ජලසම්පාදන රාජ්‍ය අමාත්‍යවරිය ඩෙංගු ශ්‍රමදානයක


රට පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු රෝගය මර්දනය කිරිම සදහා  කටාන ආසනයේ ග්‍රාමනිලධාරී වසම් කේන්ද්‍ර කරගනිමින් ශ්‍රමදාන ව්‍යාපාරයක් පැවැත්වීමට නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් කටයුතුසමුර්ධිගම දී ආරම්භ කරන ලදී.   කටාන ප්‍රාදේශීය සභාව, කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඇතුළු  ක්ෂේත්‍ර නිලධාරින්ගේද සහයෝගය ඇතිව 2017.05.20 දින පැවැත්විණි.

මෙහිදී ඩෙංගු රෝගය පාලනය සඳහා ගතයුතු පියවර පිළිබදව අවශ්‍ය උපදෙස් ලබාදුන් අතර ඩෙංගු රෝගය වැළදුනු රෝගින්ගේ වත්මන් සෞඛ්‍ය තත්වය විමසීමටද විශේෂඥ වෛද්‍ය සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කටයුතු කළාය.

සුමිත් කාරියවසම්,

 

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 640 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
මීගමුවේ කේරල ගංජා වලට වලානෙන් ප්‍රහාරයක්

පසුගිය 14 වනදින කටාන පොලිස් වසමේදී කේරල ගංජා ග්‍රෑම් 1362 ක් සමග ගංජා   බෙදා හරිමින්...



150x728


150x728