලු පිට රටවලින් ෆෝමලීන් දමා එම්බාම් කර ගෙනවිත් ලස්සනට පැකට් කර අලවිකිරිම මගින්ඒවා කෑමටගත් විශාල පිරිසක් දරුණුරෝග සෑදී අකාලයේ මියයාමට සැලැස්වීම  මැරෙන්නට පෙර මිනිසුන් එම්බාම් කිරීම ඔහුට එල්ලවූ චෝදනා අතර විය .

මහා පරිමාණයෙන් විකිනිමසදහා කොළ කැද සැදීමේදී කොලපාට ඩයි යෙදීම ඒවා වකුගඩු රෝගවලට හේතුවක් බව දැන දැනම ස්වබාවික ශාකයෙදු කොළ කැදබවට සහතිකකර අලෙවි කිරීම කැදයාට එල්ලවූ චෝදනාවකි

අප කුඩා කාලයේ පොල් තෙල් විකුණු තෙල් මාමා අපායේදී හමුවේයැයි මම හිනෙකින් වත් හිතුවේ නැත

පොල්තෙල් වලට විවිධාකාර තෙල් වර්ග කවලම් කරවිකිනිම එමගින්  බෝනොවන රෝගවලට මනිසුන් ගොදුරු කිරිමසදහා අනුබලදීම තෙල් මාමා ට එල්ලවූ චෝදනා අතරවිය.

ඊළගට මට හමුවුයේ ප්‍රසිද්ද දියකිරි ව්‍යාපාරිකයෙකි ඔහු අපායේ පුරවැසි කමලබාගැනීමට ද ඉල්ලුම් කර ඇත. නියම දියර කිරි නොවන බව දැන දැනම විදේශ වලින් ගෙන එන ලද කල්පැනීමට ආසන්න කිරිපිටි යොදා ව්‍යජලෙස සකස්කළ  දියර කිරි  සැදීම එමකිරි වලින් යෝගට් මුදවන ලද කිරි යෝගට් පානය ආදිය සකසා අලෙවි කිරම මේ නිසා කුඩා දරුවන් ඇතුළු සමස්ථ රට වැසියාගේ නීරෝගී බව දුර්වල කිරීමට ක්‍රියා කිරීම පිලිබදව   ඔහුට විරුද්ධව අධි  චෝදනාවපත්‍රයකි.

මේ  අපායේ තේ පානය සදහා වෙලාව බැවින් ඒසදහා පෙළ ගැසෙන ලෙස නිවේදනයත් සමග සියල්ලෝම කෝප්පයක් රැගෙන  සවිකරනලද වෝටර් ඩිස්පෙන්සර් අසල පෝලිම් ගැසුණි ඒවායින්ලබාගන්නා සුදුපාටදියරය අපට පුරුදු සුවදක් දැනුනු නිසා අපේ මගපෙන්වීම කරන යම මිත්‍රයා ගෙන් ඒ මොනවාදැයි විමසුවෙමි .අයියෝ ඔය මහත්තයලගේ ගමේ ප්‍රොඩක් එකක් නේ අපායේ ලෝදියහදන එක නතරකලා අපිට ඒක පාඩුයි  ඒ වෙනුවට දැන් ලංකාවෙන් කසිප්පු ඉම්පෝර්ට් කරනවා එකඅපායේ ගිනිවතුරටත් වැඩිය  සැර වැඩියි.කටුකම්බි සිමෙන්ති අජිනොමොටෝ වගේ ජාති දාලනේ හදන්නේ ගිණිවතුරෂොට් දෙක ගහන එකා ගහන්නේ කසිප්පු ෂොට් එකයිනෙ එකෙම්ම  නොකවුට් .

කථාව ඇත්තය දැන් කට්ටිය ට හොදපදමට වැදිලය ඉතිරි සම්මුක සාකච්චා පසුවට කල්තබා එතනින්  ඉවත් වීමට අප තීරණය කළෙමු .

තවත් සිහිනයකින් හමුවෙමු

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 6 posts in කොත්තුව category
Recommended for you
මීගමුවේ ඩෙංගු මර්ධනයේ ගොන් පාර්ට්

ජනතාවගෙන්  විශාලා වශයෙන් ජන්දය ලබාගෙන ජයග්‍රහණය කරන මැති ඇමතිවරුන්ට ඊලග ජන්දයෙන් ඇපත් නැතුව ගෙදරයන්නට සිදුවූ...



150x728


150x728