කොත්තුව – ඉරිදාටපමණයි

728x150

මාර   දියුණුව

අපි හැමවිටම දියුණුවට කැමැත්තක් දක්වන අතරම දියුණුව ගැන පාරම්බාන්නට  එයටත් වැඩි කැමැත්තක්දක්වයි මේ දියුණු කතාව පටන්ගැනීමට අගමුල ගලපමින් සිටි මට ඊයේ රෑ නින්දට යනවිටත් අදහසක් පහලවී තිබුනේ නැත මේ දිනවල පවතින අධික රශ්නය නිසා මම මෙන්ම අපේ මායියාත් ළමයිනුත් වරින්වර නැගිටිනවා නිදි අවදි දෙක අතරේ සිටි මට ඇසුනි මට මගේ කුඩාකාලය මතක්විය අප කුඩා කල සිටියේ කටුමැටි ගැසූ පොල් අතු සෙවෙලි කල ගෙයකය ගොමමැටිගෑ බිමේ පන් පැදුර එලාගෙන එකගොඩේ වැටී නිදාගත් අපට මෙහෙම රස්නයක් දැනුනේ නැත. අද අපට මහල් නිවසක් ඇත නිදාගැනීමට වෙනම කාමර සහ ඇද ඇතිරිලි ඇත එහෙත් පැදුරේ තරම් සුවනින්දක්  නැත මෙය අද අපි කතාකරන මාර දියුණුවේ ප්‍රතිමුර්තියක් නොවේ දැයි මට සිතුනි

       අපේ තාත්තාට කුඩා කඩයක් තිබුණි ඒකාලයේ අදමෙන් පාරවල්වල විදිලාම්පු තිබුනේ නැත ගාල්ලේ සිට එන අන්තිම ලංගම බස් එක එනතුරුම තාත්තා පැට්‍රෝල් ලාම්පුව නිවා කුප්පි ලම්පුක් පත්තුකරගෙන කඩේ එක දොරපළුවක් ඇරගෙන බලාසිටි.වැස්ස දවසක නම් ලොකු හබරල කොල සහ කෙසල් අතු කීපයක් කපා දොරට හේත්තුකර තබයි බස්  එකෙන් බැස මැලවූවට යාමට එන අය කොතරම් රෑ  උනත් ආගිය තොරතුරු කතා කර සත පහක්දී ඉටිපන්දමක් සහ ගිනිපෙට්ටියක් මිලිදිගන්නා අතර අපි ඔවුන්ට  හිල් පොල් කට්ටක් නොමිලයේ ලබාදෙන්නේ ඉටිපන්දම නිවිම ව්ලක්වගෙන සුළගින් මුවාකරගෙන යාමටයි.

  වැසි දිනකනම් දොරට හේත්තුකර තිබෙන කෙසල්  අත්තක් හෝ හබර කොලයක් ගෙන හිසමුවා කරගෙන මගියා පිටත්ව  ගිය පසු තාත්තා කඩයේ දොරපලුව වසා දමයි බොහෝ දවස්වල  තාත්තා කිවේ කඩේ ඇරගෙන ඉන්නේ  ඉටිපන්දමයි ගිනිපෙට්ටියයි විකුණන්නම නොවේ අපිත් කඩය වහල දැම්මොත් ඔය අන්තිම බස් එකේ එන මිනිස්සුන්  වැස්සේ තෙමිගෙන කළුවරේ  යන්නේ බැරි වෙලාවත්  සතෙක් දෂ්ඨ කලොත් අපරාධයක්.

අද හැටේ දසකයේ තිබු තාත්තා කුඩා තේ කඩය නැත මල්ලි  එතන නවීන පන්නයේ හෝටලයක් දමා ඇත දැන් පාරේ විදි ලාම්පු දමා ඇත අන්තිම බස් ඒක කියා එකක් නැත අධිවේගී බස්  එකෙන් පැමිණ තුන් රෝදයෙන් ගමට යාමට හැකියාව ඇත ඉටිපන්දම් එළියෙන් සතා සිවුපාවගෙන් ගෙන් ආරක්ෂාවී එදා ගෙදර ගියත් අද මගතොටේ දී ඇතිවන සොරසතුරුබිය අති විශාල ලෙස මාර දියුණුවක් ලබා ඇත

 සමහරු කියන විදියට අපේ ගමේද ඇත්තේ මාර දියුණුවකි පොඩි පොඩි කඩ වෙනුවට සුපිරි කඩ ඇත තනි තටුවේ ගෙවල් වෙනුවට මාලිගා වගේ ගෙවල් සැදී ඇත පාපැදියේ ලගේජ් එකේ තාත්තා සමග අපි පාසලට කල් ඇතිව ගියාට දැන් අම්මාලා  රූන් ගාල යතුරුපැදීයෙන් ළමයා පාසැලේ ගේට්ටුව ලගින් බස්සවා කැන්ටිමෙන් කැමති දෙයක් කන්නට මුදල් අතට දී ජිම් එකට ගිහිල්ලා උදේ කෑමත් කඩෙන් අරගෙන ගෙදර එනවාය

