කිඹුලාපිටියේදී යතුරු පැදියේ ගැටුණු පාපැදිකරු මියයයි

0
14

ඊයේ රාත්‍රී 8.30 ට පමණ මිගමුව කිඹුලාපිටිය වැරැල්ල වත්ත ප්‍රදේශයේ  අතුරු මාර්ගයක යතුරුපැදියක් සහ පාපැදියක් එකිනෙකට ගැටීමේන්  සිදුවූ මාර්ග අනතුරකින් පුද්ගලයෙකු  මියගොස් ඇත.

අනතුරින් තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මෙසේ මිය ගොස් ඇත්තේ පාපැදියෙන් ගමන් කරමින් සිටි සරත් වික්‍රමරත්න  සිල්වා( 45) නමැති වැරැල්ල වත්තේ පදිංචි කරුවෙකි.යතුරු පැදියෙන් ගමන්කරමින් සිටි  එම ප්‍රදෙශයේම පදිංචි කරුවෙකුවන ජනිත් එරංග සෙහාන් (19) අනතුරින් තුවාල ලබා  මිගමුව රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග අනුව දැනගන්නට ලැබී ඇත.

කටාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජගත් තේමිය  සේනාරත්න,මහතාගේ මෙහෙයවීමෙන්  රථවාහන  අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක  ජයන්ත මහතා විසින්   සැරයන් උපාලි (16293 )කොස්තාපල් සෝමරත්න   ( 31904)  යන නිලධාරීන් සමග අනතුර පිළිබද  වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here