කෙටිකාලීන වාසියට ඇමති සැප විදින අයට ජනතාව පිළිතුරු දේවි -ගීතා ඊයේ කටනේදී

150කුමන බාධක මධ්‍යයේ උවද ජනතා සේවය වෙනුවෙන් කැපවී කටයුතු කරන කටානේ ජනතාව විශාල ලෙස ආදරයෙන් පිළිගන්නා උගත් තරුණ දේශපාලන චරිතයක් ලෙස රජිත හපුආරච්චි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී වරයාගේ දේශපාලන බාවිතය දේසපාලනයට අලුතින් එකතු වීමට සිටින තරුණ දරුවන්ට හොද ආදර්ශයක් බව ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය .ඒ මහත් මිය මෙම අදහස් පලකලේ ඒකාබද්ද විපක්ෂය සංවිධානය කරන මහනුවර කොළබ පාද යාත්‍රාව ගැන කටානේ ජනතාව දැනුවත් කිරිම සදහා කදසුරිදු ගම රවිරන්ජිත්ගම සමුර්ධි ගම ජනජය ගම ජනතාව සංවිධානය කල රැස්වීම වලදීය.

වසර පහක් මේ රජය පැවතුනොත් ජනතාවට හාමතේ මිය යන්නට සිදුවන බවත් ජනතාවට කප්පරක් බොරු කියා බලය ලබාගත් මේ ආණ්ඩුව වසර තිහක් පැවති යුද්දය අවසන් කර මහින්ද රාජපක්ෂ රජයෙන් කරගෙන ආ සංවර්ධනය කඩාකප්පල් කර ජනතාව අන්ත අසරණ තත්වයට පත්කර ඇති බවත් නුවරින් ඇරබෙන පාද යාත්‍රාව මේරජය ගෙදරයවා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රජයක් පිහිටුවීමේ ආරම්බය බවත් සදහන්කල මන්ත්‍රීවරිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පිනෙන් මනාපය ලබාගෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තු ගොස් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට මුක්කු ගසමින් රාජ්‍යය දේපල විකිනීමට බදුබර පැනවීමට සහ එට්කා වැනිරටට අහිතකර අනපනත් වලට සහයෝගය දෙන අයට මීලග මැතිවරණයකදී ජනතාව නිසි පාඩම උගැන්වූ ඇති බවද මන්ත්‍රී වරිය පැවසීය.151

එමනිසා කෙටිකාලීන ඇමති වරප්‍රසාද බුක්ති විද ජනතාවගෙන් ප්‍රතික්ෂේප නොවී පාද යාත්‍රාව සමග එකතු වනලෙස එම පිරිසට ආරාධනා කරනබවද ගීතා කුමාරසිංහ මහත්මිය ප්‍රකාශ කළේය. සිංහල සිනමාවට සම්බන්ද කටයුත්තක් සදහා තායිලන්තය බලා යාමට ගුවන් තොටුපලට යාමට ඇති බැවින් සහ අද දිනයේ යොදාගෙන තිබු රැස්වීමවලට වැඩියෙන් රැස්වීම ඇමතීමට සිදුවීම නිසා රජිත හපුආරච්චි පළාත් සභා මන්ත්‍රී වරයා සංවිධානය කරතිබෙන අනෙක් රැස්වීම්වලට යාමට කාලවේල නොමැති වීම පිලිබදව කනගටුවන බවත් එම ජනතාව ඇමතීම සදහා නොබෝ දිනකදී යලි කටානට පැමිණෙන බවද මන්ත්‍රීවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය .

ඒකාබද්ධ ව්පක්ෂය වෙනුවෙන්මෙම රැස්වීම සංවිධානයකල රජිතහපුආරච්චි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී වරයා සහ හිටපු පළාත් පාලන නියෝජිතයින් කිහිප දෙනෙක්ද  රැස්වීම වලදී කතාකළහ.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 135 posts in දේශපාලනය category
Recommended for you
අක්කර පනහ එන්ජල්ස් ප්‍රජාමූයේ ලොක්කන්ගේ නෝන්ජල් වැඩ

කම්කරු නීතිරීති උල්ලංඝනය කරමින් කටයුතු කල අක්කර පනහ එන්ජල්ස් ප්‍රජමුල සංවිධානයේ නිලධාරීන්ට මෙම මස 29...