ජලයේ කිවූල ඉවත් කිරීම සඳහා RO තාක්ෂණය යොදා ගැනීම

100_3963-500x500

ප්‍රති ආස්‍රැතිය (Reverse Osmosis) හෙවත් RO තාක්ෂණය වර්තමානයේ ජල පවිත්‍රීකරණය සඳහායොදාගෙන ඇති ඉහලමක්‍රමවේදයකි.මෙහිදී ජලයේ දිය වී ඇති විවිධ අකාබනික ද්‍රව්‍ය එනම්සෝඩියම්‚ කැල්සියම්‚ මැග්නීසියම්‚ පොටෑසියම්‚ යකඩ‚ මැන්ගනීස් හා වෙනත් බොහෝ ධනආරෝපිත අයනද ක්ලෝරයිඩ්‚ ෆ්ලෝරයිඩ්‚ කාබනේට‚ නයිට්‍රේට‚ සල්ෆේට ආදී ඍණආරෝපිත අයනද බොහෝ කාබනික සංයෝගද ජලයෙන් වෙන් කර ගත හැකිය. මේ සඳහාජල අණු වලට පමණක් ඒ හරහා ගමන් කල හැකි ජල අණු වලට වඩා ප්‍රමාණයෙන් විශාලඉහත කී ආකාරයේ ධන ආරෝපිත හා ඍණ ආරෝපිත අංශු වලට ගමන් කල නොහැකිප්‍රමාණයේ සිදුරු සහිත පෙරණයක් (RO Membrane) භාවිතා කරයි.මෙම පෙරණයේ සිදුරු ඉතා කුඩා හෙයින් (නැනෝ මීටර 0.1 ප්‍රමාණයේ) ආයාසයකින් තොරවජල අණු එක් දිශාවක සිට පෙරණය හරහා අනෙක් දිශාවට ගමන් නොකරයි. මිරිදිය සඳහාවායුගෝල 2 – 15 දක්වා වන පීඩන‍යක් එහි දිය වී ඇති ලවණ අනුව යෙදිය යුතුය. එමපීඩන‍ය නිසා ජලයේ ද්‍රාවණය වී ඇති ලවණ වලින් වෙන් ‍වන සංශුද්ධ ජලය යම්ප්‍මාණයක් ප්‍රති ආස්‍රැති පටලය (RO Membrane) හරහා ගමන් කොට ලවණ අඩු ජලය අප හටලබා දෙයි.

ප්‍රති ආස්‍රැති පටලය හරහා ගමන් කල නොහැකි විශාල අයන වර්ග සෝඩියම්‚කැල්සියම්‚ මැග්නීසියම්‚ පොටෑසියම්‚ යකඩ‚ මැන්ගනීස් ආදී ධන අයනද ක්ලෝරයිඩ්‚ෆ්ලෝරයිඩ්‚ කාබනේට‚ නයිට්‍රේට‚ සල්ෆේට ආදී ඍණ අයනද බොහෝ කාබනික සංයෝගදවෙන්ව (Reject Water) ප්‍රතික්‍ෂේපිත ජලය ලෙස බැහැරව ගලා යයි. මෙ‍ම ප්‍රතික්ෂේපිත ජලයජල මාර්ගයකට හෝ පසට එකතු වෙයි.මූලධර්ම අනුවම ප්‍රති ආස්‍රැති ක්‍රමවේදය අනුව භාවිතා කල හැකි වන්නේ අප විසින්මූලාශ්‍රයෙන් ලබාගන්නා ජලයෙන් කොටසක් පමණකි. මෙම ප්‍රමාණය 30% සිට 60% දක්වාවිවිධ ප්‍රතිශතයන්ගෙන් වෙනස් වෙයි. අවශ්‍ය පීඩන‍ය ලබා දීම සඳහා විදුලි බලයද යෙදියයුතුය. මෙ‍ම ප්‍රති ආස්‍රැතික්‍රමවේදය යොදා ජලය පවිත්‍ර කිරීම සිදුකරන විටදී අපගේ ලිංවලහා මතුපිට ජල ප්‍රභවයන්හි ජලය පරීක්ෂාවකින් හා නිසි උපදේශයකින් තොරව මෙමඋපකරණයට ඇතුලත් කිරීම නොකල යුතුය. ප්‍රති ආස්‍රැති පටලය (RO Membrane) ඉතා සියුම්හා ඉතා සංවේදී එකක් හෙයින් ඊට යොමු කරන ජලයේ තත්වය කෙරෙහි දැඩි සැලකිල්ලක්දැක්විය යුතුය. ඒ සඳහා පෙර ප්‍රතිකාරක ක්‍රම (Pre Treatment) භාවිතා කිරීම අවශ්‍ය වේ. ප්‍රතිආස්‍රැතිකරණය (RO) සඳහා උපකරණය වෙත යොමු කරන ජලයේ කැලැත්භාවය (Turbidity) NTUඒකක 2කට වඩා අඩු විය යුතුය.

