ජයාරූප ශිල්පීන්ට ආකර්ෂණිය රුප රාමුවක් සදහා උපදෙස්

728x150

මීගමුවේ ටාගට් එක කියන්නේ ප්‍රොපෙසනල්ලා වැඩියෙන් එන යන තැනය. මේ තැන කාලයෙන් කාලයට වෙනස්වේ. මේ වෙනස් වීමට ප්‍රදාන හේතුව වන්නේ වැඩය නොව මුදලය. සත පහට දහයට ප්‍රොපෙසනල්ලා ලැබ ඒක මාරුකරයි .ණය බිල නොගෙවා මගහැරිමට කවුන්ටරයේ සිටින ගැහැණු දරුවෙකුට බොරු කරුණකට බැන අමනාපයක් හදා ගැනීමද ප්‍රොපෙසනල් ගේමකි. සමහර ලැබී හිමියන් ප්‍රොපෙසනල්ලා නොඑනවාට කැමතිය . හේතු දන්නේ ප්‍රොපෙසනල්ලා මය. ප්‍රොපෙසනල් කම්ඇත්තේ විසිටින් කාර්ඩ් එකේ පමණි .අපේ කාලයේ අද වගේ ඩිජිටල් කැමරා තිබුනේ නැත. photo shop පරිගණක වලින් ෆෝටෝ ඈබුවේ නැත.

 1974 දී  මුලින්ම 120 ෆිල්ම් කැමරාවක් පාවිචිචි කලේ අකුරැස්සේ මල්ලිකා ස්ටුඩියෝ එකෙන් දවසේ කුලියට ලබාගනිමිනි.දැන් වගේ ගන්න ගන්න පිංතුරය display එකෙන්  පේන්නේ නැත.සාස්තරය හරියට ප්‍රගුණ නොකර ඒකාලයේ පින්තුර ගන්නවා බොරුය . දැන් පෝන් එකෙන් පොටෝ ගසා ඇල්බම් බාස් කෙනෙකුට දුන්විට ඔලු මාරු කර කද මාරුකර පේජ් ස්ටෝරි බුක් මැගසින් ආදී විවිධ නම් වලින් හදුන්වන පිංතුර එකතුවක් සාදවාගත ගැනීම් සිම්පල් වැඩකි .අවශ්‍ය නම් ඩයනාගේ වෙල්ඒක පමණක් නොව මගුල් ඇදුමද ඇල්බම් බාස් කෙනෙකුට කියා අන්දවා ගතහැකිය. හරි විදියට මෙය හොර වැඩකි හොරකමට දඩුවම් කරන්නේ පැමිණිලක් කලොත්ය.එංගලන්තයේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැත.

 අපේ තාත්තලා ඒකාලයේ සිටි  ඇත්තම ප්‍රොපෙසනල් ෆොටෝ grapher කෙනෙකුට කියා ඇත්තේ මගුල් ගෙදර ෆොටෝ ටිකක් ගහල දෙන්න කියලය.කලුපාට කොලවල අලවා අතරට ටිශු කොල දමා ඇති ෆොටෝ ටික තවමත් හොදට ඇත. මුළු මගුල් ගෙදරම විස්තරය ඒ ෆොටෝ ටිකකේ ඇත.සත්‍ය වශයෙන්ම එය කතන්දර පොතකි.

අපේ ළමයින් සිටින්නේ dgital තාක්ෂණයේ සම්ප්‍රාප්තියත් සමග උඩු යටිකුරුවූ ජයාරූප වෙලද පොලකය එහි සිටිනේනේ ෆොටෝ කැචර්ලාය.අද   ෆොටෝ ටිකක් ගහල දෙන්න ඉල්ලන්නේ නැත ඉල්ලුවත් කරන්නේද නැත. ෆොටෝ graphers ලා මගුල් ගෙදර එහෙමපිටින් පාළනයකල කලයක්ද විය ෆොටෝ කැචර්ලා පැමිණීමත් සමග එම එකාධීපති ස්වරුපය වෙනස්විය.

මගුලක් ජෝඩු වී දින තීන්දු කරගත් ගමන් යන්නේ ෆොටෝ කැචර්ලා සොයන්නටය. යාලුවන්ගේ ෆොටෝ ගහපු අය අන්තර්ජාලයේ සිටින අය ආදී වශයෙන් විවිධ අය ලගට ගොස් ඇල්බම් බලයි. මේවාට යන්නේ ජෝඩුව පමණි.නානාප්‍රකාර.ඇල්බම් ඩිවීඩි පෙන්නා තමන්ට ඕනෑකර තැනට ජෝඩුවේ.මනස සකස් කරන ෆොටෝ කැචර්ලා අන්ඩර් වෝටර් කැසුවල් ආදී ව්විධ් දේවල් සදහා ජෝඩුව කැමති කරවාගෙන සැහෙන අත්තිකාරමක් ලබාගනී ඉන්පසු මල්වතු වෙරළ හෝටල් ආදියේ පොඩි පොඩි දර්සන රුගතකර මගුල් දවසේ තිරයක් දමා පෙන්වයි මේවා දකින අචිචිලා කියන්නේ බදින්නත් කලින් මගුල් නටලා කියලයි.

