ගිණිකෙළි කර්මාන්තයේ යෙදෙන සේවකයින්ට නව රක්ෂණ ක්‍රමයක්……..

153

 

 

කිඹුලාපිටිය හා ඒ අවට ගම්මාන ආශ්‍රිතව ගිණිකෙළි කර්මාන්තයේ යෙදෙන සේවකයින් සඳහා රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇත.නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ඉල්ලීම මත ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත මෙම රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කරනු ලබන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සමාගමයි.

මේ පිලිබඳව ගිණිකෙළි නිශ්පාදකයින් දැණුවත් කිරීමේ සාකච්ඡාවක් පසුගිය දා කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.මෙහිදී අදහස් දැක්වූ නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේය. වසර ගණනාවක සිට මෙම ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ගේ ඉල්ලීමක් බවයි.ඒ සඳහා මැදිහත් වූ අතිගරු ජනාධිපතිතුමන්ට තමන්ගේ ස්තූතිය පුදකරන බවත් ව්‍යාපාරිකයින් මෙන්ම සේවකයින්ද තෘප්තිමත් වන ආකාරයට මෙම රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කරන්නට ලැබීම විශාල ජයග්‍රහණයක් බව සිහිපත් කළාය.

එම අවස්ථාවට එක් වූ ව්‍යාපාරිකයන් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ තමන්ගේ කර්මාන්තය ආශ්‍රිතව ගැටළු පැන නැඟුණ අවස්ථාවල ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමා ඊට මැදිහත් වී තමන්ට සහන සලසා දුන් බවයි.එමෙන්ම සුදර්ශිනී පුනාන්දුපුල්ලේ මැතිණියද තමන්ගේ ගැටළු වලට මැදිහත් වී ක්‍රියා කරන අතර මෙම යෝජනාව ගරු ජනාධිපතිතුමාට ඉදිරිපත් කර ප්‍රථම වතාවට මෙවැනි රක්ෂණ ක්‍රමයක් තම සේවකයන් වෙනුවෙන් හඳුන්වා දීම පිලිබඳව සිය ස්තූතිය පල කරන ලදී.

මෙම අවස්ථාවට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පණ්ඩිතරත්න,කටාන ප්‍රාදේශීය ලේකම් රුවන් කිරිඇල්ල මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ව්‍යාපාරිකයින් විශාල පිරිසක් එක්ව සිටියහ

සුමිත් කාරියවසම්,.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 686 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
දෙමවුපියන් නැති දරු තිදෙනාට කටාන පොලිසියෙන් නිවසක්- ඔබටත් සම්මාදම් වීමට ඉඩක්

දෙමවුපියන් නොමැති අනාරක්ෂිත නිවසක ජිවත්වන එකම පවුලේ   දරුවන් තිදෙනෙකුට කටාන පොලිසියේ මැදිහත් වීමෙන්   අංගසම්පුර්ණ නිවසක්...



150x728


150x728