ගවමස් කියා මීහරක් මස් ජනතාවට කැවීමට උඩගෙඩි දුන් නිලධාරීන්ට නඩු පවරනවාද ?

0
27

කටාන සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වරුන් තමන්ගේ වගකීම් නිසිපරිදි ඉටු නොකරන බව පෙනෙන්නට ඇත.මේ සදහා අපට තිබෙන ආසන්නතම අත් දැකීම වන්නේ කටාන පොලිස් ස්ථානය විසින් අල්ලා ගනුලැබූ මහ හුනුපිටිය ගවඝාතකාගාරයේ කලක් පටන් සිදුකරගෙන එනලද  මිදෙනුන්මරා ගවමස් ලෙස අලෙවි කිරීමයි .

මීගමුව මහහුණුපිටියේ ඝාතකාගාරයක ගැබ්බර මිදෙනුන් මරා මස් කරයි

නිත්‍යානුකූල ලෙස ගවයෙකු මරා මස්කර විකිනිම සදහා ගතයුතු ක්‍රියාමාර්ගකිහිපයක් වන අතර  මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වරුන් විසින් කලයුතු කාර්යන් කිහිපයක්ද ඇත සතා ඝාතනයකිරීමට පෙර පරික්ෂා කලයුතු අතර මස් කලපසුව ඒවා මිනිස් පරිභෝජනය සදහා සුදුසු බවට  මුද්‍රා තබා තහ වුරු කල යුතුය .

අදාල ගවඝාතකා ගාරයට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයෙක් දිර්ගකාලයකින් පැමිණ නැතිබව එහි ඇතුලත තිබු අපවිත්‍ර බව හොදම සාක්ෂියකි.මෙම ස්ථානයේ පමණක් නොව අනෙකුත් ස්ථාන වල තත්වය ද මෙයට වෙනස් විය නොහැක.

මෙයින් පෙනීයන්නේ ජනතාවට ජරාව කැවීමේ යෙදෙන  කුට ව්‍යාපාරිකයන් සමග   කටානේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වරුන් සහයෝගයෙන් ක්‍රියා කරණ බවකි.මස් කඩ පමණක් නොව  කටානේ ඇති ආපන ශාලා  හෝටල් බේකරි බොහොමයක අහාර සකස් කිරිම ඉතාමත් අපිරිසිදු මට්ටමක පවතින අතර මෙයට හේතුව සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරී කාර්යාලයට ඇති වගකීම් නිසි පරිදි  ඉටුනොවන නිසා බවට ජනතාව අතර සංවාදයක් ඇත.

කටාන ප්‍රාදේශිය සභාවට  ද මෙවැනි  ස්ථාන පිලිබදව සොයා බැලීමේ වගකීමක් ඇත.දවසේ පැය 24 රේම සතුන ඝාතනය කල නොහැකි අතර ඒ සදහා අවසර දී ඇති වේලාවන් බලපත්‍රයේ සදහන්කලයුතුය . බලපත්‍රයේ කොන්දේසි උල්ලංඝණය කරමින්  කටයුතු කරණ අවස්ථා වලදී උල්ලංඝණය කල කොන්දේසියේ බරපතල කම අනුව බලපත්‍රය අවලංගු කිරීම දක්වා කටයුතු කිරීමට ඇති නීතිමය ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීම ප්‍රාදේශීය සභාවේ වගකීමකි .

මෙම ප්‍රදේශයේ ග්‍රාමනිලධාරී වරයාට ද තම වසම තුල පවත් වාගෙන යන මෙවැනි මහාපරිමාණ නීතිවිරෝධී කටයුතු පිලිබදව සොයා නොබැලුවේ සහ ඒ පිලිබදව වාර්තා නොකළේ මන්දැයි සොයා බැලීමද බලධාරීන් ගේ වගකීමකි.

මෙම ඝාතකාගාරය මේ අන්දමින් පවත්වාගෙන යමින් කටයුතු කර ඇති වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීමත් ඔවුන් පිලිබදව දෙපාර්ත මේන්තු ප්‍රධානින් වෙත වාර්තා කිරීමටත් කටාන පොලිස් ස්ථානාධිපතිවරයා ක්‍රියා කරනු ඇතැයි ජනතාව බලාපොරොතු තබා ඇත.මීගමුව මහහුණුපිටියේ ඝාතකාගාරයක ගැබ්බර මිදෙනුන් මරා මස් කරයිමීගමුව මහහුණුපිටියේ ඝාතකාගාරයක ගැබ්බර මිදෙනුන් මරා මස් කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here