ක්‍රීඩාව ජාතීන් අතර සුහදතාවයට අත්වැලක්

728x150

 

 

 

 

.

                                            85

උතුරු නැගෙනහිර පාසල් වල දරුවන් අනෙකුත් ප්‍රදේශ වල දරුවන් සමග කටයුතු කිරීම තුළින් එකිනෙකා අතර මිත්‍රත්වය පමණක් නොව ජාතීන් අතර සුහදතාවය වර්ධනය කිරීමටද විශාල පිටුවහලක් ලැබෙන බව නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය  විශේෂඥ වෛද්‍ය සුදර්ශීනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

ඇය මේ බව ප්‍රකාශ කළේ සීදුව දවිසමර විද්‍යාලයේ පැවති ඩී.එස්.අයි සුපර් ස්පෝට් පාසල් වොලිබෝල් ශුරතාවය වෙනුවෙන් තරග වැදුනු බාලිකා වොලි බෝල් ක්‍රිඩිකාවන් අමතමිනි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු ඇය සදහන් කළේ ජීවිතය ජය ගැනීමට ජය මෙන්ම පරාජයද උපකාරී වන බවත් ක්‍රීඩාව තුලින් ඒ සදහා පන්නරයක් ලැබෙන බවත් ය. ක්‍රීඩිකාවක් ලෙස පාසල් කාලයේදී තමා ලත් පුහුණුව දේශපාලනඥයෙකු ලෙසද ජයාග්‍රහණයේදී මෙන්ම පරාජයේදී ඒ අනුව හැඩ ගැසීමට අවස්ථාව ලැබී ඇති බවයි.

වර්තමානයේ අධ්‍යාපනයට පමණක්  හැඩ ගැසී ඇති දරුවන්ට එක් ක්‍රිඩාවක් හෝ තෝරා ගැනීම අනිවාර්ය කිරීම තුලින් කණ්ඩායම් හැගීම,නිරෝගි කම,ජය පරාජය ඉවසා ගැනීම වැනි ගුණාංගයන් ප්‍රගුණ කිරීමට අවස්ථාව ලැබෙන බව සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යතුමිය සදහන් කරයි.

මෙහිදි අදහස් දැක්වූ මීගමුව අධ්‍යාපන කලාපයේ ක්‍රීඩා විෂය භාර සහකාර අධ්‍යක්ෂ අජිත් අධිකාරී මහතා සදහන් කළේ දිවංගත අමාත්‍ය ජෙයරාජ් පුනාන්දුපුල්ලේ මහතා වොලිබෝල් සම්මේලනයේ සභාපතිවරයා ලෙස කැපී පෙනෙන සේවාවක් ඉටු කළ බවයි.එදා සිදුව දවිසමර විද්‍යාලයීය වොලිබෝල් කණ්ඩායම අවසන් මහා තරගයට සහභාගී වන විට,පාවහන් නොමැතිව ක්‍රීඩා කළ බව සිහිපත් කළ ඒ මහතා ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යවරයාගේ මැදිහත් වීම තුල එම දරුවන්ට ජාතික මට්ටමේ ක්‍රීඩකයන් බවට පත් වීමට අවස්ථාව ලබා දුන්නා පමණක් නොව විදේශ සංචාර පවා ලබා දීමට කටයටුතු කළ බව සදහන් කළේය.

වර්තමානයේදී සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මියද සීදුව දවිසමර විද්‍යාලයට ජාත්‍යන්තර මට්ටමේ ගෘහස්ත වොලිබෝල් ක්‍රීඩාංගණයක් ලබා දීමට පියවර ගත් බවත් එය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා නමින් නම් කිරීම එතුමා වොලිබෝල් ක්‍රිඩාවට කළ සේවයට  උපහාර දැක්වීමක් බවද සදහන් කළේය.

මෙම තරගාවලිය සදහා උතුරු නැගෙනහිර ඇතුලු ලංකාව  සැම පළාතක්ම් නියෝජනය කරමින් ක්‍රීඩා කණ්ඩායම් සහභාගිවිය.

සුමිත් කාරියවසම්,

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 60 posts in අධ්‍යාපණික category
Recommended for you
හෙට සවස ජිවිතයේ සුන්දර සන්ධ්‍යාවක් කරගන්න කැමති අයට පමණයි

අග්නි ඔපෙරාව ඇතුළු ප්‍රේමසිරි කේමදාසයන්ගේ ඔපෙරා සදහා ගායනයෙන් සහාය ලබාදෙමින් ලාංකීය ඔපෙරා කලාව සදහා කැපවීමකින්...