කොලොන්නාවෙන් මීගමුවට කුඩු

0
15

මීගමුවට මත්ද්‍රවය ගෙනවිත් අලෙවිකරණ තුන් දෙනෙකුගෙන් යුත් කල්ලියක්  මිගමුව ගල්කන්ද හන්දිය අසලදී අත්අඩංගුවට ගෙන ඇත මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොලොන්නාවේ සහ කටුවල්ලේගම පදිංචි 35 හැවරදී විවාහකයන් තිදෙනෙකි.අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍ය අතර මත්පෙති 600ක් කේරල ගංජා ග්‍රෑම් 500ක් සහ හෙරොයින් ග්‍රෑම් 7ක් තිබිඇත

මිගමුව කොට්ටාශයේ  නිතිය බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටි ඒ එල් පෙරේරා මහතාට ලැබුණු තොරතුරුකට අනුව මිගමුව ගල්කන්ද හන්දිය අසල හදිසි මාර්ග බාදකයක් යොදා කල මෙහෙයුමකදී  මෙම සැකකරුවන්  සහ මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇත.මෙම මත්ද්‍රව්‍ය වල වෙළදපොල වටිනාකම ලක්‍ෂ තුනකට අසන්නවේ.

සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය ඉදිරි විමර්ශන සහ අධිකරණ කටයුතු සදහා අද 28 දින මිගමුව පොලිස් ස්ථානයට බාරදීමට නියමිතය.

 

මිගමුව පොලිස් අධිකාරී  අනුර සේනාරත්න ද සිල්වා මහතාගේ උපදෙස් අනුව  සහකාර පොලිස් අධිකාරී ලලිත් රෝහනගමගේ මහතා ගේ  අධීක්ෂණයෙන්  සිදුකල මෙම මෙහෙයුමට නිතිය බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටි ඒ එල් පෙරේරා මහතා සමග පොලිස් සැරයන් වරුන් වන එන් ජේ ටයිටස් ප්‍රනාන්දු ( 31852 )අනුර ගුණසේකර 25582  පොලිස් කොස්තාපල් වරුන්වන දිනේෂ් 77216 ඉන්දික  71196 ,මධුසංක 77902, මලින්ද 34292,ගයාන් 82756  සමග පොලිස් රියදුරු කසුන් 13693 යන නිලධාරීන් සහභාගිවී ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here