ගුවන් තොටුපළේ හයර් උස්සන තුනක් මාට්ටු

728x150

BIA

කටුනායක ගුවන්තොටුපොලට විදේශ රටවලින් පැමිණෙන මගීන්ට හිරිහැර වෙන අයුරින් දිනපතා සිදු කරන ලද නීති විරෝධි ලෙස කුලී රථ ලබා දීමට කටයුතු කරන පුද්ගලයින් සිවි දෙනෙකු ගුවන්තොටුපොල පොලිසිය විසින්  අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයින් විදේශ රට වලින් පැමිණෙන මගීන්ට හිරිහැරවන අයුරින් අඩු මුදලට කුලී රථ ලබාදෙන බව අගවමින් ගුවන්තොටුපොලේ  හැසිරෙන පුද්ගලයින් කණ්ඩායමක සාමාජිකයින් කීපදෙනෙකු බවත් මොවුන් මිගමුව සීදුව ජාඇල මිනුවන්ගොඩ කටාන යන ප‍්‍රදේශවල පුද්ගලයින් බව කරන ලද පරික්ෂනවලදී අනාවනය කරගෙන ඇති බව පොලසිය පැවසීය.
ගුවන්තොටුපොලේ මෙම නිති විරෝධි කුලී රථ ලබා දෙන කි‍්‍රයාව දිනපතා කෙරෙන බැවින් මගීන්ගේ ආරක්ෂාවට දැඩි ලෙස බලපාන බවත් මෙම කුලී රථ කරුවන් තැරවි කරුවන් මාර්ගයෙන් මගීන් රථ වලට නංවාගෙන මද දුරක් ගොස් පොරොන්දු උනු මුදලට වඩා වැඩි මුදලක් ලබා ගන්නා බව හෙලිවි ඇත
මෙම කි‍්‍රයාව සම්බන්දයෙන් ගුවන්තොටුපොල පොලීසිය නීතිමය කි‍්‍රයාමාර්ගයක් ගන්නා බවත් අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයින්ට නඩු පවරා ඇති බවත් ගුවන්තොටුපොල පොලිස් ස්ථානාධිපති ප‍්‍ර පො ප කොබිබැකඩුව මහතා ප‍්‍රකාශ කලේය.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 20 posts in All category
Recommended for you
මීගමුවේ මහාමාර්ග වල වාහන නැවැත්වීම සීමාකළ අනවසර දන්විම්පුවරු අත් අඩංගුවටගනී

මිගමුව නගරයේ විවිධ  ස්ථානවල නිසි පරිදි ලබාගත් නිත්‍යානුකුල අවසරයකින් තොරව තබාතිබු  නැවැත්වීම තහනම් ඇතුල්වීම තහනම...