කෝටි 14 ක කාන්තා යට ඇදුම් සොරාගනි

728x150

ඇමරිකාව හා එංගලන්තය වැනි යුරෝපා රට වලට අපනයන කිරිම සදහා සුදානම් කර තිබු රුපියල් කෝටි දාහතරකට අධික වටිනා කමකින් යුතු කාන්තා යට ඇදුම් තොගයක් නෙළුබෑව ප්‍රදේශයේ ඇගළුම් කම්හලක් බිද එහි ඇගළුම් සොරාගත් යැයි කියන ප්‍රරධාන සැක කරුවකු ඉකුත් 22 දින සවස මිගමුව නගර මධ්‍යයේදී පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මිගමුව කොචිචකෙඩි ප්‍රදේශයේ පදිංචි අතපත්තු මුදියන්සේලාගේ දිනේෂ් කුමාර අතපත්තු 33 නොහොත් සංජිව යන පුද්ගලයෙකුය
යුරෝපීය රටවලට ඉතා සුපිරි මිළ ගකක් සුපිරි සන්නාම යටතේ අළවි වන රුපියල් කෝටි දාහතරකට අධික වටිනා කමකින් යුතු මෙම කාන්තා යට ඇදුම් තොගය අනුරාධපුර හිදෝගම පොලිස් වසමට අයත් නෙළුබෑව ප්‍රදේශයේ පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවකින් ඉකුත් 3 වන දින අළුයම ආරක්ෂක අංශය නොමග යවා විශාල විදුරු දොරවල් අගුළු බිද එහි තිබු බේල් වර්ගයේ රෙදි උර වලට දමා ත්‍රිරෝද රථයකින් රැගෙන ගොස් පසුව ප්‍රරදේශ කීපයක රෙදි පිලි කඩ කීපයකට විකුණා ඇති බව පරික්ෂණ වලදී හෙලිවු බව පොලිසීය කියයි.
මෙම සැක කරු සමග තවත් පුද්ගලයෙකු මෙයට පෙර සීදුව ප්‍රරදේශයේ ඇගළුම් කම්හලක් බිද කරන ලද සොරකමක් සම්බන්දයෙන් ඉකුත් 18 දින ඇප නියම වි ඇතත් එදින ඇප ලබා නිදහස් නොවි සිට ඇත්තේ කෝටි 14 සොරකමට සම්බන්දයෙන් ඇප මත නිදහස් වි එලියට එන අවස්ථාෙවි අත් අඩංගුවට ගැනීමට සිටින බව එහුට ආරංචි වි ඇති බවත් පසුව දින 4කට පසු නිදහස් වි එලියට එන අවස්ථාෙවි මෙම පුද්ගලයාත් මිගමුව නගර මධ්‍යයේදී අත් අඩංගුවට ගත් බව පොලිසීය ප්‍රකාශ කලේය .03
ප්‍රධාන සැක කරු සමග අනියම් ඇසුරක් පවත්වා ගෙන යනු ලබන මෙම සොරකම ඇතුළු තවත් මෙවැනි සොරකම් කීපයකට සම්බන්දයෙන් අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ආඩිඅම්බලමප්‍රදේශයේ පවත්වා ගෙන ගිය උප ඇගළුම් කර්මාන්ත ශාලාවක තිබියදී ලක්ෂ අසුවක් පමණ වටිනා යට ඇදුම් තොගයක් සොයා ගැනීමෙන් පසු මෙම කාන්තාව මිගමුව කොචිචිකඩේ වෙන්දේශි වත්තේදී අත්අඩංගුවට ගෙන අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිිරිපත් කරිමෙන් පසු 25 දින දක්වා රක්ෂිත බන්දනා ගාර ගත කොට ඇති බව පොලීසිය පැවසීය
සිද්දියට සම්බන්ද ප්‍රධාන සැක කරුගෙන්ප්‍රරශ්ණ කිරිමෙන් පසු සිදුවප්‍රදේශයේ ප්‍රරසිද්ද රෙදිපිලි අලවි සැල් කීපයකින් සැක කරු විකුණා තිබු මිළ අධික ඇදුම් කටිටල් 16000ක් අඩංගු පෙටිටි 54ක් සොයා ගත් බව පොලීසිය කියයි10
අනුරාධපුර කොඨටාශ භාර පොලිස් අධිකාරි ආචාර්ය්‍ය අතුල විරසිංහ මහතාගේ උප දෙස් මත සහකාර පොලිස් අධිකාරි 1 එම් සමුද්‍රජිව මහතාගේ අධික්ෂනය යටතේ සිදුව පොලිසියේ ස්ථානාධිපති ආර් ඩි එම් සිරිල් කෙචිචිකඩේ පොලිසියේ සථානාධිපති එන් ඩි ආර් ජේ ධර්මකීර්ති යන මහත්වරුන්ගේ සහයෙන් හිදෝගම පොලිසියේ ස්ථානධිපති එන් පී කස්තුරිආරචිචි අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක පියන්ත පො සැ 23667 පි‍්‍රතිරත්න පො කො 33905 විජෙතිලක 75198 දිනේෂ් 549143 නිරොෂන් 72632 කුමාර පො කො රි 19429 පේ‍්‍රමසිරි යන නිළධාරින් කණ්ඩායම මෙම වැටලීම සිදු කර තිබුනී
මිගමුව පියපේම රුපංජන

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 661 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කටාන සමුපේ වාහන අවභාවිතයේ

කටාන විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභා රැස්වීම  සමුපකාර ශ්‍රවනාගාරයේ අද( 28)පැවති අතර අධ්‍යක්ෂක මණ්ඩලය...