කැලැත්භාවය ඇති කරන අවලම්බිත අංශුන් දිලීර‚ ඇල්ගී‚බැක්ටීරියා ආදිය ඉතා සියුම් ප්‍රති ආස්‍රැති පටලය මත තැන්පත් වී එහි කාර්යක්ෂමතාවයසහ ජීව කාලය අඩුකරයි. ඒ ආකාරයටම ජලයේ ද්‍රාව්‍යතාවය අඩු කැල්සියම්‚ මැග්නීසියම්‚යකඩ ආදී ධන ආරෝපිත අයන ප්‍රති ආස්‍රැතිකරණයට ඍජු ලෙස යොදා ගත හොත් එමඅද්‍රාව්‍ය අයන යම් ප්‍රමාණයක් ප්‍රති ආස්‍රැති පටලය මත තැන්පත් වී එහි කාර්යක්ෂමතාවයසහ ජීව කාලය අඩුකරයි.මේ හේතූන් නිසා කැලැත්භාවය‚ දිලීර‚ ඇල්ගී‚ බැක්ටීරියා‚ කැල්සියම්‚ මැග්නීසියම්‚ යකඩ ආදියඅඩංගු ජලය ‍ඍජු ලෙසම ප්‍රති ආස්‍රැතිකරණයට භාජනය නොකල යුතුය. සාමාන්‍යයෙන්වසර 5ක් ඉක්මවා භාවිතා කල හැකි ප්‍රති ආස්‍රැති පටල (RO Membrane) මාස 3ක් වැනි කෙටිකාලයකින් අවහිර වී නැවත අලුතින් යෙදිය යුතු තත්වයට පත්වීම අනවශ්‍ය පරිදිමුදල්හානියකි.

ධාරිතාවය වැඩි ප්‍රතිආස්‍රැති පවිත්‍රාගාරවලදී ඛඨිනත්වය ඉවත්කිරීමට අමතරව අවසාදනසෑදීම වළක්වන රසායන ද්‍රව්‍යය (Descalents) ද එකතු කිරීම සිදු කරයි. මේ කිසිවක් නොමැතිගෘහස්ථ උපකරණ වල ප්‍රති ආස්‍රැති පටල වසරකට කීප වාරයක් මාරුකිරීමට සිදුවීමකෙතරම් සාධාරණද?ඒ අනුව ජලයේ කැලැත්භාවය ඉවත් කිරීමට කැල්සියම් හා මැග්නීසියම් ඛඨිනත්වයන්(කිව්ල) ඉවත් කිරීමට සහ ජලයේ ද්‍රාව්‍යය යකඩ ඉවත් කිරීමට ප්‍රති ආස්‍රැති තාක්ෂණයභාවිතා කල නොහැකිය; භාවිතා නොකල යුතුය. මෙම ප්‍රති ආස්‍රැති තාක්ෂණය ඒ සඳහාභාවිත කරන්නේ නම් ඉතා කෙටි කාලයකින් අගනා ප්‍රති ආස්‍රැති පටල (RO Membrane) නැවතනැවත යෙදීම‍ට සිදුවෙයි. ජලයේ අඩංගු යම් රසායන ද්‍රව්‍යයක් ඉවත්කිරීම සඳහා ප්‍රතිආස්‍රැති තාක්ෂණය යෙදීමට අවශ්‍ය නම් ජල තත්ව පරීක්ෂාවක් සිදු කර කැලැත්භාවය‚කැල්සියම්‚ මැග්නීසියම්‚ යකඩ ආදිය ඉවත් කිරීමට සුදුසු පූර්ව ප්‍රතිකාරයක් සිදු කිරීමඅත්‍යාවශ්‍ය ‍වේ.

