චීවරධාරී කපටින් ගෙන් සල්ලාලයන්ගෙන් ප්‍රවේසම් වන්න

අපගේ  වෙබ් අඩවිය මගින් පොතුහැර යටිහේනේ සද්ධාලෝක හිමි නොහොත් හේරත් මුදියන්සේලාගේ කරුණාරත්න නොහොත් වයි.එම් සංජය බණ්ඩාර යනනම් වලින් පෙනීසිටින  චීවරධාරියා පිලිබදව තොරතුරු අනාවරණය කලේ මෙවැනි වංචනිකයන් සල්ලාලයින් ගෙන් සිදුවන රැවටිලිවලින් වංචාවලින් ඔබට ආරක්ෂාවීම සදහායි. එහෙත් මොහුගෙන් විවිධ යාගහෝම  කරගැනීමට  තවමත් විවිධ ප්‍රදේශවල සිටින මොහුගේ තැරැවුකරුවන් මගින් මුලාකරගත් පිරිස් අක්කරපනහේ  මොවුන් පදිංචි නිවසට පැමිණෙන බව අපගේ ආරංචි මාර්ග සනාථ කර ඇත. 66

එසේ පැමිණෙන අයගෙන් විසාල වශයෙන් මුදල් ලබාගන්නා අතර එමමුදල් වලින් කොටසක් තැරැවුකරුවන් අතරේ  බෙදාදෙන අතර ගුරුකම් බොරුබව දැනගත් පසු මුදල් ඉල්ලා පැමිණෙන අය බියවැද්දවිම සදහා මොහු සමග මෙම නිවසේ ජීවත් වන කාන්තාව  විසින්   ඇයට සම්බන්ද මැරයන්ද  යොදා ගැනීම සිදුකරන බවටද අපට තොතුරු ලෑබී ඇත.

  විල්බට්  නමැති මොහු ගේ පියා ගාල්ල  ප්‍රදේශයේ සිට  කුරුණෑගල ප්‍රදේශයට පැමිණ රුහුණු ස්ටෝර්ස් නමින්   සිංහල බෙහෙත්  බඩු කඩයක් පවත්වාගෙන ගොස් ඇත.මොහු 1999 ජුනි මස 18 වෙනිදින  භික්ෂුවක් ලෙස උපසම්පදාව ලබාගෙන ඇත. මොහු කුඩාවැව ගල්අමුණ ශ්‍රී ජයවර්ධනාරාමය නම් පන්සලක 2013 වසර වන තෙක් පමණ ජීවත්ව ඇති අතර  මොහුගෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි තරුණියක් රවටාගෙන සම්බන්ධතාවයක් පවත්වාගෙන  යාමේ  ප්‍රතිපලයක් ලෙස ඇයට මොහුට දාව 2010 ජුලිමස 12 වනදින  ගැහැණු  දරුවෙකු  උපත ලබා ඇත.ජාන පරීක්ෂණ  දෙකකින්  දරුවගේපියා චීවරධාරියා ( සද්ධාලෝක) බව සනාථ වී ඇත.

 සිවුරුහැර විදේශගතව ජිවත්වන බවට නැවතත් එම කාන්තාව රවටමින් 2011.10.08 වනදින හේරත් මුදියන්සේලාගේ  විල්බට් හේරත් ලෙස  ව්‍යාජ නමකින් විවාහයක් ලියපදිංචි කර ගෙන ඇත. විවිධ ප්‍රදේසවල  නිවෙස් මිලදී ගනිමින් කාන්තාවන්  සමග ජීවත් වී ඇති මොහු  එම කාන්තාවන්  තමන්ගේ අක්කා ලෙස ප්‍රදේශවාසීන්ට හදුන්වාදී ඇත.

මොහු සිවුර පොරවාගෙන සිටින්නේ බඩ වඩා ගැනිමසදහා  මිනුසුන් රැවටීමේ උපක්‍රමයක් වශයෙනි.මොහුගේ පිය පරම්පරාවේ හෝ මවුපරම්පරාවේ කිසිවෙකු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පිලිබදව කටයුතු කල අය නොවන බවත් ඔහු පදිංචිවී සිටි පන්සලේ  එවනි කටයුතු පිලිබදව  ප්‍රවීනයෙක් නොසිටි බවත් අප සොයාගෙන ඇත. මොහුගේ  ගැටයට  ලගදි අසුවී ඇති දෙමන්හන්දිය  පැත්තේ  තරුණයෙකුගෙන් මේවනවිට   ලක්ෂයකට වැඩි මුදලක්  විවිධ ශාන්තිකර්ම සදහා ලබාගෙන ඇතිඅතර තරුණයාගේ පියා ව්දේශයක රැකියාව කරන බවද වාර්තාවේ.

මේ චීවරධාරියා ගැන සාකච්චාවට  එක්වූ ගම්වැසියෙක්  කියූ අපුරු කතාවකින් මෙම  ලිපිය අවසන් කරමු  සද්ධාලෝක  මාසෙකට  25000/=ක් නඩත්තු ගෙවනේ 65000/ ලිසිං ගෙවන්නෙ තවත් කාන්තාවන් නඩත්තු කරන්නේ සැපසේ ජිවත් වෙන්නෙ  මිනිහගෙ  බොරුව තේරුම් ගන්න බැරි මෝඩයො වැඩිනිසයි. (මතු සම්බන්දයි)

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 51 posts in අධ්‍යාපණික category
Recommended for you
සයිටම් අරගලය- අද මීගමුවේදී ජනතාව දැනුවත් කිරීමක්

මාලබේ සයිටම් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය මුදලට විකුණන බවත් එක් ශිස්‍යකුගෙන් ලක්‍ෂ120 ක මුදලක් එනම්...



150x728


150x728