අද ටාගර්ට් එකේදී පරණ මිතුරෙක් හමුවිය අපි ආගිය තොරතුරු සහ ජයාරූප ශිල්පයේ අද දවසේ අර්බුද පිළිබදවද සාකච්ඡා කරමින් සිටියෙමු. අතක පචචයක් කොටා සිටි කොලුවාට අපේ කතාවට හොට දැමීමට උවමනා වී වචනයක් දෙකක් දැම්මත් අපි ඔහු අපේ කතාවට එකතු කර නොගැනීමට වග බලාගත්තේ ඔහු ඇමචර් කස්ටමර් කෙනක් කියා සිතුවා නිසාය.

අපේ මිත්‍රයාගේ කතාවකට පච්ච්යාට මළ පැන්නේය ඔවු අපි ෆෝටෝ කැචර්ලා තමයි එත් අපිට තියන වැඩ අන්කල්ලට තියනවද. මට මැයි මාසේ වෙඩින් 26ක් තියෙනවා අන්කල් කැමතිනම් වැඩ නැත්නම් ලයිට් අල්ල්ලන්න  එන්න.  මගේ මිත්‍රයාට   පච්ච්යා සමග මලපැන්නේය .පත්තර කාරයෙකුවශයෙන් පච්ච්යාගේකතාව හාර ඇවිසිමට සිතුන නිසා මම නොදැනෙන්න විස්තර ලබාගතිමි. පච්ච්යා සාමාන්‍ය පෙළ දක්වා පාසැල් ගොස් ඇත .ඉන්පසු විවිඩ රැකියා කර අපේ සම්පතා ලග ලයිට් අල්ලන්නට ගොස් ඇත.මම ජයාරූප ශිල්පය ගැන ඉගන  ගත්තේ  කාගෙන්ද කියා ගොන් ප්‍රශ්නයක්‌ ඇසු බව කල්පනාවට ආවේ පච්ච්යාගේ ටෝක් එකෙනි .

පච්ච්යා සම්පතාගේ ලයිට් අල්ලපු කාලයේ කර.ඇත්තේ සම්පත්ගේ ලාබ  අලාබ සෙවීමය. ඒ අනුව පච්ච්යා ෆොටෝ කැචර් කෙනකුවි ඇත.නාබි ගතකිරිම ද්වාරවේගය නාබිගැබුර පච්ච්යා අහලවත් නැත.

අපට වැඩ නැත පච්ච්යාලට වැඩ ඇත. පච්ච්යාට අනුව අපේ වැඩ අලුත් පරපුරට ගැලපෙන්නේ නැත බෙස්ට් මෑන්ලා මුත්‍රා කරන දෙස නිකටේ අත ගසාගෙන ඇත සිට දෙවැනි මනමාලිලා හොරෙන් බලන දර්ශනයක් මනමාලයා මනමාලි ලග දන ගසා සිටින දර්ශනයක් වැනි දර්සන ඇතුලත් පිස්සු කෙලින ප්‍රේම් ඇතුලත් පිටු කීපයක් ස්ටෝරි බුක් වලට දැමීම පච්ච්යාට වෙඩින් වැඩිපුර ලැබීමේ රහසයි.

අපේ කතාවලට මෙතෙක්වෙලා නිහඩව සවන් දී සිටි මගේ මිතුරා පච්ච්යාට දුන්නේඅපුරු උපදෙසකි “මනමාලිගේ  ගවුම් ඉස්සරහින් බෙස්ට්මන් කෙනක් උස්සල එබිලා බලනවා අනෙක් බෙස්ට්මන්ලා ඇගිල්ලක් දික්කරල මනමාලයට ඒක පෙන්නනවා මනමාලයා  උඩ පැනල pit එකක් දානවා“ මේපිටුවත් ඊලග වෙඩින් එකේ ඉදල දානවා තමුසෙට දෙසැම්බරේ වෙඩින් හැටක් සෙට් වෙයි මගේ මිත්‍රයාගේ උපදෙසින් පච්ච්යා කොතරම් උද්දාමයට පත්විදැයි කිවහොත් ටාගර්ට් එකේ ඉහල මහල්වල වැඩ කරන අයත් පහලමහලට එනතුරුත් පච්ච්යා මහහඩින්  යේ..යේ .. කියමින් සිටියේය.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 11 posts in කොත්තුව category
Recommended for you
කටානේ සහ මීගමුවේ මනාප ජන්දයෙන් ගොඩගිය මැති ඇමති වරුන්ගේ අවධානය පිණිසයි

මේ ඔබ දකින්නේ  මීගමුවත් කටානත් වෙන්කරනු ලබන දෙපා ඇළමාර්ග යයි මෙම ඇළෙහි වැසිජලය ගලායාමට ඇතිවන...