Page 1 of 2කිව්ල ඉවත් කිරීම සඳහා RO තාක්ෂණය ප්‍රති ආස්‍රැතිය (Reverse Osmosis) හෙවත් RO තාක්ෂණය වර්තමානයේ ජල පවිත්‍රීකරණය සඳහා යොදාගෙන ඇති ඉහලම ක්‍රමවේදයකි.මෙහිදී ජලයේ දිය වී ඇති විවිධ අකාබනික ද්‍රව්‍ය එනම් සෝඩියම්‚ කැල්සියම්‚ මැග්නීසියම්‚ පොටෑසියම්‚ යකඩ‚ මැන්ගනීස් හා වෙනත් බොහෝ ධන ආරෝපිත අයනද ක්ලෝරයිඩ්‚ ෆ්ලෝරයිඩ්‚ කාබනේට‚ නයිට්‍රේට‚ සල්ෆේට ආදී ඍණ ආරෝපිත අයනද බොහෝ කාබනික සංයෝගද ජලයෙන් වෙන් කර ගත හැකිය. මේ සඳහා ජල අණු වලට පමණක් ඒ හරහා ගමන් කල හැකි ජල අණු වලට වඩා ප්‍රමාණයෙන් විශාල ඉහත කී ආකාරයේ ධන ආරෝපිත හා ඍණ ආරෝපිත අංශු වලට ගමන් කල නොහැකි ප්‍රමාණයේ සිදුරු සහිත පෙරණයක් (RO Membrane) භාවිතා කරයි. මෙම පෙරණයේ සිදුරු ඉතා කුඩා හෙයින් (නැනෝ මීටර 0.1 ප්‍රමාණයේ) ආයාසයකින් තොරව ජල අණු එක් දිශාවක සිට පෙරණය හරහා අනෙක් දිශාවට ගමන් නොකරයි.

මිරිදිය සඳහා වායුගෝල 2 – 15 දක්වා වන පීඩන‍යක් එහි දිය වී ඇති ලවණ අනුව යෙදිය යුතුය. එම පීඩන‍ය නිසා ජලයේ ද්‍රාවණය වී ඇති ලවණ වලින් වෙන් ‍වන සංශුද්ධ ජලය යම් ප්‍රමාණයක් ප්‍රති ආස්‍රැති පටලය (RO Membrane) හරහා ගමන් කොට ලවණ අඩු ජලය අප හට ලබා දෙයි. ප්‍රති ආස්‍රැති පටලය හරහා ගමන් කල නොහැකි විශාල අයන වර්ග සෝඩියම්‚ කැල්සියම්‚ මැග්නීසියම්‚ පොටෑසියම්‚ යකඩ‚ මැන්ගනීස් ආදී ධන අයනද ක්ලෝරයිඩ්‚ ෆ්ලෝරයිඩ්‚ කාබනේට‚ නයිට්‍රේට‚ සල්ෆේට ආදී ඍණ අයනද බොහෝ කාබනික සංයෝගද වෙන්ව (Reject Water) ප්‍රතික්‍ෂේපිත ජලය ලෙස බැහැරව ගලා යයි. මෙ‍ම ප්‍රතික්ෂේපිත ජලය ජල මාර්ගයකට හෝ පසට එකතු වෙයි. මූලධර්ම අනුවම ප්‍රති ආස්‍රැති ක්‍රමවේදය අනුව භාවිතා කල හැකි වන්නේ අප විසින් මූලාශ්‍රයෙන් ලබාගන්නා ජලයෙන් කොටසක් පමණකි. මෙම ප්‍රමාණය 30% සිට 60% දක්වා විවිධ ප්‍රතිශතයන්ගෙන් වෙනස් වෙයි. අවශ්‍ය පීඩන‍ය ලබා දීම සඳහා විදුලි බලයද යෙදිය යුතුය. මෙ‍ම ප්‍රති ආස්‍රැති ක්‍රමවේදය යොදා ජලය පවිත්‍ර කිරීම සිදුකරන විටදී අපගේ ලිංවල හා මතුපිට ජල ප්‍රභවයන්හි ජලය පරීක්ෂාවකින් හා නිසි උපදේශයකින් තොරව මෙම උපකරණයට ඇතුලත් කිරීම නොකල යුතුය.

