ජනමතය තේරුම් ගෙන ආණ්ඩුව සංවරධන විශේෂ විධිවිධාන පනතත් රජයත් අකුලා ගතයුතුයි මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපති

මහජන මතය විමසීම සදහා රජය විසින් පළාත් සභාවලට ඉදිරිපත් කර ඇති සංවරධන විශේෂ විධිවිධාන පනත සියලු පළාත් සභාවලින් පරාජය වනවා. එමනිසා ජනමතය තේරුම් ගෙන පනතත් රජයත් අකුලා ගතයුතු බව කුරුණෑගල දිස්ත්‍රික් පොදුජන එක්සත් පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ සවස මිගමුව බන්ධනාගාරය අසලදී පැවසීය.

හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පලකලේ වැඩිකළ රථවාහන දඩ මුදල් අඩුකරන ලෙස බලකරමින් දෙසැම්බර්  2 දින මීගමුවේ පැවති උද්ඝෝෂණය හා  සම්බන්ධ  චෝදනාවන්  ලැබ අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාර ගත කර  සිටි ආනන්ද හරිස්චන්ද්‍ර සහ ලලන්ත ගුණසේකර යන  බස්නාහිර පළාත් සභාවේ පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රී වරුන් දෙදෙනා ඇතුළු පිරිස ගේ සුවදුක විමසිමසදහා මිගමුව බන්ධනාගාරතුලට ගොස් පිටතට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී මාධ්‍ය වේදියෙකු 2017 වසර පිලිබදව විමසුවිට හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශකලේ ආණ්ඩුව ලබන වසර ආරම්බ කරන්නට සුදානම් වන්නේ රටේ ජාතික සම්පත් විදේශිකයන්ට විකුණා දමමින් සහ ජනතාවට අධික බදු පටවමින් නිසා ලබන වසර රටත් ජනතාවත් අසීරු වසරක් වන බවයි.

මෙම අවස්ථාවටප්‍රසන්න රණතුංග සහ  ප්‍රසන්න රණවිර පාර්ලිමේන්තු යන  මන්ත්‍රීවරුන්  සහ පළාත් සභා මන්ත්‍රී වරුන්ද පැමිනසිටිනු දක්නට ලැබුණි 

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 134 posts in දේශපාලනය category
Recommended for you
අද උදේ අටේ සිට රජයේ වෛද්‍යවරු පිරිසක් වර්ජනයක

ඊයේ විශ්ව විද්‍යාල සිසුන්ට පහර දීමට සහ සයිටම් ආයතනයට විරොධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ...