ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම පානීය ජල හිගය ජලසම්පාදන රාජ්‍ය අමාත්‍යතුමිය නියෝජනය කරණ කටානේ ලු ?

728x150

මේ වනවිට  ඇතිවී තිබෙන දැඩි නියගය හමුවේ ගමපහ දිස්ත්‍රික්කයේ විශාල පිරිසක් ජල හිගයෙන් පීඩා විදින බවත් එම පිරිස අතරින් පිඩාවට පත්වී ඇති වැඩිපිරිසක්  සිටින්නේ වත්මන් යහපාලන ආණ්ඩුවේ ජලසම්පාදන කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය තුමිය නියෝජනය කරණ කටාන ආසනයේ වීම කණගාටුවට කරුණක් බවත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ආනන්ද හරිස්චන්ද්‍ර මන්ත්‍රීවරයා පැවසීය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පලකලේ පළාත් පාලන මැතිවරණය කල් යාම පිලිබදව කටාන ආසනයේ  ශ්‍රීලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් පාලන නියෝජිතයින් සමග සිදුව ෂාෂා හෝටලයේදී පැවති පුවත් පත් සාකච්චාවකට එක්වෙමිනි.

කටානේ පානීය ජලගැටලුවෙන් පීඩා විදින ජනතාව වෙනුවෙන් ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ  ඇමතිවරයා ගේ මැදිහත් වීමෙන් ලබාදුන් ප්‍රජා ජලයෝජනාක්‍රම වලින් කොටසක් විවිධ අක්‍රමිකතා සහ දුෂ්කරතා නිසා බිදවැටි හෝ නිසිපරිදි ක්‍රියාත්මක නොවන බවත් එම ප්‍රජා ජල යෝජනා ක්‍රම  සක්‍රිය කර නිසිපරිදි ක්‍රියාත්මක  කිරීම සදහා විෂය බාර රාජ්‍ය අමාත්‍ය  වරිය ලෙස කටයුතු කර නැති බවද ආනන්ද හරිස්චන්ද්‍ර මන්ත්‍රීවරයා වැඩිදුරත් ප්‍රකාශ කළේය.

මෙම  අවස්ථාවට ලලන්ත ගුණසේකර බස්නාහිර පළාත් සභා මන්ත්‍රී වරයා සහ හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයන් පිරිසක්ද සහබාගීවිය.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 26 posts in ගොසිප් category
Recommended for you
මුස්ලිම් පල්ලිවලට ප්‍රහාර ‘හෙලා දකිනවා’ – ඇමෙරිකාව

මුස්ලිම් පල්ලිවලට ප්‍රහාර 'හෙලා දකිනවා' - ඇමෙරිකාව bbc සිංහල වෙබ්අඩවියෙනි