කුරණ මේජර් රාජ් ක්‍රීඩාංගනයේ වැසිකිලිවලේ මදුරු කවුළු විවුර්තව තබන්නට උපදෙස් දුන්නේ කවුද?

0
32

කුරණ මේජර් රාජ් ක්‍රීඩාංගනයේ ප්‍රයෝජනය සදහා ගොඩනගන ලද වැසිකිලි දෙකෙහි වැඩ අවසන් කර මාස තුනක් වත් ගතවී නැත  මේවනවිට වැසිකිලි වල දොරවල් කඩා වැටී අවසන්ය.

මෙ පිලිබදව අප කල සොයාබැලීමේදී අනාවරණය වුයේ මේවා සකස් කර ඇත්තේ කුඩා ප්‍රමාණයේ ඇලුමිනියම් බොක්ස් බාර්වලිනි   පිරිසක් එක්දිනකදී ප්‍රයෝජනයට ගන්නා මෙවැනි වැසිකිලියක් සදහා කුඩා ඇලුමිනියම් බොක්ස් බාර්වලිනි සකස් කරණ ලද දොරක්   කිසිසේත්ම නොගැලපේ ඇලුමිනියම් ඩොර් සේක්සන් ( Door Section ) භාවිතා කර මෙම දොරවල් සකස් කලානම්  කෙටිකලකින්දොමෙසේරවල් කඩා වැටෙන්නේ නැතිබව සාමාන්‍ය දැනීමක් ඇති ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි සරල කරුණකි.

මෙම සැලසුම සකස් කල නාගරික ඉංජිනේරුවන්ට  කාර්මික නිලධාරීන් මෙවැනි සරල කරුණු ගැන අනවබෝධයෙන්  කටයුතු කාලාද එසේත් නැත්නම් කොන්ත්‍රාත්කරු සැලසුමේ සදහන් පිරිවිතරයන්ට පටහැනිව කටයුතු කර තිබේද යන්න පරික්ෂා කරබලා මෙම දොරවල් යලි වගකිවයුතු පාර්ශවය ලවා සකස් කරවා ගැනීමට අවශ්‍ය පියවර නාගරික කොමසාරිස් වරයා ගනු ලබනවාදැයි දැනගැනීමට කැමැත්තෙමු

මෙම ජයාරුපයෙන් දැක්වෙන මෙම වැසිකිලි වල අපද්‍රව්‍ය එක්රැස් වන වලෙහි ඇති විශාල ප්‍රමාණයේ සිදුරු වසා දැමීමට කඩිනම් පියවර ගැනීම ද බලධාරීන් ගේ වගකීමකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here