කෝටිපති ව්‍යාපාරිකයන් කරවල කිරීමට රටින් ගෙනෙන මාළු කපා මුහුදු වෙරෙළ අපවිත්‍ර කිරීම සංචාරක කර්මාන්තයට බාදාවක්

728x150

මීගමුවේ ජනතාවගේ  ප්‍රධාන අදායම් මාර්ගවලින් එකකි සංචාරක කර්මාන්තය සංචාරකයන් ගෙන් වැඩිදෙනෙක් පැමිණෙන්නේ සුන්දර වෙරළතීරයේ විවේක සුවය ගත කිරීම  ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථාන දැක බලා ගැනීම අපේ ආගන්තුක සත්කාර ආදී විවිධ හේතුන් මතය.අද වනවිට අපේ වෙරළ තිරයෙන්  දිනෙන් දින සංචාරකයන් ඈත් කරමින් ඇත.ලංකාවට පැමිණි  දෙවන  එලිසබත් මහ රැජින ඇතුළු විදේශිය රාජ්‍ය නායකයන් නවාතැන් ගත් තැනකි  මිගමුව තානායම.මිගමුව තානායමට පැමිණි ඔවුන් තානායම අසල මුහුදු වෙරළ අගයමින්වෙරළේ සුන්දරත්වය විදගෙන ඇත.

අද වන විට කිසිවෙකුට අයිති නැති පොදු මහජනතවට අයත් මීගමුවේ තානායම අසල  මුහුදු වෙරළ මහාපරිමාණ කරවල නිෂ්පාදකයන් විසින් අත් පත් කරගෙන ඇත.දුප්පත්  ධිවරයන්ගේ තාවකාලික නිවසක වහලක් හෙවිලිකිරීමට ඉඩනොදෙන එම පැල්පත් කඩා දැමීමට නඩු දමන වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අනවසර ගොඩනැගිලි මෙන්මසියලු  පරිසර නීති උල්ලංඝණය කරමින් දිනපතා  අපද්‍රව්‍ය ටොන් ගණනින් මුහුදට මුදාහරිමින් සිටිනමෙම මහාපරිමාණ  ව්‍යාපාරිකයනට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමටඅදාල නිලධාරීන්  මැලිකමක් දක්වන්නේ ව්‍යාපාරිකයන් සහ ඔවුන් අතර ඇති නිත්‍යානුකූල නොවන එකග තාවයන් නිසායයි ධිවර ප්‍රජාව අතර සැකයක් මතුව ඇත.

මෙම අනවසර ව්‍යාපාරය නිසා මුළු වෙරළතීරයම අපවිත්‍ර වී ඇති අතර කරවල වෙලිමේදී ඇතිවන දුර්ගන්දය නිසා මේ අවට ඇති රාජ්‍ය ආයතන වල සේවය කරණ අය මෙන්ම නිවුස්ටඩ් බාලිකාවේ ඉගෙනුම ලබන දරුවන්ද දැඩි අසීරු තාවයකට පත්ව ඇත.

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්  මෙන්ම ප්‍රාදේශීය ලේකම්වරයා ද  මෙම නීති විරෝධී කටයුතු පිලිබදව මුනිවත රැකීම කණගාටුවට කරුණක් බවයි මෙම වෙරළින් මුහුදු යන සුළු පන්න ධීවරයන් ප්‍රකාශකලේ

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 448 posts in News category
Recommended for you
හිටපු ධිවර නියෝජ්‍ය අමාත්‍ය සරත්කුමාර ගුණරත්නගේ පුද්ගලික ලේකම් රිමාන්ඩ්

කලපු සංවරධන කටයුතු සදහා වෙන්කළ මිලියන 12 හක මුදලක් සාවද්‍ය පරිහරණය කලයි හිටපු ධිවර නියෝජය  ඇමතිසරත් කුමාර...