ප්‍රති ආස්‍රැති පටලය (RO Membrane) ඉතා සියුම් හා ඉතා සංවේදී එකක් හෙයින් ඊට යොමු කරන ජලයේ තත්වය කෙරෙහි දැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. ඒ සඳහා පෙර ප්‍රතිකාරක ක්‍රම (Pre Treatment) භාවිතා කිරීම අවශ්‍ය වේ. ප්‍රති ආස්‍රැතිකරණය (RO) සඳහා උපකරණය වෙත යොමු කරන ජලයේ කැලැත්භාවය (Turbidity) NTU ඒකක 2කට වඩා අඩු විය යුතුය. කැලැත්භාවය ඇති කරන අවලම්බිත අංශුන් දිලීර‚ ඇල්ගී‚ බැක්ටීරියා ආදිය ඉතා සියුම් ප්‍රති ආස්‍රැති පටලය මත තැන්පත් වී එහි කාර්යක්ෂමතාවය සහ ජීව කාලය අඩුකරයි. ඒ ආකාරයටම ජලයේ ද්‍රාව්‍යතාවය අඩු කැල්සියම්‚ මැග්නීසියම්‚ යකඩ ආදී ධන ආරෝපිත අයන ප්‍රති ආස්‍රැතිකරණයට ඍජු ලෙස යොදා ගත හොත් එම අද්‍රාව්‍ය අයන යම් ප්‍රමාණයක් ප්‍රති ආස්‍රැති පටලය මත තැන්පත් වී එහි කාර්යක්ෂමතාවය සහ ජීව කාලය අඩුකරයි. මේ හේතූන් නිසා කැලැත්භාවය‚ දිලීර‚ ඇල්ගී‚ බැක්ටීරියා‚ කැල්සියම්‚ මැග්නීසියම්‚ යකඩ ආදිය අඩංගු ජලය ‍ඍජු ලෙසම ප්‍රති ආස්‍රැතිකරණයට භාජනය නොකල යුතුය. සාමාන්‍යයෙන් වසර 5ක් ඉක්මවා භාවිතා කල හැකි ප්‍රති ආස්‍රැති පටල (RO Membrane) මාස 3ක් වැනි කෙටි කාලයකින් අවහිර වී නැවත අලුතින් යෙදිය යුතු තත්වයට පත්වීම අනවශ්‍ය පරිදි මුදල් හානියකි. ධාරිතාවය වැඩි ප්‍රතිආස්‍රැති පවිත්‍රාගාරවලදී ඛඨිනත්වය ඉවත්කිරීමට අමතරව අවසාදන සෑදීම වළක්වන රසායන ද්‍රව්‍යය (Descalents) ද එකතු කිරීම සිදු කරයි. මේ කිසිවක් නොමැති ගෘහස්ථ උපකරණ වල ප්‍රති ආස්‍රැති පටල වසරකට කීප වාරයක් මාරුකිරීමට සිදුවීම කෙතරම් සාධාරණද?
Page 2 of 2ඒ අනුව ජලයේ කැලැත්භාවය ඉවත් කිරීමට කැල්සියම් හා මැග්නීසියම් ඛඨිනත්වයන් (කිව්ල) ඉවත් කිරීමට සහ ජලයේ ද්‍රාව්‍යය යකඩ ඉවත් කිරීමට ප්‍රති ආස්‍රැති තාක්ෂණය භාවිතා කල නොහැකිය; භාවිතා නොකල යුතුය. මෙම ප්‍රති ආස්‍රැති තාක්ෂණය ඒ සඳහා භාවිත කරන්නේ නම් ඉතා කෙටි කාලයකින් අගනා ප්‍රති ආස්‍රැති පටල (RO Membrane) නැවත නැවත යෙදීම‍ට සිදුවෙයි. ජලයේ අඩංගු යම් රසායන ද්‍රව්‍යයක් ඉවත්කිරීම සඳහා ප්‍රති ආස්‍රැති තාක්ෂණය යෙදීමට අවශ්‍ය නම් ජල තත්ව පරීක්ෂාවක් සිදු කර කැලැත්භාවය‚ කැල්සියම්‚ මැග්නීසියම්‚ යකඩ ආදිය ඉවත් කිරීමට සුදුසු පූර්ව ප්‍රතිකාරයක් සිදු කිරීම අත්‍යාවශ්‍ය ‍වේ.

W.S.C.A.Fonseka Chief Chemist B.Sc.(Kelaniya SL),Dip.Env.(Colombo SL),M.I.Chem.C Sri Lak Laboratory Services, 265/6, St Josephරැs Street, Negombo.

 

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 64 posts in අධ්‍යාපණික category
Recommended for you
කටානේ සමුර්ධිගම “නිකසල” ගමක්වෙයි

පහන් වැට ජාතික ව්‍යාපාරය” පරිසරය සුරකිමු  ජීවිතය රැකගමු” ව්‍යාපෘතිය යටතේ   නිකසල ගමක්  ( Clean Vlllage)...