 අපි කුඩා කාලයේ අපේ අම්මා උදෙන් නැගිටලා එක එක දවසට පිට්ටු ආප්ප බතල හදලා කෙසෙල් කොලයක ඔතල දෙන්න කොපමණ මහන්සි උනාද දැලිකුණු ගාගෙන කෑම හදනවට වැඩිය ළමයට කැන්ටිමෙන් කන්න කියක් හරි දෙන ඒක මොනතරම් පහසුදැයි පාසලේ කැන්ටිමක් කරන  මල්ලි  කියනවා අසා සිටි අපේ අම්මා කියූවේ රෝල්ස් හදලා සුමාන ගණන් තියාගෙන බදිනවා තෙල් තාත්චිය අස්නොකර බැදපු තෙල් එකටම දමල බදිනවා ඉතිරිතෙල් වලින් ප්‍රයිඩ් රයිස් හදනවා හැම කෑමකටම අජ්නමොටෝ දමනවා මේ ජරාව කාල පොඩි දරුවෝ ලෙඩදුක් හදාගන්නවා ඉස්සරහට හොයාගන්න බැරි ලෙඩ හැදෙනවා අම්මාගේ කතාව සම්පූර්ණ යෙන් ඇත්තය.

  අනාගතය බාරගන්නා දරුපරපුර  නිරෝගී පරපුරක් කරන්න පටන් ගත්ත වැඩ පිලිවලට චක්‍රලේඛ වලට මොකද වෙලා තියෙන්නේ කියල මම විදුහල්පති තුමෙකුගෙන් ඇහුවේ අලුත්ම තත්වේ දැනගන්නටය පරිප්පු නියම රසෙන් කන්නෙ නැතුව කෘතීම රස පහකින් පරිප්පු කන්න මිස්කෝල් ගහන මොල්ලු ඉන්න රටක ඇමරිකන් පිටි වලට සහනාධාර දෙන රටක පිටි වලින් හදන කෑම වර්ග පාසැල් කැන්ටින් වල නවත්වල අල බතල බත් කිරිබත් වලට අලුත් පරම්පරාව පුරුදු උනොත් ඇමරිකාවේ පිටි මාර්කට් එක කඩා වැටිලා එහේ තිරිගු ගොවියෝ උද්ගෝෂණය කරලා ඔබාමාගේ ආණ්ඩුව කඩා වැටුනොත් එන චන්දෙන් හිලරි පරාද වෙන්න පිටි ගැටලුව බල පෑවොත් ඒක චිරාත්කාලයක් තියෙන ඇමරිකාවෙ හිතවත්කම පලුදුවෙලා අපේ මානවහිමිකම් ගැටළු ගැන සෙවීම නතර කරලා දමන්න ඉඩදීම අපේ රටේ සංවර්දනයට බාදාවක් වෙනවා.

     අනෙක දේශිය ආහාර පරිභෝජනය වැඩි වෙලා අපේ ගොවියාගෙ අතමිට සරු උනොත් කොහොමද ගොවියෝ මහපාරට බස්සන්නේ මේවා සේරම අමතක කරමු.  අපේ අනාගත පරපුර ලෙඩ්ඩු නොවී  කොහොමද අපේ අසල්වැසි හිතවත් රටවල් හදන බෙහෙත් ටික අරගන්නේ වකුගඩු ව්‍යාපාරය දියුණු කිරිමට දේශිය ආහාර පරිභෝජනය වැඩිකිරීම බලවත් පහරක්

         ඔහේට මාර මොළයක් තියන්නේ උපාධියක් එහෙම කරලා පරිපාලන විභාගලියල මාර කට්ටක් කන්න ඇති මේ වගේ තැනක ලොකු මහත්තය වෙන්න. මම අහපු අන්තිම පැනයට ලොක්කා දුන්නේ මාර ටෝක් එකෙන් මට හිතුනෙ දීයුනුවෙන එක මාර  ලෙහෙසි කියල එකෙක්ගෙ ලියුමට පත්වීම ගත්ත අනෙක්  පැත්තට  සැට් උනා වැඩ බලන්න දුන්න අයෙමත්  මහගෙදරට එනවකියල පරණ  බුවා පිළිගත්ත, සුමානෙන් පත්වීම ඉස්තිරකලා.

මම අන්තිමට ඇහුව ඔහොම වාසියට එහාට මෙහාට යන්න ලජ්ජාවක් නැත්ද කියල අපි ආවම ගියාම පිලි ගන්න එකාලට ලජ්ජාවක් නැත්නම් අපිට මොන ලජ්ජාවක් ද කොල්ලෝ පිනා කියපි.

ලබන ඉරිදාත් කොත්තුවෙන්  හමුවෙමු

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 11 posts in කොත්තුව category
Recommended for you
කටානේ සහ මීගමුවේ මනාප ජන්දයෙන් ගොඩගිය මැති ඇමති වරුන්ගේ අවධානය පිණිසයි

මේ ඔබ දකින්නේ  මීගමුවත් කටානත් වෙන්කරනු ලබන දෙපා ඇළමාර්ග යයි මෙම ඇළෙහි වැසිජලය ගලායාමට ඇතිවන...