කොන්ඩම් දැම්මත් ලිංගාශ්‍රිත රෝග

0
22

 

ලිංගාශ්‍රිත රෝග ව්‍යප්තිය මෙරටේ බොහෝදෙනාට නොපෙනෙන  සැගවී ඇති බරපතල වසංගතයක් බවත් එක සහකරුවෙක් එකසහකාරියක් සමග ලිංගික ඇසුර ලිංගාශ්‍රිත රෝගවලින් වැලකීම සදහා ඇති එකම මග බවත්මිගමුව දිස්ත්‍රික් මහා රෝහලේ ලිංගාශ්‍රිත රෝග පිළිබද ඒකකයේ (STD)විශේෂඥය වෛද්‍ය චන්ද්‍රිකා  ජයකොඩි මහත්මියපැවසිය.

විශේෂඥය වෛද්‍ය චන්ද්‍රිකා ජයකොඩි මහත්මියමෙම අදහස් පලකලේ මීගමුවේ සම්බාහන ආයතන හිමිකරුවන් දැනුවත් කිරීම සදහා මිගමුව පොලිස් අධිකාරී කාර්යාලය මගින් පසුගියදා(14)  සංවිධානය කරතිබූ  සම්මන්ත්‍රණ යකදීය.

මෙහිදී වැඩිදුරටත්  කරුණු දැක්වූ විශේෂඥය වෛද්‍යවරිය   ලිංගාශ්‍රිත රෝගව්‍යප්තිය වැඩිපුරම සිදුවන්නේ රටේ වටිනාම සම්පත වන තරුණ පරපුර අතරේ බවසදහන් කලාය.

විශේෂඥය වෛද්‍යවරිය සදහන් කල තොරතුරු වලට අනුව   වාර්තා වන HIV/AIDS ආසාදිතයන් අතරින් 75% ක් වයස අවුරුදු 25 -49 වයස් කාණ්ඩයට අයත්වේ  වයස 15 -24 අතර HIV ආසාදිතයන් වාර්තාවීම වැඩිවී ඇත පාසැල් දරුවන් අතරද ආසාදිතයන් වාර්තාවේ මේවනවිට ලංකාවේ සතියකට  ආසාදිතයන් හතර දෙනෙකු පමණ වාර්තාවේ.

උපත් පාලන කොපුවක් පැලදීමෙන්  HIV/AIDS ඇතුළු සමහර ලිංගාශ්‍රිත රෝග වලින් යම්පමනකට ආරක්ෂා වන නමුත් ලිංගික ඉන්නන් හර්පිස් වැනි ලිංගාශ්‍රිත රෝග වෛරසයක් මගින් බෝවන අතර එය ස්පර්ෂයෙන් ගැටීමෙන් ද බෝවියහැකි ය. මේ අනුව උපත් පාලන කොපුවක් පැලදීමෙන්  100%ක ආරක්ෂාවක් නොලැබෙන අතර  ලිංගාශ්‍රිත රෝග වලින් වැළකීමේ  100 % සාර්ථකම ක්‍රමය එක් සහ කරුවෙක් එක් සහකාරියක් සමග ලිංගික ඇසුර පවත් වා  කාමයේ වරදවා නොහැසිරී දැහැමිව දිවිගෙවීම බවද විශේෂඥය වෛද්‍ය චන්ද්‍රිකා ජයකොඩි මහත්මියමෙම පෙන්වදෙනලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here