කසිප්පු බෝතල් 75 යි දඩය රුපියල් 240000/= යි

0
10

( පුස්තකාල ජයාරුපයකි)

මිගමුව 2 කුරණ ප්‍රදේශයේ සත්ව ගොවිපලක මුවාවෙන් මහපරිමනයෙන් කසිප්පු පෙරූ සැකකරුවෙකුට රුපියල් 240000/=ක දඩයක් ගෙවීමට මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා ඊයේ (20) නියෝග කළේය

කටානේ බටහිර කලුවාරිප්පුවේ ඩි අචල මදුසංක නමැති අයෙකුට  මෙසේ දඩ නියමවිය. මිගමුව 2 කුරණ ප්‍රදේශයේ කොලබ පාරට ආසන්නයේ සත්ව ගොවිපලක මුවාවෙන් මහපරිමනයෙන් කසිප්පු පෙරන බවට ලද තොරතුරකට අනුව  මිගමුව පොලිසියේ දුෂණ මර්ධන අංශය විසින් අදාල ස්ථානය වටලනු ලැබිණී

පොලිසිය මෙම ස්ථානය වටලන අවස්ථාවේදී සැකකරු විසින් කසිප්පු පෙරමින් සිට ඇත පොලිසිය විසින් සැකකරු සමග කසිප්පු බෝතල් 75ක් සහ ගොඩා බැරල් 7 ක් සමග පෙරුම් උපකරණ අත්අඩංගුවට ගෙන ඇත.

මිගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියලාල් දසනායක මහතාගේ උපදෙස් අනුව මිගමුව මුලස්ථාන පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක පි.එම.ඩි සිරිල් මහතාගේ අධීක්ෂණයෙන් මිගමුව පොලිසියේ දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්‍ෂක ගාමිණී කළුපහන උපපොලිස් පරීක්‍ෂක මදුශංක ඩයස් පොලිස් කොස්තාපල් වරුන්වන (33338)තුෂාර (61088 )චාමර යන නිලධාරීන් විසින් මෙමවැටලීම සිදුකර ඇත.

වැටලීම සිදු කරන ලද අවස්ථාවේ ලබාගත් දර්ශන ඇතුලත් VIDEO ව  මේසමග යාකර ඇත

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here