කොචිචිකඩේ පොලිසියේ මෙහයුමකින් නවීන ජීප් රථයකින් කටානට කුඩු බෙදු ජාවාරම් කරුවෙකු සමග සැකකරුවන් 14 ක් අත්අඩංගුවට

0
26

කොචිචිකඩේ පොලිසියේ දුෂනමර්ධන ඒකකය මගින් ඊයේ  කරණ ලද වැටලීමකින්  හෙරොයින් ලග තබාගත් පුද්ගලයන් 13 දෙනෙකු සහ හෙරොයින් ජාවාරම් කරුවෙකු ඇතුළු දහහතර දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ හෙරොයින් මිලිග්‍රෑම් 80 වත් 150 ත් අතර පැකට් 13 ක් තිබී ඇති අතර ජාවාරම්කරු අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් මිලිග්‍රෑම් 3200ක් සහ හෙරොයි ජාවාරම සදහා යොදාගත් ජීප් රථයක් ද සමගය.

මෙම ජාවාරම් කරු මෙයට පෙරද මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අසු වී ඇති අයෙකි.බටපත්තල,බම්බුකුලිය ,හෙන්මුල්ල, මුරුතාන යන ප්‍රදේශවලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

කොචිචිකඩේ පොලිසියේ  වැඩබලන ස්ථානාධිපති ඒ ඩබ්ලිව්.එම  ම්වුසම් මහතාගේ උපදෙස් පරිදි මෙම වැටලීම සිදුකකර ඇත්තේ දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ඒ එම් මාරසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙනනි

පොලිස් සැරයන් වරුන් වන ප්‍රේමසිරි ජයරත්න එම ජි එම කුමාරසිංහ පොලිස් කොස්තාපල්වරුන් වන අසේල ,ජයසුන්දර,මදුශංක,සිසිර ,සේනාරත්න සහ කාන්ත පොලිස් කොස්තාපල අනුෂා  යන පොලිස් නිලධාරීන්ද  මෙමවැටලීම සදහා සහභාගීවිය.

සැකකරුවන් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here