කුරණ මේජර් රාජ් ක්‍රීඩාංගනයේ සැලසුමක් නැති වැඩකට නැති ඉදිකිරීම් අනුමත කලේ නාගරික ඉංජිනේරු කාර්යාලයේ කාර්යාල කාර්ය සහායකද ?

කුරණ  මේජර් රාජ්  ක්‍රීඩාංගනයේ සිදුකරන  විවිධාකාර වූ ඉදිකිරීම් වලින් ක්‍රීඩාංගණය සංවර්ධනයක්  සිදුනොවන බවත්  මීගමුවේ බදු ගෙවන ජනතාවගේ  මුදල් සංවර්ධනයේ  මුවාවෙන්  මංකොල්ලකෑම සදහා ක්‍රීඩාංගනයකට  අවශ්‍ය නොවන  නුසුදුසු   ප්‍රමිතියකින් තොර ඉදිකිරීම් සිදුකරන බවට  ප්‍රදේශ වාසීන් සහ ක්‍රීඩාංගනය  පරිහරණය කරන්නන්  චෝදනාකරයි.

ක්‍රීඩාංගනය වටා ඉදිකර ඇති ආරක්‍ෂිත වැටේ කොටසක්  වසරක් වැනි කෙටි කාලයක් ඇතුලත ප්ලාස්ටික් මිශ්‍ර නෙට් එකකින් සහ  කොටු  දැලකින් ආවරණය කරනු දක්නට ලැබුණු අතර මේවනවිට එම කොටසේ   තාප්පයක් ඉදිවෙමින් පවතී .

මෙම ක්‍රීඩාංගනය ක්‍රිකට් එල්ලේ පාපන්දු  ක්‍රීඩකයන් මෙන්ම අවට පාසැල් කිහිපයක දරුවන් ක්‍රීඩා පුහුනුව සදහාත්  පාසැල් වල ක්‍රීඩා තරග පැවැත් විමසදහාත් පරිහරණය කරයි.ඕනෑම වැසිකාලයක වැසිජලය නොරැදෙන මෙම ක්‍රීඩාපිටිය  විවිධ කොටස් වලට බෙදා  ක්‍රීඩා පිටියෙන් ඉහලට එසවෙන ලෙස කොන්ක්‍රීට් යොදා සිමා ලකුණුකර ඇත විශේසයෙන්ම  උඩපන්දු රැකගැනීම සදහා පන්දුව දෙස බලාගෙන දිවයන ක්‍රීඩකයන් මේ කොන්ක්‍රීට් වල පැටලී වැටීමේ අවධානමක් ඇත.අපදන්නා තරමටනම් හොදින් පාලනය වන ක්‍රීඩාපිටියක්තුල අත්පන්දු දැල්පන්දු පාපන්දු  සදහා උවමනාකරන ප්‍රදේශ ලකුණු කරන්නේද ගලවා ඉවත් කිරීමට හැකිවන පරිදිය.

24කුරණ මේජර් රාජ් ක්‍රීඩාංගනයේ සිදුවන අමුතුතාලේ  ඉදිකිරීම් දකින අපට නම් පෙනෙන්නේ  ජිවිතේට ක්‍රීඩාපිටියක ක්‍රීඩාවක් නොකළ පිරිසක් විසින් මෙම ඔලමොට්ටල තීරණ ගන්නා බවත් මේවා අනුමත කරන නාගරික ඉංජිනේරුවන් ඇතුළු නගරසභාවේ  ඉංජිනේරු අංශය කටයුතුකරන්නේ විචාර බුද්ධියෙන් නොවන බවත්ය.

මෙම ක්‍රීඩා පිටිසදහා යොදවා සිටින මුරකරුවන්ගේ කැමැත්තෙන් හෝ ඔවුන් බියගන්වා  මෙම ක්‍රීඩාපිටි විවිධ අපචාර ක්‍රියා මත්පැන් සාද පැවැත්වීමත් සදහා යොදාගන්න බව අපමිට පෙර අවස්ථා කිහිපයකදී  පෙන්වා දී ඇතත් තවමත් ඒවා නතරකිරිමසදහා සාධනීය පියවරක් ගෙන නැත

මේ දිනවල සිදු කරන ඉදිකිරීම් අතර අපුරු ඉදිකිරීමක්  දැකගන්නට ලැබුණි  මේසදහා වන සැලසුම සකස්කළේ  අනුමත කලේ  නාගරික ඉංජිනේරු වරයාගේ  කාර්යාලයේ  කාර්යාල  කාර්ය සහයක වන්නට  කොහෙත්ම ඉඩක් නැත.මෙම ජායරුපයෙන් පෙනෙන බංකුව ඉදිවන්නේ  ක්‍රීඩාංගනයට  පැමිණෙන අයට අසුන් ගැනීමටය .

මෙම ලියුම්කරුගේ  විමර්ශන අනුව මෙහි දිග අඩි හයකි පළල අගල් තිහකට වැඩිය.මෙම කොන්ක්‍රීට් ලෑල්ල සදහා  යකඩ දැලක් යොදාගෙන නැති අතර  දිග අතට sls ප්‍රමිතියෙන් තොර මිලිමීටර් 10 ටත් අඩු කම්බි දෙකක් පමණක් යොදාගෙන ඇත.අපි දන්නා තාක්ෂනය අනුවනනම් ගමේ සිටින මේසන් බාසුන්නැහේ   කෙනෙක්  ඉංජිනේරු උපදෙස් නැතුව මේ  වැඩය කලානම් අඩුම තරමින් දෙකේ දෙකේ  කොටු දැලක්වත් මේසදහා යොදාගනු ඇත.

මෙය පාසැල් ක්‍රීඩා උත්සව පැවැත්වෙන තැනකි  මෙතනට එන පාසල් සිසුන් මේවා උඩට  නගිනු ඇත නිකනුත් කඩාවැටෙන  මෙම මරඋගුල් කඩාවැටෙන්නේ  අහිංසක දරුවන්ගේ කකුල්ද  කඩාගෙනය. මේවැනි ඔලමොට්ටල  ඉදිකිරීම් අනුමතකරන මුදල් ගෙවන නිලධාරීන් ගේ බුද්ධිය පිලිබදව අපට ගැටලුවක් ඇත.  කුරණ ක්‍රීඩාංගනය හරහා සිදුවන මෙම මහාපරිමාණ වංචා හා දුෂණ පිලිබදව රජයේ විගණන අංශයේ අවධානය යොමු නොවීම  කණගාටුවට කරුණක් බව නගර සභාවේ මුදල් අංශයේ අදහසයි.

 

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 12 posts in ක්‍රීඩා category
Recommended for you
ක‍්‍රිකට් තේරීම් කමිටුවේ මහපුටුව මාරිස්ටෙලා විදුහලට

      හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩක ග්‍රෙහැම් ලැබ්‍රෝයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස පත්...



150x728