කෝටියක හෙරොයින්ගෙනා මාලදිවයින් සංචාරකයින් රදවාගෙනප්‍රශ්න කරයි

728x150

rbvs0020365
ජයාතාන්ත්‍ර මත් ද්‍රව්‍ය  ජාවාරමේ සංවිධානාත්මකව නිරතව සිට  රුපියල්  එක්කෝටි  විසිලක්

පමණ  වටිනා ඉස්තරම් වර්ගයේ හෙරොයින් තොගයක්  සමග (22 දා) අත්අඩංගුවට  පත්වූ මාලදිවියන් සංචාරකයන් දෙදෙනා සතියක කාලයක් රදවාගෙන වැඩිදුර විමර්ශන කිරීමට මිගමුව වැඩ බලන  මහේස්ත්‍රාත් කේ.ජී.ගුණදාස මහතා විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට (23 )දින අවසර ලබා දෙනලදී .

වැඩබලන  මහේස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය කරනු ලෑබුවේ ශ්‍රීලංකාවට හෙරොයින්කිලෝ එකක් සහ ග්‍රෑම්254ක් ආනයනය කිරීම සන්තකයේ තබා ගැනීම  සහ ජාවාරම් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ශානස් මොහමඩ්(45) සහ ලතිෆ් හුසේන්(50) නැමති මාලදිවියන් ජාතිකයන් දෙදෙනා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින්  මිගමුව වැඩ බලන මහේස්ත්‍රාත් කේ.ජී.ගුණදාස මහතා හමුවට(23 )දිනඉදිරිපත්  කල අවස්ථාවේ දීය.

කටුනායක ගුවන් තොටුපල  හරහා සිදුවන  මෙම ජයාතාන්ත්‍ර මත් ද්‍රව්‍ය  ජාවාරම සම්බන්දයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ දෙටු පොලිස් අධිකාරී එල් කේ  ඩබ්ලිවු කේ  සිල්වා  මහතාට්  ලද තොරතුරු  අනුව පුලුල් විමර්ශනයක් පවත්වා ඇති අතර පසුව  බම්බලපිටියේ  සංචාරක හෝටලයක් තුළ රැදී සිටි මලදිවියන් ජාතිකයන් දෙදෙනා රැදී සිටි කාමරය පරික්සාවට ලක්කළ අවස්ථාවේ එහි සගවා  තිබු  පාර්සල් දෙකක් තුළ රුපියල්  එක්කෝටි  විසිලක්ෂයක් පමණ  වටිනා හෙරොයින් තොගය සමග සැකකාර  මාලදිවයින් ජාතිකයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. මාලදිවයින් ජාතිකයන් දෙදෙනා වේනුවෙන් සුරාජ් ජයමාන්න මහතා පෙනීසිටියේය.තා

වාර්තා කලේ  මීගමුවේ විමල් කිර්ති

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 661 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කටාන සමුපේ වාහන අවභාවිතයේ

කටාන විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභා රැස්වීම  සමුපකාර ශ්‍රවනාගාරයේ අද( 28)පැවති අතර අධ්‍යක්ෂක මණ්ඩලය...